දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනයේ ආරක්‍ෂාව STF වෙත - බුද්ධි අංශත් ශක්‌තිමත් කරයි.
Homeප්‍රවෘත්ති

යාපනයේ ආරක්‍ෂාව STF වෙත - බුද්ධි අංශත් ශක්‌තිමත් කරයි.

PropellerAds

යාපනය අර්ධද්වීපය පුරා වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්‌ඩ ක්‍රියා මර්දනය කර එම ප්‍රදේශයට පූර්ණ ආරක්‌ෂාවක්‌ සැලසීම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වෙත භ...

ජනපති ගැන මුහුණු පොතේ බොරු පුවතක් පළ කල සරසවි සිසුවට ඇප ලැබෙයි !
ආරක්‍ෂාව තහවුරුයි කිවුවත් තවම ආරක්ෂාවක් නෑ වගේ - මහින්ද
එජාප පාක්‍ෂිකයන්ට පමණක් සමෘද්ධිය දෙයි.. උත්සවයට කෝටි 18ක් !

යාපනය අර්ධද්වීපය පුරා වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්‌ඩ ක්‍රියා මර්දනය කර එම ප්‍රදේශයට පූර්ණ ආරක්‌ෂාවක්‌ සැලසීම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වෙත භාරදී ඇත.

ඒ අනුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ දහසකට අධික නිලධාරීන් පිරිසකගෙන් සමන්විත බලඇණියක්‌ උතුරු අර්ධද්වීපයට ආරක්‌ෂාව සැලසීමේ කාර්ය සඳහා එහි ගොස්‌ සිටිති.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්‌ඩායම් යාපනය අර්ධද්වීපය පුරා ජංගම සංචාර, යතුරුපැදි සංචාර, මාර්ග බාධක යොදවා පරීක්‌ෂා කිරීම් මෙන්ම පාමුර සංචාරවල ද නිරත වෙමින් ආරක්‌ෂාව සැපයීමේ කාර්යට එක්‌ව සිටිති.

මේ සම්බන්ධයෙන්කළ විමසීමකදී පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ උසස්‌ නිලධාරියකු කියා සිටියේ පසුගිය කාලසීමාවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යාපනය අර්ධද්වීපය පුරා ආරක්‌ෂක කටයුතු ක්‍රියාත්මක කළේ රාත්‍රි කාලයේදී පමණක්‌ බවයි.

එහෙත් පසුගිය දින කීපය තිස්‌සේ යාපනය අර්ධද්වීපය තුළ සිදුවූ විවිධ ප්‍රචණ්‌ඩ ක්‍රියා වාර්තා වී තිබුණේ දිවා කාලයේ බැවින් දවස පුරාම ආරක්‌ෂක කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යෙදවූ බව ද එම උසස්‌ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

යාපනය අර්ධද්වීපය වලිකාමම්, තෙන්නමරච්චි, වඩමාරච්චි යනුවෙන් ප්‍රදේශ තුනකට බෙදා වෙන්කර එම ප්‍රදේශවලට විශේෂ කාර්ය බළකායේ කණ්‌ඩායම් යොදවා ආරක්‌ෂාව සැලසීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායට අමතරව යාපනය අර්ධද්වීපයේ ආරක්‌ෂාව සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් රැසක්‌ යොදවා ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

යාපනය අර්ධද්වීපය පුරා වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්‌ඩ ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා බුද්ධි අංශ ශක්‌තිමත් කිරීමට ද පොලිස්‌ මූලස්‌ථානය කටයුතු කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පොලිස්‌ බුද්ධි අංශ කණ්‌ඩායම් කීපයක්‌ම යාපනය අර්ධද්වීපය වෙත මේ වන විට ගොස්‌ සිටින බව ද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියි.

යාපනය අර්ධද්වීපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව සොයාබලා ආරක්‌ෂක කටයුතු ශක්‌තිමත් කිරීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ දිනයේත් යාපනය නගරයේ රැඳී සිටියේය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29368,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනයේ ආරක්‍ෂාව STF වෙත - බුද්ධි අංශත් ශක්‌තිමත් කරයි.
යාපනයේ ආරක්‍ෂාව STF වෙත - බුද්ධි අංශත් ශක්‌තිමත් කරයි.
http://ift.tt/2u2IrHi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/stf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/stf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy