ඊයේ සන්ධ්‍යාව වන විට නොරොච්චෝලේ විදුලි කාර්මික සේවකයන්ද වැඩවර්ජනයට සහය දැක්වීම හේතුවෙන් නොරොච්චෝලේ බොයිලේරු වලට ජලය එක් කිරීම වැනි අත්‍යා...
ඊයේ සන්ධ්‍යාව වන විට නොරොච්චෝලේ විදුලි කාර්මික සේවකයන්ද වැඩවර්ජනයට සහය දැක්වීම හේතුවෙන් නොරොච්චෝලේ බොයිලේරු වලට ජලය එක් කිරීම වැනි අත්‍යාවශ්‍ය සේවා ඇණ හිට ඇති අතර තවත් දින හතරක කාලයක් වැඩවර්ජනය අඛණ්ඩව පැවතුනහොත් විදුලිය බෙදා හැරීම දැඩි අර්බුදයකට පත්වන බවයි මාලක වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.
වැඩවර්ජනය අත්හිටුවා සේවයට වාර්තාකරණ ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෘත්තීය සමිති නායකයන් ඇතුළු සේවකයන් දැනුවත් කර ඇති බවත් වැඩවර්ජනය ක්‍රියාත්මක වූ පසුගිය 14 සහ 15 වැනි දින නිවාඩු ලෙස සැලකීමට එකඟ වන බවත් ඔහු දන්වා ඇතැයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
" වැඩවර්ජනය අත්හිටුවීමට මෙතෙක් තීරණයක් ගෙන නැහැ. අපි වැටුප් වැඩි කිරීමක් ගැන නෙවෙයි කියන්නේ. විදුලි බල මණ්ඩලයේ දුෂණ නැවැත්වීමයි කළ යුත්තේ. ආණ්ඩුවට පුළුවන් ඒ ගැන කෙළින් තීරණයක් ගන්න. ඒ වගේම තමයි දැන් මතයක් හදනවා වැඩවර්ජනයේ ඉන්න අය කඩාකප්පල්කාරී ලෙස විදුලිය බිඳ වැටීම් සිදු කරන බවට. අපි අවධාරණය කරලා කියනවා වැඩවර්ජනයේ ඉන්න කිසිකෙනෙක් එහෙම වැඩ කරන්නේ නැහැ. අපිට රටේ ජනතාව එක්ක ප්‍රශ්නයක් නැහැ. අපිට දැන ගන්න ලැබෙන විදිහට කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකරන්නේ ආණ්ඩුවේ පාර්ශවයෙන්. එහි යටි අරමුණ වෘත්තීය සමිති නායකයන් සැලසුම් සහගත ලෙස අත්අඩංගුවට ගෙන වැඩවර්ජනය කඩාකප්පල් කිරීම. අපි අභියෝග වලට බය නැහැ."
කෙසේ වෙතත් ඉල්ලීම් දිනා ගැනීමකින් තොරව වැඩවර්ජනය අත්හිටුවීමේ තීරණයක් නැතැයි මාලක වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS