දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රටකට ඕනෑ අපමණ අගයක්" කියලා හදපු ආණ්ඩුව කිරි දරුවන්ට අම්මලාගේ අගය නැති කරනවා
Homeප්‍රවෘත්ති

"රටකට ඕනෑ අපමණ අගයක්" කියලා හදපු ආණ්ඩුව කිරි දරුවන්ට අම්මලාගේ අගය නැති කරනවා

PropellerAds

කිරි දෙන අම්මලා රට යවලා හදන ආර්ථිකය මොකක්ද යැයි එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙම...

මහා පරිමාණ බොරළු කැපිල්ලකින් කෙනෙහෙලිකම් ලබන පුත්තලම
රවී කරුණානායකගේ අගමැති හීනය නිසා මන්ත්‍රීකමටත් තට්ටු? [Video]
වෘත්තීය සමිතියට එරෙහිව මහජන බැංකු සේවකයින්ගෙන් පෝස්ටර් මෙහෙයුමක්..

කිරි දෙන අම්මලා රට යවලා හදන ආර්ථිකය මොකක්ද යැයි එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මේ දිනවල විශේෂ මාතෘකාවක් බවට පත්වෙලා තිබෙන්නේ කාන්තාවන් විදේශගත වන විට සකස් කරන පවුල් වාර්තාව අහෝසි කරන්න ආණ්ඩුව සූදානම් වන එක. එම පවුල් වාර්තාව ග‍්‍රාමසේවකගේ මැදිහත්වීමෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සකස් කොට අනුමැතිය ලබාගන්නවා. අවුරුදු පහට අඩු දරුවන් සිටීම, විදේශ රටකට රැකියාව සඳහා යාමට සුදුසුද යන්න පිළිබඳව එම වාර්තාවේ විස්තර අඩංගු වෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවසර ලබා දෙන්නේ එම වාර්තාවට අනුවයි. මෙම පවුල් වාර්තාව නිසා කිරි දරුවන් සිටින අම්මලා විදෙස්ගතවීම වැළකුණා, පවුල් ආරවුල් ඇතිවීම වැළකුණා. නමුත් රටකට ඕනෑ අපමණ අගයක් කියලා හදපු ආණ්ඩුව කිරි දරුවන්ට අම්මලාගේ අගය නැති කරන විදිහේ නීති සම්පාදනය කරනවා. පවුල් වාර්තාව අහෝසි කරලා  ඕනෑම කාන්තාවක් රට යවන්න තැරැව්කරුවන්ට හා ඒජන්සිකරුවන්ට ඉඩ හදලා දෙන්නයි විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කරමින් ඉන්නේ. රටකට අපමණ අගයක්  ඕනෑ කියන නායකයින් කිරි දරුවන් ඉන්න අම්මලා රට යවන්න හදන ප‍්‍රතිපත්තිය මොකක්ද? කිිරි අම්මලා රට යවලා හදන ආර්ථිකය මොකක්ද? සිංගප්පූරු ගිවිසුම අත්සන් කරලා පිටරට මෑන් පවර් කොම්පැණිවලට පවා මෙරටට එන්න ඉඩ හදන ආණ්ඩුව අපේ රටේ කිරි දෙන මව්වරුන් පවා රට යවන්න හදනවා. මේවා සිදුවෙන්නේ ඒජන්සිකරුවන්ගේ බලපෑම්වලට අනුවයි. ඩිලාන් පෙරේරා ඇමතිවරයාව සිටියදී ඒජන්සිකරුවන්ගෙන් මුදල් අරගෙන විවිධ පදනම් හදලා විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් විනාශ කරලා දැම්මා.”

“වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුත් කටයුතු කරමින් ඉන්නේ ඒ ආකාරයටමයි. විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් කාන්තාවන් විශාල ආර්ථික පීඩනයක ඉන්නවා. ඔවුන් විවිධ තැරැව්කරුවන් හරහා රැකියා ඒජන්සි හරහා කිසිදු පදනමකින් තොරව රට පැටවීමට තමයි පවුල් වාර්තාව අහෝසි කරන්න හදන්නේ. එමගින් පවුල් ඒකක කුඩු පට්ටම් වෙලා ස්වාමිපුරුෂයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා, දරුවන් අනාත වෙලා යන්න ඉඩ හැදෙනවා. ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ නූතන වහල් සේවයක් හදන්නයි. පවුල් වාර්තාව අහෝසි කිරීමට එරෙහිව ළමා කාන්තා කටයුතු ඇමතිනී, බුද්ධ ශාසන ඇමතිවරයා, අධිකරණ ඇමතිනී (හිටපු විදේශ සේවා ඇමතිනී) කැබිනට් එකේ අදහස් පළ කළා කියලා වාර්තා වෙනවා. නමුත් අපි කියන්නේ කැබිනට් එක විදිහටම මෙම ක්‍රියාමාර්ගයට එරෙහි විය යුතුයි කියලා. පවුල් විනාශ කරලා රටට ලැබෙන විදේශ විනිමය ගැන පමණක් හිතන එක රටකට  ඕනෑ අපමණ අගයක් කියන පාඨයට ගැලපෙන්නේ නැහැ. අපි බොහෝ අවස්ථාවල අවධාරණය කොට තිබෙනවා වෘත්තීයමය නිපුණත්වය සහිතව රැකියාවලට ශ්‍රී ලාංකිකයින් යැවිය යුතුයි කියලා. නූතන වහල් සේවය වෙනුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වෙලා වෘත්තීයමය හැකියාව තිබෙන හෙදියන්, විදෙස්ගත කළ හැකියි. ඔවුන්ට විශේෂ ඉල්ලූමක් තිබෙනවා. විශේෂ පුහුණුවක් ලබාදීලා සහතිකයක් ලබාදීලා වෙනම බඳවාගැනීම්කරලා හෙදියන් විදෙස්ගත කළ හැකියි. ඒ වගේම හමුදා සේවයෙන් විශ‍්‍රාම ගිය තාක්‍ෂණික, කාර්මික ආදී පාඨමාලාවන් හදාරපු රැකියා නිපුණතාවයන් සහිත නිලධාරීන් විදේශ රැකියාවලට යැවිය හැකියි. ඒ වෙනුවෙන් ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ට විශේෂ සහතිකයක් නිකුත් කිරීම පමණයි. එසේ කළහොත් දැන් ලැබෙන වැටුපට වඩා වැඩි වැටුපක් ලබාගත හැකියි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රටකට ඕනෑ අපමණ අගයක්" කියලා හදපු ආණ්ඩුව කිරි දරුවන්ට අම්මලාගේ අගය නැති කරනවා
"රටකට ඕනෑ අපමණ අගයක්" කියලා හදපු ආණ්ඩුව කිරි දරුවන්ට අම්මලාගේ අගය නැති කරනවා
http://am.lk/media/k2/items/cache/845e2dae35d4c8f18b5645e5b500d521_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_280.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_280.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy