ගබ්සාව නීතිගත කිරීම සඳහා වූ බලපාන කරුණු 02 ක් එම සැසිවාරයේ දී යෝජනා කර ඇත. කාන්තාවන් බලහත්කාරයෙන් දූෂණයට ලක්වීම සහ ළදරු කළලය කිසියම් ර...
ගබ්සාව නීතිගත කිරීම සඳහා වූ බලපාන කරුණු 02 ක් එම සැසිවාරයේ දී යෝජනා කර ඇත. කාන්තාවන් බලහත්කාරයෙන් දූෂණයට ලක්වීම සහ ළදරු කළලය කිසියම් රෝගයකට ගොදුරුව විකෘති මිනිසෙකු මෙලොවට බිහිවීම එම කරුණු 02 වෙයි. එම කරුණූ දෙක සැළකිල්ලට ගනිමින් ගබ්සාව තීතිගත කළ යුතු බව ශ්‍රී ලංකා පරාජන්ම සංගමය යෝජනා කළ ද එම යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙතෙක් ලැබී නොමැත. එම යෝජනා ලැබුනු පසු අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක් බවත්, එම නිසා ජීවිත කාලයම දුක්විඳීමට සිදුවන බවයි. එබැවින් විකෘති ළදරු කළල මුල සිටම හදුනා ගනිමින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
COMMENTS