අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ ප්‍රථම නිල ලියැවිල්ල හෙවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත අද (21) පෙරවරුවේ රැස්වීමට නියමිත...
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ ප්‍රථම නිල ලියැවිල්ල හෙවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත අද (21) පෙරවරුවේ රැස්වීමට නියමිත ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය (Constitutional Assembly) වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙය පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ වල යෝජනාද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලය විසින් පත් කළ අනු කමිටු හයේ යෝජනා සහ මහජන අදහස් විමසීම සඳහා පත් කළ ලාල් විජේනායක කමිටුවේ යෝජනාද ඇතුලත්ව සකස් කරන ලද ලියැවිල්ලකි.
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් වන අතර අද ඉදිරිපත් කිරීමට නියමිත මූලික කෙටුම්පත යලි සාකච්ඡා කිරීමෙන් පසු අදාල වෙනස් කම් සිදුකර පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුය.
එය පාර්ලිමේන්තුවේ දී 2/3 කින් සම්මත කර ගැනීමෙන් පසුව ඇතැම් විට ජනමත විචාරණයකින්ද අනුමත කර ගැනීමට සිදුවිය හැකිය.
කෙසේවුවද ජනමත විචාරණයකට නොයා පාර්ලිමේන්තුවේ දී 2/3 කින් සම්මත කර ගත හැකි කරුණු සම්බන්ධයෙන් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කලේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ය.

COMMENTS