රුපියල් කෝටි හැටක රජයේ මුදල් අවභාවිතා කොට සිල්රෙදි බෙදා දීමේ වරදට දැනට බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලිසංදේශ...

රුපියල් කෝටි හැටක රජයේ මුදල් අවභාවිතා කොට සිල්රෙදි බෙදා දීමේ වරදට දැනට බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලිසංදේශන නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට නිදහස් කරගැනීම සම්බන්ධයෙන් අරමුදලක් පිහිටුවීමට සැලසුම් කොට ඇති බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.
ඊයේ(11) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ කියා සිටියෙ ලබන 15 වැනිදා සිට ලබන 18 වැනිදා දක්වා රට පුරා මුදල් එක්රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනුයේ මෙම සිල්රෙදි බෙදා දීම සම්බුද්ධ ජයන්ති මහෝත්සවය සඳහා පත් කළ රාජ්‍ය කමිටුවේ නිර්දේශයකට අනුව ජනාධිපතිවරයාගේ නියමයෙන් සිදුකරන ලද්දක් බවය.
COMMENTS