දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෙද හෙදියන් 1614 ක් පුහුණුවට - අතුරු වෛද්‍ය 888 කට ස්ථිර පත්වීම්.
Homeප්‍රවෘත්ති

හෙද හෙදියන් 1614 ක් පුහුණුවට - අතුරු වෛද්‍ය 888 කට ස්ථිර පත්වීම්.

PropellerAds

මේ වන විට දුමිවැටි භාවිතය 46%  කින් අඩු වී තිබෙන අතර ම දුම්කොළ වෙනුවෙන් ඉදිරියටත් නීති රීති ගෙන එන බවත් පාසල් අවට සිගරට් විකිණීම තහනම් කි...

gotabaya and malcom ranjith
සීඅයිඩීයේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට ස්ථාන මාරුවිමක්
ජනපති පදිංචියට ජනපති මන්දිරයට නොයයි - පදිංචිය නුගේගොඩ පෞද්ගලික නිවසේ

මේ වන විට දුමිවැටි භාවිතය 46%  කින් අඩු වී තිබෙන අතර ම දුම්කොළ වෙනුවෙන් ඉදිරියටත් නීති රීති ගෙන එන බවත් පාසල් අවට සිගරට් විකිණීම තහනම් කිරිම, තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වා දීම ඒ අතර ප්‍රධාන වන බවත්  වසර 2020 වනවට දුම්කොළ වගාව ශ්‍රී ලංකාවේ තහනම් කරන බවත්  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.  

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) අරලියගහ මන්දිරයේ පැවැති සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් සිසු හෙද හෙදියන් 1614 ක් පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

තවද I ශ්‍රේණියේ හෙද නිලධාරී  (මහජන සෞඛ්‍ය) 121 කට ද, I ශ්‍රේණියේ හෙද නිලධාරී  (රෝහල් සේවා) 476 කට ද, I ශ්‍රේණියේ හෙද නිලධාරී  (අධ්‍යාපන) 291 කට ද වශයෙන් 888 කට ස්ථිර පත්වීම් ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.

නිදහස් සෞඛ්‍ය සේවාවේ තිබූ සීමාවන් ඉවත් කළ බවත් පිළිකා ඖෂධ සඳහා ආදේශක හඳුන්වා දුන් අතර, එම ඖෂධ මේ වන විට ඇමරිකාවේ ඖෂධ අධිකාරිය ද පිළිගෙන තිබෙන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා අපේ රටේ ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ සමාගම්වල බලපෑම්වලට යටත්ව කටයුතු කළ බවත් පැවසීය.

නිදහස් සෞඛ්‍ය සේවාව ලෙස හඳුන්වමින් මෙතෙක් කල් බහුජාතික සමාගම්වලට මුදල් ලබා දුන් නමුත් යහපාලන රජය රජයේ මුදල් භාවිතය සාධාරණ තැනකට ගෙනඑනු ලැබු බවත් කී අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවේ ඖෂධ මාෆියාව විනාශ කර වංචා දුෂණ අඩු කළ බවත් ලංකාවේ සෞඛ්‍ය සේවාව අනෙකුත් රටවලට ආදර්ශයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර තිබෙන අමාත්‍යවරයා පෙන්වා දුනි.

"බෝ නොවන රෝග පාලනය කිරිම සඳහා සීනි, ලුණු සහ තෙල්වලට බදු පැනවිය යුතුයි. පැණිබීම වර්ගවල සියයට 6 කට වඩා සීනි තිබේ නම් වැඩිවන සෑම සිනී ග්‍රෑම් එකකටම රුපියලක බද්දක් අය කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කර තිබෙනවා. මෙලෙස බදු පැනවීම තුලින් වසර 2025 වනවිට රෝගවලින් සියයට 30 ක් අවම කිරීම අපගේ අරමුණයි. රෝග නිවාරණය ඉතාම වැදගත්. ඇතැම් වෛද්‍ය සංගම්වලට ඖෂධ සමාගම් දෙකක් විසින් මුදල් ලබාදී තිබෙනවා මට විරුද්ධව කටයුතු කිරීමට. එක් ඖෂධ සමාගමක තොරතුරු මගේ ලග තිබෙනවා. අපේ පරමාර්ථ ජයගැනීම සඳහා බලවේගවලට විරුද්ධව කටයුතු කළ යුතුයි. නැතිනම් ජයග්‍රහණයක් ලබාගන්න බැහැ". 

"සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පරිවර්තනයක් දියත් කළ යුතුයි. නවක පත්වීම්ලාභීන් වෙත විවිධ සෞඛ්‍ය වෘත්තීය සංගම් එන්න පුලුවන්. ඇතැම් අය විරුද්ධවයි කටයුතු කරන්නේ. ඇතැම් සංගම් සෞඛ්‍ය සේවාව ජයගැනීම සඳහා කටයුතු කරනවා. මෙය සෞඛ්‍ය පිළිබඳ මාරාන්තික අරගලයක්. සෞඛ්‍ය සේවාව ජය ගැනීම සඳහා සියලු දෙනාගේ ම සහයෝගය අවශ්‍යයයි. ඇතැම් වෛද්‍යවරුන් ද දූපත් මානසිකත්වයෙන් කටයුතු කරනවා. වෛද්‍යවරයෙක් වුවත් විද්‍යාව අවිද්‍යාවෙන් හදාරා ඇත්නම් වැඩක් නැහැ. හෙද හෙදියන් උපාධිධාරීන් බවට පත් කළ යුතුයි. එවිට ඔවුන් ද වෘත්තීයවේදීන් බවට පත්වෙනවා. එම වෘත්තීයවේදීන් සඳහා විධිමත් වැටුප් තලයක් ද සකස් කරනවා" යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සරත් අමුණුගම යන මහත්වරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධයක්ෂවරුන් සහ වෘත්තිය සමිති නායකයින්  ද එක්ව සිටියහ. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෙද හෙදියන් 1614 ක් පුහුණුවට - අතුරු වෛද්‍ය 888 කට ස්ථිර පත්වීම්.
හෙද හෙදියන් 1614 ක් පුහුණුවට - අතුරු වෛද්‍ය 888 කට ස්ථිර පත්වීම්.
http://ift.tt/2vPTPTN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/1614-888.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/1614-888.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy