දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නන්දලාල් වීරසිංහ ඔඩොක්කු කුක්කෙක්.. ලංකාව බංකොලොත් කියන්න පුදුම තදියමක් තිබුනේ - විමල් වීරවංශ
Homeප්‍රවෘත්ති

නන්දලාල් වීරසිංහ ඔඩොක්කු කුක්කෙක්.. ලංකාව බංකොලොත් කියන්න පුදුම තදියමක් තිබුනේ - විමල් වීරවංශ

PropellerAds

දේශීයව නිපදවන දියර කිරි, කඩදාසි, සීනි, CFL බල්බ, උදලු තල හා වෙනත් කෘෂි ආම්පන්න ඇතුළු දේශීය නිෂ්පාදන සියල්ලට සියයට 18ක වැට් බද්ද හා උපරිම බ...

ජනප‍්‍රිය ටෙලියක සම්මාන දිනු නිලියකගේ යයි කියන වීඩියෝවක් ලෝ ප‍්‍රකට අසභ්‍ය වෙබ් අඩවිවල
19 සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අහෝසියි !
හරීන්ගෙන් ආන්දෝලනාත්මක ෆේස්බුක් සටහනක් - කපටියා කවුද ?
දේශීයව නිපදවන දියර කිරි, කඩදාසි, සීනි, CFL බල්බ, උදලු තල හා වෙනත් කෘෂි ආම්පන්න ඇතුළු දේශීය නිෂ්පාදන සියල්ලට සියයට 18ක වැට් බද්ද හා උපරිම බදු පැනවීම මගින් මෙන්ම ආනයනය දිරිමත් කෙරෙන අයවැය යෝජනා ඇතුළු සමස්ත අයවැය මගින් මෙරට දේශීය නිෂ්පාදන පද්ධතිය මුළුමනින්ම බිඳවට්ටවා ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ මෙවර අයවැය විවාදය අවසන් දිනයේදී එනම් දෙසැම්බර් 13 වැනිදා සිය කතාව සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

IMF කියන විදියට යනවා නම්…

“අපේ ‘ආචාර්ය බන්දුල ගුණවර්ධන සූරීන්ගේ’ කතාවෙන් පස්සේ මේ කතාව කරන්න ලැබීම වැදගත් කොට සලකනවා. අපි දන්නවා, මහ බැංකු අධිපති ධුරයට ආපු නන්දලාල් වීරසිංහ ඉතාමත් කලබලයෙන් ‘ශ්‍රී ලංකාව බංකොලොත්’ කියලා ප්‍රකාශයට පත් කළේ එවකට අමාත්‍ය මණ්ඩලය හෝ මේ පාර්ලිමේන්තුව හෝ දැනුම්වත් කරලා නොවෙයි. පාකිස්ථානයත් මෙවැනි ආර්ථික අර්බුදයකට ලක් වුණාම ගියා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්න. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම පාකිස්ථානයට බලපෑම් කළා, ‘ශ්‍රී ලංකාව වගේ ඔයගොල්ලොත් ආර්ථිකය බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරන්න’ කියලා. නමුත් පාකිස්ථානය ඒ බරපතළ තීරණය ගත්තේ නැහැ. ඔවුන් දන්නවා එවැනි තීරණයක් ගත්තොත් ඉන් ඇති වන පලවිපාක ඉතාමත් දරුණුයි, කියලා. නන්දලාල් වීරසිංහ වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘ඔඩොක්කු කුක්කෙක්’ පාකිස්ථානයේ හිටියේ නැහැ. ඒ නිසා පාකිස්ථානය ඒ තීරණය නොගෙන චීනය, සවුදි අරාබිය, කටාර් වැනි රටවල සහයෝගය ලබාගෙන, විදේශ විනිමය සංචිතය තරමක් දුරට හෝ ශක්තිමත් කරගෙන, ණය ගෙවාගෙන, එදිනෙදා වියදම් දරාගත හැකි මට්ටමේ තත්ත්වයක් කෙටි කාලීනව නිර්මාණය කරගත්තා. එහෙම කළේ අර්බුදයෙන් ගොඩඒමේ උපායමාර්ගික සැලැස්මක් ද සහිතවයි. රටක් බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කළාට පසුව ජාත්‍යන්තර අරමුදලේ පදයට නටනවා හැරෙන්න තමුන්නාන්සේ(බන්දුල ගුණවර්ධන මහතා) කියන සුබ අනාගතය නම් නිර්මාණය වෙයි කියලා මම නම් කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපට කියන්න තියෙන්නේ අර ‘කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ’ කියනවා වගේ ‘IMF කියන විදියට යනවා නම් විඳවාපන් බළලෝ’ කියා පමණයි.

දේශීය නිෂ්පාදන පද්ධතිය විනාශයි!

හොඳට බලන්න, මේ අයවැයෙන් සිදු කර ඇත්තේ දේශීය නිෂ්පාදන පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැට්ටවීමයි. ආණ්ඩුව ගහන තරමක් බදු ගහන්නේ දේශීයව නිපදවන දෙයටයි. දේශීයව නිපදවන දියර කිරි ටිකට, පොල් කිරි ටිකට, සීනිවලට, ටින් මාළුවලට, සීඑෆ්එල් බල්බ් එකට, බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය උපකරණවලට බදු පිට බදු ගහනවා. කඩදාසිවලට බදු පිට බදු ගහලා රටේ ප්‍රකාශන කර්මාන්තය නැත්තටම නැති කරනවා. පාසල් පොත් ටික අරගෙන දරුවන්ට පාසල් යන්න බැරි කරනවා. උදළු තලය ඇතුළු කෘෂිකාර්මික ආම්පන්නවලට සියයට දහඅටක වැට් බද්ද ගහලා මේ රටේ කෘෂි නිෂ්පාදකයා කෘෂි කර්මාන්තයෙන් ඉවතට ඇද දානවා. අවසානයේ අපේ කෘෂි කර්මාන්තය ග්‍රාමීය ගොවි ජනතාවගෙන් උදුරාගෙන මහා පරිමාණ සමාගම් අතට දෙනවා. ඒ ග්‍රාමීය ගොවි ජනතාවට වගාබිම් අහිමි කරලා, ඔවුන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල වහල් සේවයේ යෙදවීමට අවශ්‍ය පරිවර්තනය තමයි මේ සිදු කරමින් ඉන්නේ.

“තුන’ ගන්න කරන දේ…

මේ විදිහට බදු ගැහුවාම එම භාණ්ඩ හා සේවාවල පරිභෝජනය අඩුවෙනවා. මතක තියාගන්න, පරිභෝජනය අඩු වෙනකොට ඔය කියන බදු ඉලක්ක සම්පූර්ණ කරගන්නත් බැරි වෙනවා. IMF එකේ දෙවැනි ණය වාරිකය ගන්න බලාගෙනනේ මේ ආණ්ඩුව මේ විදිහට කඩිමුඩියේ අයවැය අස්සේ වැට් බදු සංශෝධන පනත ගෙනත් සම්මත කරගත්තේ. තුන්වන වාරිකය ගන්න නම් තවත් ටිකක් ජනතාවගේ බෙල්ල මිරිකන්න වෙනවා. මේ ආණ්ඩුවට අද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න තිබෙන උපායමාර්ගික සැලැස්ම ඇතුළේ තිබෙන්නේ බදු උපරිමයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය ව්‍යවසායන් සහ අනෙකුත් ජාතික සම්පත් විකිණීම පමණයි. මේ බදු ගහන විදියට දේශීය කර්මාන්ත පවත්වාගෙන යන්න බැරි වෙනකොට ඒ කර්මාන්තකරුවා බලනවා ඒක දෙන්න කෙනෙක්. එහෙම කෙනෙක් ලංකාවේ නැති වෙනකොට විදේශිකයෙකු තමයි ඉදිරිපත් වුණත් ඉදිරිපත් වන්නේ. අද රාජ්‍ය ආයතන කුණුකොල්ලයට විදෙස් සමාගම් අතට යනවා වගේම ඉදිරියේදී පෞද්ගලික ව්‍යවසායන් ද කරගෙන යන්න බැරි වුණාම ඒවාත් යන්නේ විදේශිකයෙකු අතට කුණුකොල්ලයටයි.

දෙවැනි දාඨෝපතිස්ස පරිච්ඡේදය

මහාවංශය කියවනකොට අපට මුණගැහෙනවා පළමුවැනි දාඨෝපතිස්ස කියලා රජ කෙනෙක්. ඔහු ථූපාරාමය කොල්ලකාලා එහි රන්කොත ගලවලා විකුණුවා. තවත් රාජ්‍ය සම්පත් කොල්ලකාලා විකුණුවා. දැන් මේ යන පරිච්ඡේදය අපට පෙනෙන්නේ දෙවැනි දාඨෝපතිස්ස පරිච්ඡේදය විදියට. තවම ථූපාරාමයේ රන්කොතට අත නොතිබ්බාට මේ රටේ ලාභ ලබන රාජ්‍ය ආයතන සියල්ලම විකිණීම, ගහන්න පුළුවන් උපරිම බදු ටික ගහන එක අද සිදු වෙමින් තිබෙනවා. මේ අයවැය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ අයවැයක්. මේ අයවැයෙන් කරලා තිබෙන්නේ, ‘ජනතාවට ගොනා අනින’ පාට් එකයි.

IMF නෙයියාඩගමෙන් සුගතියක් වෙන්නේ නැහැ!

ලබන අවුරුද්දෙත් අපි සාම්ප්‍රදායිකව කියයි, ‘සුබ අලුත් අවුරුද්දක් වේවා!’ කියා. නමුත් එළඹෙන්නේ මෑත අවුරුදු කිහිපය හා සැසදුවත් ඉතාමත් පීඩාකාරී, සෑම සමාජ ස්තරයක්ම දැනට සිටින තත්ත්වයෙන් පහළට කඩා වැටෙන, එසේ පහළට කඩා වැටෙන සමාජ ස්තරයන් විසින් ඉතාම දරුණු ප්‍රතික්‍රියාවලට යාමට ඉඩකඩ තිබෙන වසරක්. මේ පිළිබඳව ගැඹුරින් නොසිතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නටන මේ නෙයියාඩගමෙන් මේ රටට සුගතියක් වෙන්නේ නැහැ, කියා අවධාරණය කරනවා.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නන්දලාල් වීරසිංහ ඔඩොක්කු කුක්කෙක්.. ලංකාව බංකොලොත් කියන්න පුදුම තදියමක් තිබුනේ - විමල් වීරවංශ
නන්දලාල් වීරසිංහ ඔඩොක්කු කුක්කෙක්.. ලංකාව බංකොලොත් කියන්න පුදුම තදියමක් තිබුනේ - විමල් වීරවංශ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVM9v3JHaopMigoGmIRbADEp_MnQRn0bw3OH6ksZ4c7RrnuxkKeH7Z9YnW6RdOrAWzpDOYvjyIC4o-0ONmjglueua1Er4Y2hUMUnyDz0JwvnTObWu5iiWEZk6MiMXQ6lj0fMGujCX_EjOUmOkw0ZDoUPp108yKLFWRNN9ryhKWDfMRHi7qYVbO6l_LTptn/s320/nanda-wimal.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVM9v3JHaopMigoGmIRbADEp_MnQRn0bw3OH6ksZ4c7RrnuxkKeH7Z9YnW6RdOrAWzpDOYvjyIC4o-0ONmjglueua1Er4Y2hUMUnyDz0JwvnTObWu5iiWEZk6MiMXQ6lj0fMGujCX_EjOUmOkw0ZDoUPp108yKLFWRNN9ryhKWDfMRHi7qYVbO6l_LTptn/s72-c/nanda-wimal.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/12/blog-post_32.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/12/blog-post_32.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy