දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ සරල බව නැති කිරීමේ කුමන්ත්‍රණයක්?
Homeප්‍රවෘත්ති

ජනපතිගේ සරල බව නැති කිරීමේ කුමන්ත්‍රණයක්?

PropellerAds

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිරූපය බිඳදැමීමේ කුමන්ත්‍රණයක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් යෙදී සිටින බවට වූ පැමිණි...

පැනඩොරා පත‍්‍රිකා යනු නිල වාර්තා නොවේ.. ඒ චෝදනා කිසිවක් ඔප්පු කර නෑ…- දිළුම්
සෑම මුව ආවරණයකින්ම රුපියල් දෙකක් ‘ප‍්‍රඥා බන්දු’ට… ඇමති බන්දුලට විරුද්දව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…
දළදා වහන්සේ මාලිගාවේ නැතිද? ; නිලමේ දෑලට දූෂණ චෝදනා!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිරූපය බිඳදැමීමේ කුමන්ත්‍රණයක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් යෙදී සිටින බවට වූ පැමිණිල්ලක් විජයබා පරපුර සංවිධානය විසින් අද දින (2017/09/02) කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදෙන ලදී.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු විජයබා පරපුර සංවිධානයේ සභාපති සුගීෂ්වර බණ්ඩාර මහතා..

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නිරන්තරයෙන් කැමති එතුමාව සරල චාම් ජනාධිපතිවරයෙක් විදිහට රට දකිනවට. ඇත්තෙන්ම එතුමා බොල්ට් පොයින්ට් පැනෙන් අත්සන් කරලා තමයි රාජ්‍ය නායකයා විදිහට වැඩ බාරගත්තේ. එතුමා ආහාරයට ගන්නේ රජබොජුන් වෙනුවට ගෙදරින් ගේන බත් පත. ඒ වගේ සරල චරිතයක් එතුමාට තියෙන්නේ කියලා හැම විටම ප්‍රකාශ කරනවා. එතුමාගේ සරල ප්‍රතිරූපය විනාශ කරන කුමන්ත්‍රණයක් එතුමාගේ සුවච කීකරු ගෝලයකු වන දුමින්ද දිසානායක අමාත්‍යවරයා හරහා ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා ජනාධිපතිතුමා පරිසරයට ආදරය කරන පුරවැසියෙක් විදිහට පොලීතින් සම්බන්ධයෙන් යම් තහනමක් පැනෙව්වා. මෙහෙම තත්ත්වයක් තියෙද්දිත් එතුමාගේ නායකත්වයෙන්, සභාපතිත්වයෙන් සහ සහභාගිත්වයෙන් පැවැත්වෙන පක්ෂයේ 66 වන සංවත්සරය වෙනුවෙන් Polyvinyl chloride කියන පරිසරයට අහිතකර පොලීතින් වර්ගය භාවිතා කරමින් එතුමාගේ රුව ද සමගින් විශාල කටවුට් විශාල ප්‍රමාණයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශය පුරා ප්‍රදර්ශනය කර තිබෙනවා දැක ගන්න පුළුවන්.

එතුමා ජනාධිපතිවරණයට දුන්න ප්‍රධානම පොරොන්දුවක් තමයි, තමා කිසිදු වැඩකට කටවුට් ගැසීමක් කරන්නේ නෑ ඒ යන මහා ධනස්කන්දය වකුගඩු රෝගීන් සඳහා වන අරමුදලට බැර කරනවා කියලා. මේ වගේ ප්‍රතිපත්තියක් තිබෙන ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමක් තමයි දුමින්ද දිසානායක ඇමතිතුමා කරන්නේ. අපි දැක්කා මේ නිසා සමාජ මාධ්‍යජාල වල ඉතාමත් නිර්ධය ලෙස ජනාධිපතිතුමා විචේචනය කරනවා. එතුමා මේ විවේචනයට ලක්වෙන්නේ දුමින්ද දිසානායක ඇතුළු මේ කල්ලිය කරන වැඩ නිසා. අපි අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා ජනාධිපතිතුමා කටවුට් ගහන්නේ නෑ කියලා පොරොන්දුවක් දීලා තියෙද්දිත් කොහොමද මෙහෙම කටව්ටු ගහලා සැණකෙළි පවත්වන්නේ කියලා. අපි හිතනවා ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය ආරක්ෂා වෙන්නත්, තවදුරටත් එතුමා ජනතාව තුළ සරල ජනාධිපති කෙනෙක් විදිහට තහවුරු වෙන්නත් අවශ්‍ය ආකාරයේ සාධාරණ පරික්ෂණයක් සිදු කරයි කියලා.

අපි හැමවෙලාවෙම එළියේ ඉදගෙන එතුමා කරන වැරදි දේවල් වලට එරෙහිව සටන් කරන කණ්ඩායමක්. නමුත් මේ කුමන්ත්‍රණය දියත් වෙන්නේ එළියෙන් නෙවෙයි ඇතුළෙන්. තමන්ගේ ළගම ඉන්න ගෝලයාගෙන්. කිසිම පුවත්පතක මේක පළවුණේ නෑ. ඒ නිසා ජනාධිපතිතුමනි ඔබතුමා මේ පිළිබදව දන්නේ නෑ කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමා දන්නවා නම් මේක නවත්තනවා කියලා අපි දන්නනවා. මේක පළවුනාට පස්සෙවත් මේ පිළිබද විධිමත් පරික්ෂණයක් පවත්වන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ සරල බව නැති කිරීමේ කුමන්ත්‍රණයක්?
ජනපතිගේ සරල බව නැති කිරීමේ කුමන්ත්‍රණයක්?
http://ift.tt/2xHvbpI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy