දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ මහ ලේකම් රනිල් විසින් චප්ප කර දමයි.. කෘත්‍යාධිකාරියෙන් සම්මත කරගන්නැයි දන්වයි
Homeප්‍රවෘත්ති

සජිත්ගේ මහ ලේකම් රනිල් විසින් චප්ප කර දමයි.. කෘත්‍යාධිකාරියෙන් සම්මත කරගන්නැයි දන්වයි

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පොදු දේශපාලන සන්ධානයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කරන ලෙසට එක්සත් ජාතික ...

පොලිස් සිරමැදිරියක් තුල ගෙලවැලලාගත් සැකකරුගේ මරණය ගැන විවෘත තින්දුවක් 
තොරතුරු තාක්‍ෂණ වෘත්තීමය අවස්ථා ගැන පාසල් සිසුන් දැනුවත් කිරීමක් 
පෙරහැරේ බීමතින් සිටි ඇත්ගොව්වාට වැඩ වරදී
ක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පොදු දේශපාලන සන්ධානයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කරන ලෙසට එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීමේදී ඉදිරිපත් වූ යෝජනාව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමට ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලෙස පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.
පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීම පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී පැවැති අවස්ථාවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කර තිබේ.

මද්දුම බණ්ඩාර මහතා නව සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා පත් කළ යුතු බවට වූ යෝජනාව මන්තී‍්‍ර අශෝක අබේසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් මහතා එය ස්ථිර කර ඇත.

ඒ අනුව පොදු සන්ධානයේ මහ ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත්කොට සම්මත කර ගැනීමට නියමිත බව එම පක්ෂ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

නව සන්ධානයේ මහ ලේකම් පත්කිරීම ලබන සඳුදා (10 දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

නව සන්ධානයේ මහ ලේකම් පත්කිරීම ඇතුළු අනිකුත් තනතුරු පත්කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (06 දා) රැුස්වීමට නියමිතව තිබුණත් එම රැුස්වීම ලබන සඳුදා පැවැත්වෙන බව පක්ෂය විසින් ඊයේ (05 දා) දැනුම් දුන් බව සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

නව සන්ධානයේ මහ ලේකම් ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් මේ වන විට රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම යෝජනා කර තිබෙන බවත් ඔහු පත්කරනවා ද වෙන අයකු පත්කරනවා ද යන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කරන තෙක් කිසිවකු පත් කළ බවට කිසිවකුටත් ප‍්‍රකාශ කළ නොහැකි බවත් මන්ත‍්‍රීවරයා කීවේය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් පත්කිරීමේදී පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නියෝජිතයින් හැර අනෙකුත් සාමාජිකයන් මේ වන විට පත්කර අවසන් බවත් ඉදිරි දින කිහිපය ඇතුළත පක්ෂ නායක විසින් පත්කළ යුතු 15 දෙනකු පමණ පිරිස පත්කිරීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ මහ ලේකම් රනිල් විසින් චප්ප කර දමයි.. කෘත්‍යාධිකාරියෙන් සම්මත කරගන්නැයි දන්වයි
සජිත්ගේ මහ ලේකම් රනිල් විසින් චප්ප කර දමයි.. කෘත්‍යාධිකාරියෙන් සම්මත කරගන්නැයි දන්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwcDZY-BD-p53zd4UHGTT7ixlipTfiCd6T010Q-J-aeXdpI8voyamo-weLGgjG_DAKSobggazJIl2rxNYv3jp0dsEjweQOxZz72m1kHy6Co5JxosWZuqUYufHj6P999l8doN2Ms9mj-mxH/s320/ranjith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwcDZY-BD-p53zd4UHGTT7ixlipTfiCd6T010Q-J-aeXdpI8voyamo-weLGgjG_DAKSobggazJIl2rxNYv3jp0dsEjweQOxZz72m1kHy6Co5JxosWZuqUYufHj6P999l8doN2Ms9mj-mxH/s72-c/ranjith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_568.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_568.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy