අබුඩාබි රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සහයෝගීතාව වර්ධනය කිරීමට උපරිම සහයෝගය ලබා දෙන බව අබුඩාබි රාජ්‍යයෙහි මානව සම්පත් හා කම්කරු අම...

අබුඩාබි රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සහයෝගීතාව වර්ධනය කිරීමට උපරිම සහයෝගය ලබා දෙන බව අබුඩාබි රාජ්‍යයෙහි මානව සම්පත් හා කම්කරු අමාත්‍ය Saqr Ghobsh මහතා පවසනවා.
අබුඩාබි රාජ්‍යයේ සංචාරයක නිරක් වන අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ(13) අබුඩාබි රටෙහි පිහිටි අබුඩාබි සංවාදයේ ලේකම් කාර්යාලයේදී එරට මානව සම්පත් හා කම්කරු අමාත්‍යවරයා මුණ ගැසි තිබේ.
එහිදී දෙරට අතර පවතින ද්වීපාර්ශවික සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා දෙරටේම නියෝජිතයින් සාකච්ඡා කළ අතර, අබුඩාබි සංවාදයේ සභාපතීත්වය ශ්‍රී ලංකාවට හිමිවීම සම්බන්ධයෙන් සතුටු වන බවත්, එමගින් දෙරට අතර පවතින සහයෝගීතාව තවත් ශක්තිමත් වන බවත් අබුඩාබි රාජ්‍යයෙහි කම්කරු අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, අබුඩාබි රාජ්‍යය ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන සහයෝගීතාව අගය කරන බවය. අබුඩාබි සංවාදයේ සභාපතීත්වය පවතින වසර දෙක තුළ දෙරටේ සහයෝගීතාව තවත් වර්ධනය කිරීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බව ද ඇය කියා සිටියාය.
COMMENTS