දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති දුමින්දගේ පෙම්වතිය, මධූෂා රාමසිංහ සියල්ල හෙළිකරයි.
Homeප්‍රවෘත්ති

ඇමති දුමින්දගේ පෙම්වතිය, මධූෂා රාමසිංහ සියල්ල හෙළිකරයි.

PropellerAds

මධූෂා රාමසිංහ කියන්නේ පුවත් මවන චරිතයක් වෙලා.  ඇය පසුගිය දවසක මුහුණුපොත හරහා විවිධ ප්‍රකාශ සිදුකළා.  එයට ආසන්නතම සිද්ධිය තමයි දුමින්ද දිසා...

‘ලංකාව සිංහල බෞද්ද රටක් නොවෙයි’ මංගලගේ ප‍්‍රකාශයේ වරදක් නෑ - දඹර අමිල හිමි
හිස්බුල්ලා අධිකරණය නමයි.. තමනට අවශ්‍ය තීන්දුව නොදුන් විනිසුරු මාරු කර අලුත් විනිසුරු ගෙන්වාගෙන අවශ්‍ය තීන්දු ගත් බව කියයි - (video)
ඥාණසාර හිමි නිදහස් කරන ලිපියට ජනාධිපති අත්සන් කරයි
මධූෂා රාමසිංහ කියන්නේ පුවත් මවන චරිතයක් වෙලා. ඇය පසුගිය දවසක මුහුණුපොත හරහා විවිධ ප්‍රකාශ සිදුකළා. එයට ආසන්නතම සිද්ධිය තමයි දුමින්ද දිසානායක සහ ඇයගේ ප්‍රේමය ගැන.

ඒ පුවත අපි ඔබට වාර්තා කළා.

ඇය නැවතත් ඒ ප්‍රේමය ගැනත් ඇයගේ දේශපාලන පිවිසුම ගැනත් මේ විදිහට සියල්ල සිය මුහුණුපොතේ සටහන් කර තිබුණා.

"දුමින්දගේ පෙම්වතියට මහින්දගේ වේදිකාව තහනම් වූයේ නැත.

දේශපාලනය නිසා මා මගේ උත්තරීතර ප්‍රේමය හෑල්ලු කිරීමට සූදානම්ද නැත.

දුමින්ද මහින්ද මහත්තයා හෝ කිසිදු ජේෂ්ඨයෙකුට එරෙහිව පුද්ගලිකව අවි එසවූයෙක් නොවේ.. දේශපාලන බලලෝභීන් විසින් කුමන්ත්‍රණකාරී ලෙස දුමින්ද සහ මහින්ද පාර්ශවය අතර බද්ධ වෛරයක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් බොරදියේ මාලු බාමින් සිටී..

2014 දෙසම්බරය ජීවිතයේ පරිවර්තනීය වෙනසක් සිදුවේ යැයි මා කෙදිනකවත් සිතූයේ නැත.. කුඩා දැරියක්ව සිටි සමයේ ශ්‍රිලනිප තේමා ගීය ගයන්න වේදිකාවට පිවිසි මා වයස අවුරුදු 18 දි ශ්‍රිලනිප පක්ෂ සාමාජිකත්වය ලබා ගත් මා, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ජනපතිවරණ සටනට ලහි ලහියේ සූදානම් වීමි..

ඒ වන විට කලාශිල්පිණියක් ලෙස මා දිනා සිටි පක්ෂ විපක්ෂ ජනතාවට හානියක් නොවන ලෙස මා මගේ දේශපාලනය තිරෙන් පිටුපසට සීමා කල නමුදු මහින්ද රාජපක්ෂ මැතිදුන් වෙනුවෙන් කෙරුනු දේශපාලන වේදිකාව පොත් බෙදාදීමේ ප්‍රධාන ආරාධිත අමුත්තිය මා විය. මේ චායාරූප මුහුණුපොතේ පල කිරීමත් සමග මා හට පක්ෂ විපක්ෂ හිතවතුන් ගොඩනැගෙන්නට විය.. ඒ සියලු අදහස් වලට මා හොදින් සවන් දීමි.

පැවති රාජපක්ෂ පාලන සමයේ අඩුපාඩු ඇති බැවින් ශ්‍රිලනිපයට තනිව ජයග්‍රහණය කරගත නොහැකි බවත් බහුතර ජනතාවගේ ඉල්ලීමට සවන් දිය යුතු බවත් මට පසක් විය.. එ අනූව මුහුණුපොත් හිතවතෙකු මගින් දුමින්ද දිසානායක වෙත යොමු වූ මා අප පක්ෂයේ එවකට සිටි මහලේකම් වරයාට සහය දීමට තීරණය කලෙමි. දුමින්ද දිසානායක පිළිබදව අධ්‍යනය කරත්ම ඔහු ගැන ඇතිවූයේ මහත් වූ ගෞරවයකි. ඔහු තරුණයෙක් ලෙස පක්ෂයත් රටත් තම පියා ඇතුලු ශ්‍රිලනිප ජේෂ්ඨ නායකත්වයත් වෙනුවෙන් සටන් වදිනු දුටු මා ඔහු කිසිවිටෙකත් තනි නොකිරීමට සිතා ගතිමි. මේ පැහැදීම සංසාරගත බැදීමක පුනරාගමනයක් බවට පත් වෙද්දී මා ඔහුගේ ප්‍රේමයේ උරුමක්කාරිය බවට පත් වීම සමහරුන්ට දරා ගැන්මට ඉතා අපහසු විය.. කෙසේ නමුදු නිහඩ මා හට දිනෙන් දින දුමින්ද නම පටලවා චරිත ඝාතනයන් නින්දා අපහාසයන් පැමිණවීම සීමාව ඉක්මවන්නට තරම් විය.. තරුණියක ලෙස සියල්ල අහිමිව සිටි අදුරු සමයක මට හිමි වූ මගෙ සංසාරගත පෙම්වතා වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කොට ඔහු ඔසවා තැබීමට බාහිර සමජයේ කිසිවෙකුගේ අවසරයක් මට අවශ්‍ය නොවිනි.. දුමින්ද ගේ මනුෂ්‍යත්වය මා හොදින් දනී.. එබැවින් මා එයට වන්දනාමාන කලෙමි.

එහෙත් යහපාලන ජයග්‍රහණයෙන් පසු සිදුවූයේ නොසිතූ දෙයකි.. මමද මේ ජයග්‍රහණයේ ලොකුම කොටස් කාරියක බවට පත්ව ඇතිබැව් හැගෙන්නට පටන් ගත්තේ මා වටා රැස්ව බොහෝ ඉල්ලීම් කල ආදරණීය ජනතාව තුලිනි. දැන් ඔවුන්ගේ වගකීම් පැහැරහැරීමට කිසි ලෙසකවත් නොහැකි බව මට පසක් විය.. දුමින්ද මගෙ ජීවිතය තුල මා උත්තරීතරත්වයෙන් සැලකූ මගෙ පෙම්වතා මිස කිසි කලෙකවත් ඔහු මාගේ කාර්‍යාලීය හිථ්වතෙකු කරගැනීමට මට හැකියාවක් නොමැති බැවින් මා මෛත්‍රීපාල සිරිසේන ,රනිල් වික්‍රමසිංහ ප්‍රමුක යහපාලන නායකවරුන් හමුවී මගෙ ජනතාව වෙනුවෙන් යහපාලනය ප්‍රායෝගික කරලීමට අවශ්‍ය සහය ඉල්ලා සිටියෙමි. කිසිදු අවස්තාවක කිසිදු හේතුවක් මත මා මගෙ පෙම්වතාගෙ නම පාවිච්චි කලේ නැත. කණගාටුවට කරුණනම් යහපාලනය ඉල්ලූ කිසිදු ජන නායකයෙකුට යහපාලනය ප්‍රායෝගික කරලීමේ කිසිදු අවශ්‍යතාවයක් නොවිනි. ජයග්‍රහණයෙන් පසු මොවුන්ගේ අරගලය වූයේ ඒකාබද්ධ විපක්ෂ බලපෑමෙන් මිදී තමාගේ බලය රැකගැනීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම පමණි.

