වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී ඒ මහතා මෙසේ අදහස...
වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මාත් එක්ක දේශපාලනය කරන ඉන්නවා තරුණ සාමාන්‍ය ජනතාව.මේ පැත්තේ දේශපාලනය කරන්නේ කොළඹ හතේ මිනිස්සු එක්ක ටයි කෝට් කාරයෝ නෙවෙයි. මම යනකොට ඔය අලි බලන්න කැලේ යනකොට මේ කට්ටිය එනවා පස්සෙන්.එහෙම ගිය හතර දෙනෙකුට මඩ ගැහුවා. එදයින් පස්සේ දැන් අවුරුදු දෙකහමාරකට මේ කට්ටියකට කවදාවත් කුඩු චෝදනා එල්ල වෙලා නැහැ. සුමාන තුනක් ඇතුලත ඒ ගිය 4 දෙනාගෙන් 3 දෙනෙක් ඇල්ලුවා. ගෙදර කුඩු තිබුණා, පිහි තිබුණා, කඩු තිබුණා කියලා. මේ ඔක්කොම කරන්නේ මේ දේශපාලන වැඩ. මේකට විරුද්ධව මම සටනක් ගෙනියනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
"අපි දන්න විදිහට නම් මේක තාමත් අද රටේ තත්ත්වය අනුව සර්ච් එකක් කරන්න ගෙදරකට බහින්න සර්ච් වොරන්ට් එකක් තියෙන්නේ ඕනේ. ඒ මුකුත් නැතුව ගෙවල් වලට පැනලා මිනිස්සු අල්ලාගෙන යන්නේ. අඩු ගානේ මම කියන්න ඕනේ අපි මහින්ද රාජපක්ෂලා එක්ක මරාගෙන මැරෙන සටනට බැහැලා ඉන්දැද්දීවත් අපේ ආධාරකරුවන්ට කුඩු පැකට් දාලා අල්ලන් ගියේ නැහැ කුඩු තිබුණා කියලා.දැන් ඒ තත්වෙට වැටිලා තියෙනවා.”යැයිද ඒ මහතා පැවසිය.
COMMENTS