ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවා රුපියල් ලක්ෂයක ශරීර ඇ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. අදාළ සිසුවා ඊයේ (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝග ලබා දී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 13 වෙනි දින චීනය බලා ගමන් කළ ගුවන් යානය අනතුරට ලක්වී ඇතැයි එම සිසුවා ප්‍රචාරය කළ පුවතෙහි දැක්විණි.
මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ජුනි 27වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරික්ෂණයකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු පසුගිය 15 වෙනි දින අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS