රත්නපුර කොස්පැලවින් ප්‍රදේශයේදී හිමිනමකගේ පහරදීමකින් මියගිය පොලිස් සැරයන් සමරවික්‍රම මහතා ඊට පෙර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ රාජකාරි කරමින්...
රත්නපුර කොස්පැලවින් ප්‍රදේශයේදී හිමිනමකගේ පහරදීමකින් මියගිය පොලිස් සැරයන් සමරවික්‍රම මහතා ඊට පෙර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ රාජකාරි කරමින් සිටියදීද මාරක ප්‍රහාරයක් එල්ල වී ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
2016 වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා උතුරු පලාතේ පැවති හර්තාල් ව්‍යාපාරයක් හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් මහරෝහල ඉදිරිපිටදී බීමතින් හැසිරෙමින් ජනතාවට හිරිහැර කරන ලද පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙම මාරක ප්‍රහාරය එල්ල වී ඇති බවට වාර්තා වේ.
බීමතින් හැසිරෙමින් ජනතාවට බාධා කරන ලද පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් සැරයන් සමරවික්‍රම නිලධාරියාට එහි සිටි බීමත් පුද්ගලයෙකු විසින් බෝතල් ප්‍රහාරයක් එල්ල කොට ඇති අතර එහිදී සැරයන් සමරවික්‍රම නිලධාරියාගේ මුහුණ සහ ගෙල දැඩි ලෙස තුවාල සිදුවීම හේතුවෙන් කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇත.
බරපතල තුවාල ලැබූ සැරයන් සමරවික්‍රම පොලිස් නිලධාරියාගේ තුවාල සුව වූ පසු ස්ථාන මාරුවක් ගෙන රත්නපුර පොලීසියට ගොස් ඇති බවට කිලිනොච්චිය පොලිස් වාර්තාවල සඳහන් වෙයි.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS