ගා ල්ල දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සී.ඩී.තැටි 797 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ත...
ගාල්ල දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සී.ඩී.තැටි 797 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සහ ආරක්ෂක හමුදා එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ එම දේවස්ථානයේ භාණ්ඩාගාරිකවරයා සහ තවත් පුද්ගලයෙකි.
එසේම මෙම දේවස්ථානය තව්හිත් ජමාත් සංවිධානයට අයත් ප්‍රධාන දේවස්ථානයක් වන අතර අත්අඩංගුවට ගත් CD තැටිවල අන්තවාදී ආගමික දේශන ඇතුළත්ව තිබේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(28) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

COMMENTS