හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතිවාදය වපුරමින් නැවත රටේ බලය ලබාගැනීමේ උත්සහයක නිරතව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්ත...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතිවාදය වපුරමින් නැවත රටේ බලය ලබාගැනීමේ උත්සහයක නිරතව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. කඳුරට ජනතා පෙරමුණේ, කම්කරු තරුණ පෙරමුණේ මහා සම්මේලනය අමතමින් ඔහු මේ බව කියාසිටියා.
"මහින්ද මහත්තයගෙ කඳවුර යළි ජාතිවාදය පතුරවනව. ඒගොල්ලන්ට තියෙන්නේ ජාතිවාදය විතරයි සටන් පාඨයක්. ඒගොල්ලන්ට කියන්න බැහැ හොරකම නතර කරනව කියල, ඒ ගොල්ලන්ට කියන්න බැහැ නාස්තිය නතර කරනව කියල, ඒ ගොල්ලන්ට කියන්න බැහැ සාමය ගේනව කියල, ඒගොල්ලන්ට කියන්න පුළුවන් එකම දේ මොකක්ද? උතුරේ කොටි නැගිටිනව. උතුරේ කොටි නැගිටින එක වලක්වන්න මහින්ද මහත්ත්ය ගේන්න ඕන.
මතක මතකතියාගන්න, මහින්දට ඕන තරම් උතුරේ ජනතාවට කොටි නැගිට්ටවන්න ඕන කමක් නැහැ. මහින්දට තමයි ඕන. අපි අපේ දේශපාලනයෙන් ජාතිවාදය ඉවත් කරන්න ඕන."
හැටන් කොටගල, හින්දු සංස්කෘතිත ශාලාවේ දී පැවැති මෙම සම්මේලනයට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක‍්‍රිෂ්ණන් ද එක්ව සිටියා.
COMMENTS