දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවුරුදු 2100ට පසු මතුවී ඇති නිවැරදි බුදු පණිවිඩය හරහා ආගමික විප්ලවයක්!
Homeප්‍රවෘත්ති

අවුරුදු 2100ට පසු මතුවී ඇති නිවැරදි බුදු පණිවිඩය හරහා ආගමික විප්ලවයක්!

PropellerAds

මරණින් පසුව නොව සුනීත සෝපාක ආදීන් ග්‍රහණය කළා සේ දැන්ම, එකෙනෙහිම, තමා තුලින්ම නිවන් මගට අවතීර්ණ විය හැකි තත්වයක් දැන් උදා වී ඇත. මෙම ලිප...

"මම බය නැහැ ඇත්ත කියන්න-ට්‍රම්ප් කියන්නේ බොරු...අපිට කොරෝනා රෝගීන් බේරගන්න පහසුකම් නැහැ" - ඇමෙරිකාවේ වෛද්‍යවරියක් සියල්ල හෙළිකරයි - (video)
ඉතාලිය වාර්තාවක.. දිනක් ඇතුලත කොරෝනා මරණ 919යි !
කොරෝනා සැක රෝගියෙක් රෝහලෙන් පැන යයි
අවුරුදු 2100ට පසු මතුවී ඇති නිවැරදි බුදු පණිවිඩය හරහා ආගමික විප්ලවයක්!


මරණින් පසුව නොව සුනීත සෝපාක ආදීන් ග්‍රහණය කළා සේ දැන්ම, එකෙනෙහිම, තමා තුලින්ම නිවන් මගට අවතීර්ණ විය හැකි තත්වයක් දැන් උදා වී ඇත. මෙම ලිපි පෙලේ පරමාර්ථය වන්නේ බුද්ධි වර්ධනය සහ නිවන් මගට ඔබව අවතීර්ණ කිරීම සඳහා වූ නිවැරදි බුදු පණිවිඩය නැතහොත් නිවැරදි බුද්ධ ශාසනය පිළිබඳව යම් අවබෝධයක් ලබා දීමය.

බුද්ධාගම සහ බුද්ධ දර්ශනය අතර වෙනස අප නිවැරදිව අවබෝධ කරගෙන නොසිටි බැවින් අවූරුදු 2100 තිස්සේ අප ශ්රී ලංකා වාසීන් බුදු පණිවිඩය නොදැන අතරමන් වී සිට ඇති බව පැහැදිලි කරුණකි. පහුගිය අවුරුදු 2100 ක් තිස්සේ රහතුන් වහන්සේලා ශ්‍රී ලංකාවෙන් බිහි නොවීම මීට හොඳ උදාහරණයකි. ඉතිහාස ග්රන්ථ සහ ශිලා ලිපි අනුව වාර්තාවන අවසාන මහා රහතන් වහන්සේ දුටුගැමුණු රජතුමා මහලු වියේ අපවත් වූ මලියදේව මහා රහතන් වහන්සේය. මින් පසු රහතන් වහන්සේ කෙනෙක් ගැන ඓතිහාසික වාර්තා නොමැත. මෙම කාලය තුලදී “බුද්ධ දර්ශනය” යටපත් වී “බුද්ධාගම” කියා ආගමක ස්වරුපයෙන් ප්රචලිත කරන ලදී.

“ආගම” යනු ජීවන ක්‍රමයකි. එම ජීවන ක්‍රමයේ “මම” නොහොත් "ආත්ම" හෝ "අත්ත" කියන පුද්ගලයකු සිටී. එම මම (ආත්ම) කියන පුද්ගලයා වටා සියලුම සිද්ධීන් ගොඩනැගී ඇත. මම (ආත්ම) කියන පුද්ගලයා ආගමක අඩිතාලම ලෙස පවතී. මම, ප්‍රධාන කරගත් ජීවන ක්‍රමයේ හොඳ දේවල් මෙන්ම නරක දේවල්ද තිබේ. අන්යන්ට කරදරයක් නැතිව ජීවත් වෙන හැටි තිබේ. එක එක ආගම්වල කතෘන් ඒ පිළිබඳව එක් එක් විධියට අර්ථ නිරුපනය කර ඇත. අවසානයේ ඒ සියලුම ආගම්වල කතෘන් කියන්නේ එකම දෙයකි. එනම් අන්යයන්ට කරදරයක් නොකර සමාජයේ සතුටින් ජීවත් වීමටය. එනමුදු බුද්ධ දර්ශනයේ කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. බුද්ධ දර්ශනයේ තිබෙන්නේ “දකින” දෙයකි. “දකිනවා” යනු අප ඇස් වලින් පිටත ඇති දේවල් සාමාන්යයෙන් දකිනවා සේම අමුතුම ඇසක්, එනම් “ප්‍රඥා ඇස” ඉපදී එම ඇසින් “යතාර්ථය” සහ “පරමාර්ථය” පිළිවෙලින් දකිනු ලැබීමයි! මෙම යතාර්ථය සහ පරමාර්ථය සම්මුතියෙන් අප වෙන් කරගත යුතුය. යතාර්ථය සහ පරමාර්ථය බුද්ධ දර්ශනයේ විශේෂ දෙයකි.. අපේ ඇසට පෙනෙන දෙය, කණට ඇහෙන දෙය "සම්මුතිය" ලෙස අපි දනිමු. අවාසනාවකට අද පවතින බුද්ධාගම සියයට සියයක්ම සම්මුතිය පැත්තේ පිහිටා ඇත. ආගම් සියල්ලම ඇත්තේ සම්මුතිය පැත්තේය. දර්ශනය තිබෙන්නේ ඊට වෙනස් එනම්, අංශක 180 ක් එහා ඊට හාත්පසින්ම විරුද්ධ පැත්තේය.

බුද්ධාගම යන පැත්තට අපේ සංසාර සාගරය ගලා යයි. සංසාර සාගරයෙන් එගොඩවීමට නම් ආගම් ක්රමයක් අනුගමනය කිරීමෙන් කිසිසේත්ම ප්රතිඵල ලඟා කරගත නොහැකිය. එම නිසා බුදුන් වහන්සේ එදා සියලු ආගම් කතෘන්, ශාස්තෘන්, ඉදිරියේ ඉදිරියට පැමිණ දේශනා කලේ “බුදුන් වහන්සේගේ බුදු පණිවිඩය දර්ශනයක් විනා ආගමක් නොවන” බවයි. බුදුන් වහන්සේ විශේෂයෙන් "බ්රහ්මජාල සුත්රයේ" දේශනා කලේ “මා විසින් විස්තර කරන්නේ ආගමක් නොවේ” කියාය. ආගම් වලට මහජනයා හසු නොවිය යුතු බවට එම සූත්රයේ වැඩිදුරට සඳහන් වෙයි. එම සූත්රය අපිට අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එසේ නැතිනම් කොහෙත්ම නැති තරම්මය. එම සූත්රය අපිට ඇසෙනවා නම් අප මහජනතාව නිසැකයෙන්ම අවබෝධ කරගන්නවා අද පවතින බුද්ධාගම බුදුන් වහන්සේ දේශනා කළ එකක් නොවන බව.

මතු සම්බන්ධයි.
---- රංජිත් ජයසූරිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවුරුදු 2100ට පසු මතුවී ඇති නිවැරදි බුදු පණිවිඩය හරහා ආගමික විප්ලවයක්!
අවුරුදු 2100ට පසු මතුවී ඇති නිවැරදි බුදු පණිවිඩය හරහා ආගමික විප්ලවයක්!
http://ift.tt/2hAJPf3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/2100_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/2100_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy