ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්නම්, වහාම ජනමත විචාරණයකට යාම...
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්නම්, වහාම ජනමත විචාරණයකට යාමට ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට යෝජනාකර ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසීය.
පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීමට අදාළ විසිවන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල ද, අනනුකූල නොවේද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අඟහරුවාදා (19 දා) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය.
එහිදී ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්නම්, මේ මස 26 වැනිදායින් පසුව නිල කාලය අවසන් වන සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර යන පළාත් සභාවල මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය ලබන මස 02 වැනිදා මැතිවරණ කොමිසම නිකුත් කරනු ඇත.
ආණ්ඩුවට වාසිදායක තීරණයක් !
මේ වසරේ දෙසැම්බර් මස මුලදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව මේවනවිට තීරණය කර ඇත. ඒ
සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර යන පළාත් සභාවල මැතිවරණය මුලදී පැවැත්වීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට අවාසිදායක බවට මේවනවිට සිදුකර ඇති ජනමත සමීක්ෂණ වලින් තහවුරු කර ඇති බැවිනි.
එම තත්වයක් තුල මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කළ ජනතා බලවේග යලි ගොනුකරමින් පළමුව ජනමත විචාරණයකට යාම ආණ්ඩුවේ පැවැත්මට ගුණදායක බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසකගේ අදහස් වී ඇතැයි ඉහත ආරංචිමාර්ග පැවසිය.
ඒ අනුව පළාත් සභා ඡන්ද ක්‍රමය ද සංශෝධනය කර, පළාත් සභාවලට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම සඳහා ජනතාවගේ වරමක් ගැනීමට ජනමතයකට යාමටත්, ඒ සඳහා 'පළාත්සභා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කැමති ද ? ඒ සඳහා වසරක් ලබාදෙන්න එකඟ ද ?' කියා විමසන ප්‍රශ්නය ජනමත විචාරණයට යොමු කිරීමටත් එම ඇමතිවරුන් යෝජනා කර තිබේ.
අනෙක් ඕනෑම මැතිවරණයකදී ජනවාරි 08 බලවේග එජාප - ශ්‍රීලනිප - ටි.එන්.ඒ. - ජවිපෙ ලෙස බෙදී මැතිවරණයට ඉදිරිපත්වන බැවින් ජනමත විචාරණයක් හරහා සියලු බලවේග යලි ඒකරාශී කිරීම වඩාත් පලදායක බව එම ඇමතිවරුන් පිරිස ජනාධිපතිවරයා ඇමරිකාව බලා පිටත්වයාමට පෙර පැහැදිලි කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS