යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නොහොත් මහාලිංගම් සෂිකුමාර් ...
යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නොහොත් මහාලිංගම් සෂිකුමාර් නමැත්තා මීට පෙරද යාපනය තරුණියන් යොදා ගනිමින් අසැබි වීඩියෝ පට පහක් පමණ සකස් කොට ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.
ස්විස්කුමාර් නැමැත්තා සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ විද්‍යා දැරියගේ කෙළෙසූ ආකාරයද වීඩියෝ කොට ජාත්‍යන්තරයට විකිණීමට සුදානම් කොට තිබු බවට දැරියගේ ඝාතන නඩුවේදී ලබාදුන් සාක්ෂි වලින් හෙළිව තිබේ.
විද්‍යා දැරිය ඝාතනයට සම්බන්ධ සෙසු සැකකරුවන්ද ස්විස් කුමාර් හා අසභ්‍ය වීඩියෝ තැනීමටද හවුල්වී ඇතැයි ආරක්ෂක අංශ හෙළිකරගෙන ඇත.
සැකකරු එම වීඩියෝ විදේශගත පිරිස ඉලක්ක කර ගනිමින් නිපදවා ඇති අතර, අදාළ කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවද මේ අතර වාර්තා වේ.
ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය පාසල් යන අවස්ථාවේදී සැකකරුවන් පිරිසක් විසින් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කොට තිබිණ.
COMMENTS