මා අප්පච්චිට විරුද්ධ වූ දුවෙක් වගේ යැයි මට හැගුනේ ජනවාරි 08 වෙනි දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයෙන් පිටව යන මොහොතේදීයි.. එදා හදවතට දැනුණු වේදනාව මහා කදුලු ගංගාවක් විය. ජයග්‍රහණයේ හැගීමක් නොවේ. රටම එක මල ගෙයක අදුරු ස්වභාවයක් විය. මමවත් දුමින්දවත් අප දේශපාලන මතය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව වචනයකුදු හෝ කතා නොකලෙමි. අපට තිබූ ගැටලුවනම් මහින්ද රාජපක්ෂ මැතිදුන් වටා රැස්ව සිටි සටකපටි දූශිතයින් මේරටත් ජනතාවත් මුලා කරන අන්දමයි. අප එයට එරෙහිව සටන් වැදුනා පමණි. ඉන් වේදනාවට පත් වූ ජනතාව අප වටා එක් විය.

එනමුදු යහපාලන ජයග්‍රහණයෙන් පසු දුමින්ද පක්ෂ මහලේකම් වරයා වීමත් සමග නැවතත් අප නායකයින් දූශිත යැයි හැදිනූ පුද්ගලයන් නැවත යහපාලනය වෙත කැදවා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සැලුම් දොර විවර කලේය. මා ඔහු මුණගැසී කෙලින් ගැටලුව පැවසූයෙමි. රටේ විධායක ජනාධිපතිට එරෙහිව ඔබ තුමා වෙනුවෙන් කෙලින් හඩක් නගන්න කිසිවෙක් නැති මොහොතේ මා වේදිකාවට පිවිසියේ මගේ ජීවිතයද පරදුවට තබා ගනිමිනි. ජනපතිදුනි , මෙම තීන්දුව නිසා මුලු රටක් ඔබට ශාප කරනවා… කරුණාකර මෙය වෙනස් කිරීමට කටයුතු කරන්න, දූශිතයින් සමග ගොඩනගන යහපාලනය කුමක්දැයි මා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් හමුවෙ ප්‍රශ්ණ කලෙමි . එහෙත් ජනතා සේවකයා යැයි පවසා බලයට පත් ඔහුගේ පිළිතුර වූයේ තමා බලයට පත් කල ජනතාව පිළිබදව කිසිදු තැකීමක් නොකරන පිළිතුරකි. ඔහු සුහදව මා හට පැවසූයේ ලබන සතියේ මා හමුවී මේ ගැන සාකච්ඡා කරන්න ඔබතුමියට අවස්තාව දෙන්නම්, දැන් කිරිබත් කෑල්ලක රස විදින ලෙසයි. එදා සිංහල අලුත් අවුරුදු දිනයකි. මා සමාව ගතිමි . නායකතුමනි මාගෙ රටේම ජනතාව ඔබ ඇතුලු ඔබ බලයට පත් කරගත් අපට ශාප දෙන මේ මොහොතේ මට කිරිබත් රස විදීමේ හැකියාවක් නැත.. මෙය මා කිසිබත් නොකන අවුරුද්දයි යනුවෙන් පවසා මා පිටව ආවෙමි.

යහපාලනය තුලින් පක්ෂ විපක්ෂ ජනතාවට සේවය ලබා දීමට මා නොදැරූ වෙහෙසක් නැත.. මාගෙ පුද්ගලික ජීවිතයේ කටයුතු පවා අඩාල කරගනිමින් ජනතා සේවයටම කැප වීමි. එහෙත් යහපාලකයින් වසල ගුණ පිළිබිඹු කරමින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙ පවුලේ සාමාජිකයන්ගෙන් පලි ගැනීම තුල අප ලංකා ඉතිහාසයේ කීර්තිධර නායකත්වයට බලපෑම් එල්ල කරනු ඉසිලිය නොහැකි විය, ගංවතුර , සාලාව අවි ගබඩාව පිපිරීයාම යහපාලකයන්ගේ සැබෑ තත්වය පිළිබද කෙරුනු විශේෂ හෙළිදරව්වක් විය.. කිසිදු අවසරයකින් තොරව මා යහපාලනයට එරෙහි පළමු වෙඩි මුරය තැබූයෙමි.

එහිදී පක්ෂ විපක්ෂ බොහෝ නායකවරුන් මගෙන් ඒ පිළිබදව විමසූ අතර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මා තතු පැහැදිලි කලෙමි. අපට වැරදුනා සර්… ඒ වරද නිවැරදි කරන්න අද සෝභිත හිමි අප අතර නෑ.. එහෙත් මා තවත් මේ වරදේ කොටස්කරුවෙකු වීමට සූදානම් නෑ..

මා දුමින්දගෙ පෙම්වතිය බව දැන දැනමත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු වූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මාගේ ස්වාධීන මතයට ගරු කල අතර පැවති ක්‍රමයේ අඩුපාඩු තිබූ බවත් එ නිසා ඔබලා ඇති කල යහපාලනය තුල රට විකිණීම බලා සිටිය නොහැකි බවත් පවසද්දී සිදු වූ ඓතිහාසික වරදේ බරපතලකම මට දැනෙන්නට විය.

මා බුලත් දී දෙපා නැමැදි එකම ජන නායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගෙන් මා සමාව අයැදි අතර මෙම විනාශ කාරී වෙනස වෙනස් කිරීමට මා දිවිහිමියෙන් කැපවෙන බවත් මා මහින්ද රනිල් හෝ මෛත්‍රී වාදියෙකු නොවන බවත් මගේ රටේ පොදු ජනතාව වෙනුවෙන්ම කැපවෙන ජනතාවාදියෙකු බවත් ඒ ඔස්සේ ලක්මවට හඩක් මේ මොහොතේ සහයෝගය ඔබතුමා ඇතුලු ඒකාබද්ධ විපක්ෂයට පුදකරන බවත් දන්වා සිටියෙමි..

ප්‍රජාතන්ත්‍රවාදය ගරුකල මා ජේෂ්ඨ ජනනායක අතිගරු මහින්ද රාජපක්ෂ මහතා එය ඉතා ඉහලින් අගය කල අතර ස්වාධීනව මාතෘභූමියත් ජනතාවත් වෙනුවෙන් කැපවී කටයුතු කරන්න මා ගත් තීන්දුව ඉතා ඉහලින් ඇගයූ අතර දුමින්දගෙ හිටපු පෙම්වතිය වූ මට කිසිදාක මහින්ද වේදිකාව තහනම් කලේ නැත.. ඒ අප ජේෂ්ඨ ජනනායක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් සතු වු ජේෂ්ඨත්වයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයයි.

එහෙත් මහින්ද වාදී යැයි කියාගත් සයිබර් වීරයන් මා දුමින්දගෙ පිල්ලයක් ලෙසත් මා විශ්වාස නොකරන ලෙසත් ප්‍රභන්ද ගොඩනගා රට වෙනුවෙන් මා ඉටු කල කැපවීම් ඒ හිවලුන්ගේ පයට පාගන්න තැත් කිරීම, යහපාලනයෙන් ආ බව පවසමින් දුමින්ද සහ මා පිලිබද චරිත ඝාතනයන්හි යෙදීම, මාගේ ආහාරයට විසක් එක් කිරීම, නාමල් සහෝදරයා සහ මා පිළිබදව පුහු ප්‍රභන්ද ගොඩනැගීම ඉතා නින්දිත ක්‍රියාවන් ලෙස සලකන අතර මෙවරද අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ට යම් කිසි දේශපාලනමය හානිකර තත්වයක් ඇතිවුව හොත් ඒ සියලු වගකීම් මේකියන සයිබර් වීරකම් දොඩමින් මහින්ද නම විකුණන් කමින් මහින්ද පාක්ෂිකයන්ගෙන් කප්පම් ගනිමින් ජනතාව මුලා කරන, කිසිදු දේශපාලන හෝ ජන වින්‍යානයක් නොමැති මේ සයිබර් කල්ලි කණ්ඩායම් විසින් දැරිය යුතු බව දන්වා සිටිමි."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති දුමින්දගේ පෙම්වතිය, මධූෂා රාමසිංහ සියල්ල හෙළිකරයි.
ඇමති දුමින්දගේ පෙම්වතිය, මධූෂා රාමසිංහ සියල්ල හෙළිකරයි.
http://ift.tt/2f1P4n5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_197.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_197.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy