අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බස් රථ වර්ජනය අත්හිටුවීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. මාර...
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බස් රථ වර්ජනය අත්හිටුවීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
මාර්ග නීති කඩකරන රියදුරන් සඳහා රුපියල් 2500ක අවම දඩයක් පැනවීමට අය වැයෙන් යෝජනා කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරන බව අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග අද(14) පස්වරු 5ට සාකච්ඡාවක් පැවැත්වෙන බවද එම සාකච්ඡාවේදී වර්ජනය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න ප්‍රකාශ කරන බව හෙතෙම පැවසී ය.
ඒ අනූව මුදල් ඇමතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු යෝජිත වැඩවර්ජනය අතහැර දැමීමට තීරණය කළ බව ගැමුණු විජේරත්න මහතා පසුව සඳහන් කළේය.
අවම දඩයට විරෝධය පළකර මේ ආකාරයට බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවද ඉකුත් සතියේ ඔහු කියා සිටියේ කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් නැති නිසා මේ මස 15දා බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බවකි.
COMMENTS