ශ්‍රී ලංකා රජයේ මානව හිමිකම් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අප්‍රසාදය පළවෙමින් තිබූ වකවානුවක විදේශීය වෙළෙඳ ගනුදෙනු සංවිධානය කර දීම...
ශ්‍රී ලංකා රජයේ මානව හිමිකම් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අප්‍රසාදය පළවෙමින් තිබූ වකවානුවක විදේශීය වෙළෙඳ ගනුදෙනු සංවිධානය කර දීම සඳහා මහින්ද රාජපක්ෂ රජය විසින් එක්සත් රාජධානියේ මන්ත්‍රීවරයකුට රුපියල් දෙකෝටියක් වියදම් කර ඇතැයි බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.
අගමැති තෙරේසා මේගේ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බහුතරය ලබාදීමට දැන් හවුල් වී සිටින ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂයේ (DUP) මන්ත්‍රී කනිෂ්ඨ ඉයන් පේස්ලි 2013 දී දෙවතාවක්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ වියදමින් දරු පවුල සමග නිවාඩු ගතකළ බව ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත හෙළිදරව් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දැරූ වියදම බ්‍රිතාන්‍ය පවුම් දස දහසකි.
බ්‍රිතාන්‍ය මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය අනුව පවුම් 300 කට වැඩි මුදලකින් ලබන ආධාර දැනුම් දිය යුතු වෙතත් ඔහු ශ්‍රී ලංකාවෙන් ලද තෑගි වශයෙන් මාර්තුවේ සහ ජූලියේ ගතකළ නිවාඩු පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කර නැති බව පුවත්පත පවසයි.
හෙලිකොප්ටර් සහ බෙන්ස්:
මන්ත්‍රීවරයාට සිය බිරිඳ සහ දරුවන් සිව් දෙනා සමගින් දිවයිනට පැමිණීම සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට, තරු පහේ හෝටල්වල ලැගුම් ගැනීමට, හෙලිකොප්ටර් සහ රියැදුරන් සහිත බෙන්ස් රථ වලින් රට වටා යාමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සියලු වියදම් කළ බව තහවුරු කිරීමට සමත් ලියකියවිලි තමන් සතුව තිබෙන බව එහි දැක්වෙයි.
යුරෝපය විසින් GSP+ තහංචිය පනවා තිබූ එම වකවානුවේ ශ්‍රී ලංකාවේ කළ සංචාරවලදී ඕමානයේ සහ නයිජීරියාවේ තෙල් සමාගම් සමග වෙළෙඳ ගිවිසුමකට එළඹීමට උපකාරී වන බව ශ්‍රී ලංකාව සඳහා වන සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයා පවසා තිබේ.
කන්ඩලම හෙරිටන්ස්, අහුන්ගල්ල හෙරිටන්ස්, පාසිකුඩා ඇමතිස්ට් රිසෝට් සහ මහනුවර අර්ල් රීජන්සි ඇතුළු තරු පහේ හෝටලවල නවාතැන් ද, පින්නවල අලි අනාථාගාරය, අහුන්ගල්ලේ කැස්බෑ සංරක්ෂණාගාරය නැරඹීම සහ සීගිරි ගල නැගීමද බ්‍රිතාන්‍ය මන්ත්‍රී පවුලේ සැප නිවාඩු දෙකට ඇතුලත් වී ඇත.
මීට අමතරව, සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් සමග 2012 දී ද, පවුම් 3400 ක වියදමින් 2013 නොවැම්බරයේ දී ද ශ්‍රී ලංකාවේ කළ සංචාර පිළිබඳව ඉයන් පේස්ලි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
2012 සර්වපාක්ෂික සංචාරය තහවුරු කර ඇති ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසා ඇත්තේ ‘පුද්ගලික සංචාර’ ලෙස හැඳින්වූ අනිකුත් ගමන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ නොහැකි බවයි.
මේ ආණ්ඩුව සමගත් :
පසුගිය රජය සමග පමණක් නොව වර්තමාන රජය සමගද වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් ද උතුරු අයර්ලන්ත ආසනයක් නියෝජනය කරන බ්‍රිතාන්‍ය ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරයා මැදිහත් වෙමින් සිටී.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන සමග පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ගන්නා ලද ඡායාරූපයක් මේ සතිය මුලදී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ඉයන් පේස්ලි මන්ත්‍රීවරයා පවසා තිබුනේ මහකොමසාරිස් වරිය සමගින් ‘පශ්චාත් බ්‍රෙක්සිට්’ වෙළෙඳ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.
බ්‍රෙක්සිට් යනු බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් පිට වීමයි. යුරෝපා සංගමය සමග පවතින වෙළෙඳ ගනුදෙනු දැනට බ්‍රිතාන්‍යයටත් වලංගු වන නමුත් 2019 වසරේ මැද පටන් බ්‍රිතාන්‍යයට වෙනත් රටවල් සමග වෙළෙඳ ගිවිසුම් අලුතින් අත්සන් කිරීමට සිදුවේ.
කෝටි දෙකක නිවාඩුවක් ලබා දුන් ආණ්ඩුවකට ගනුදෙනුවක් ලබා ගැනීම සඳහා පේස්ලි මන්ත්‍රීවරයා තමන්ගේ ආණ්ඩු බලය යොදා ගන්නේ දැයි මෙම ඡායාරූප විසින් කුකුසක් මතු කර ඇති බව ටෙලිග්‍රාෆ් පුවත්පත පවසයි.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසා ඇත්තේ වත්මන් බ්‍රිතාන්‍ය රජය බලයේ තබා ගැනීම සඳහා DUP පක්ෂය දෙන සහාය ගත් කල ඉයන් පේස්ලි ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර වෙළෙඳ සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ගැලපෙන අයකු ලෙස සැලකෙන බවයි.
‘අපහාසාත්මකයි’
ටෙලිග්‍රාෆ් පුවත්පත පලකළ තොරතුරු ප්‍රතික්ෂේප කරමින් තම නීතිඥ පෝල් ට්වීඩ් ලියා ඇති ලිපියක ඡායාරූපයක් ඉයන් පේස්ලි මන්ත්‍රීවරයා සිය සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ මුදලින් සැප සවාරි ගිය බවට දැක්වෙන තොරතුරු “කරුනු වලින් හෝ තාර්කික බවින්” තොර සහ “අපහාසාත්මක” යයි පවසන පේස්ලි මන්ත්‍රීවරයා ඒ පිළිබඳව පාර්ලිමේන්තු ආචාරධර්ම පිලිබඳ කොමසාරිස්වරයාට දැනුම් දුන් බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැනුම් දී තිබේ.
හෙළිදරව් වී ඇති තොරතුරු සිත කළඹන සුළු යයි පවසා ඇති ලේබර් පාක්ෂික ශිවොන් මැක්ඩොනා මන්ත්‍රීවරිය “පස්සා දොරින්” වෙළෙඳ ගනුදෙනුවක් කිරීමට ඉයන් පේස්ලි මන්ත්‍රී වරයා සැරසෙන්නේදැයි සැක පලකොට තිබේ.
“ශ්‍රී ලංකාවට ඇත්තේ නරක මානව හිමිකම් වාර්තාවක්,” යැයි දෙමළ ජනතාව සඳහා වන සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමේ උප සභාපතිනිය ද වන මන්ත්‍රීවරිය පවසයි.
“තන්ත්‍රයක් වෙනුවෙන් පෙනී සිටින්න උවමනාවක් තියෙන කෙනෙක් ඉන්නවානම්, පවුලේ අයටත් එක්ක දෙන නිවාඩු බාර ගන්නේ ඇයි? ඒක ඒගොල්ලන් දක්වන මතයේ අවංක භාවය සහ වලංගු භාවයට හානි කරන බව ඒගොල්ලන්ටයි, ආණ්ඩුවටයි හොඳාකාර තේරෙන්න ඕනේ.”
බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකුගේ නිවාඩුව වෙනුවෙන් පසුගිය ආණ්ඩුව විසින් දරන ලද බවට ප්‍රකාශයට පත්වීමත් සමග ආන්දෝලනයට ලක්වී ඇති කෝටි දෙකක වියදම සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිචාරය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනගැනීමට ගගන දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත.
(radiogagana)

COMMENTS