උමා ඔය ව්යා පෘතිය මගින් ඉදි කෙරෙන භූගත උමං මාර්ගයේ ඇති වු ජල කාන්දුවක් හේතුවෙන් පසුගිය වසර කිහිපය තිස්සේ බණ්ඩාරවෙල අවට භූගත ජලය විශාල ...
උමා ඔය ව්යා පෘතිය මගින් ඉදි කෙරෙන භූගත උමං මාර්ගයේ ඇති වු ජල කාන්දුවක් හේතුවෙන් පසුගිය වසර කිහිපය තිස්සේ බණ්ඩාරවෙල අවට භූගත ජලය විශාල ප්රමමාණයක් එම කාන්දුව ඔස්සේ බැහැරට ගලා යමින් තිබේ. එමනිසා මෙම ගම්මාන අවට වෙසෙන ජනතාවට එමගින් බරපතල ලෙස පානීය ජල ගැටළුවට මුහුණ දීමට සිදු වු අතර පානීය ජලය වශයෙන් එම ජනතාවට දිනකට ජල ලීටර් ලක්ෂ 05ක අවශ්යදතාවයක් තිබිනි.
ඊට පිළියම් වශයෙන් ක්රිටයාත්මක වැඩ පිළිවෙල යටතේ මකුළුඇල්ල, කරදගොල්ල ඇතුලු ගම්මාන කිහිපයක පවුල් 2000ක් සඳහා මෙම පානීය ජල ව්යා පෘතිය යටතේ පානීය ජල ලබා දීමට පියවර ගෙන තිබේ. මෙම ව්යා්පෘතියට රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 342කි.
මෙම ව්යාපෘතිය හැර තවත් පානීය ජල ව්යාලපෘති කිහිපයක් ක්රි යාත්මක කරන අතර, බණ්ඩාරවෙල නගරයේ කාලයක් තිස්සේ පවතින පානීය ජලගැටළුවට විසඳුම් වශයෙන් විසල් බණ්ඩාරවෙල පානීය ජල යෝජනා ක්ර්මයේ වැඩ කටයුතු ද මෙම වසරේ ඇරඹීමට නියමිතය.
COMMENTS