දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
CID විමර්ශන අඩාල කිරීමට පොලිස්පතිගෙන් කුමන්ත්‍රණයක්.
Homeප්‍රවෘත්ති

CID විමර්ශන අඩාල කිරීමට පොලිස්පතිගෙන් කුමන්ත්‍රණයක්.

PropellerAds

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල කිරීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර කටයුතු කරමින් සිටින බවට සාධාරණ සැකයක් පොලිස් දෙපාර්තමේන්තු...

අන්තර්ජාල බදු මුදල් සහනය පසුගෙවුම් වලටත් ඉල්ලයි.
නාමල් යළි රිමාන්ඩ් වන ලකුණු.
'හැකිනම් ඉවත් කරනු' ඇමති විජේදාස කියයි - විජේදාස නෙරපන්න ජනපති බෑ කියයි?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල කිරීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර කටයුතු කරමින් සිටින බවට සාධාරණ සැකයක් පොලිස් දෙපාර්තමේන්තුව තුළින් ම මතුව තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂකවරයා ලෙස තමන්ගේ අන්තේවාසිකයකු පත් කරගැනීමට පොලිස්පතිවරයා උත්සාහ දැරීම මීට හේතුවී ඇත.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව සිටි බී. ආර්. එස්. ආර්. නාගහමුල්ල මහතාට නියෝජ්‍ය පොලිස්පති වරයකු ලෙස උසස්වීමක් ලැබීමෙන් අනතුරුව ඔහු වෙනත් අංශයකට අනුයුක්ත කෙරෙන බැවින් ඔහුගේ ධුරය පුරප්පාඩු වේ. CIDයේ අධ්‍යක්ෂක ධුරයට පත් කෙරෙන්නේ ජ්‍යේෂ්ට පොලිස් අධිකාරිවරයෙකි. ඒ අනුව CIDයේ ඉල්ලීම වී ඇත්තේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී ශානි අබේසේකරව පත් කරන ලෙසයි. එහෙත් පොලිස්පති පූජිත් එම ඉල්ලීම නොසලකා හරිමින් එම තනතුර සඳහා පොලිස් විශේෂ විමර්ශන අංශය (SIU) භාරව සිටින ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී මෙවන් සිල්වාව පත් කිරීමට පොලිස් කොමිසම වෙත නිර්දේශ කිරීමට කටයුතු කරමින් සිටී. 

පොලිස් විශේෂ විමර්ශන ඒකකය යනු තනිකරම පොලිස්පතිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ආයතනයකි. එහි ප්‍රධානියා යනු නීතිය පවා නොතකා පොලිස්පතිවරයාගේ වුවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නෙකි. වචනයේ පරිසමාප්ති අර්ථයෙන් ම ඔහු පොලිස්පතිවරයාගේ අතේ නැටවෙන රූකඩයකි. එහෙයින් එවැන්නෙක් CID අධ්‍යක්ෂක ධුරයට පත් කිරීම පැහැදිලි කුමන්ත්‍රණයකි. 

පොලිස්පති පූජිත් සිතා සිටින්නේ තමන් විදුලිසෝපාන ක්‍රියාකරුට පහරදුන් අවස්ථාවේ CCTV දර්ශන මාධ්‍ය වෙත ලබා දුන්නේ CIDය විසින් බවටය. දැනට පොලිස් නීතීඥ සංගමය ද පරීක්ෂණ පවත්වන්නේ පොලිස්පතිගේ පහරදීම පිළිබඳව නොව CCTV දර්ශන මාධ්‍ය වෙත ලැබුණු ආකාරය පිළිබඳවය. එවන් වටපිටාවක් තුළ ශානි අබේසේකර වැනි පළපුරුදු විමර්ශකයෙකු කපා හරිමින් තමන්ගේ අන්තේවාසිකයකු CID අධ්‍යක්ෂක ධුරයට පත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කරන්නේ වෙනම ම යටි අරමුණකින් යුතුවය. 

මෙකී මෙවන් සිල්වා යනු මීට වසර 10කට පමණ පෙර ගුවන්තොටුපොළේ සේවයට යාම සඳහා සහකාර පොලිස් අධිකාරී විමල් සමරසේකර සමඟ ගුටිබැට හුවමාරු කරගත් පුද්ගලයෙකි. ගුවන් තොටුපොළේ සේවයට පොලිස් නිලධාරීන් එතරම්ම ආශාවක් දක්වන්නේ කුමක් නිසා ද යන්න දන්නෝ දනිති. එසේම මෙවන්ට ඇති එකම හැකියාව ඉහළ නිලධාරීන් පිනවීමේ හැකියාව පමණි. එහිදී ඔහුට පොලිස් ආඥා පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය හෝ වෙනත් කිසිදු නීතියක් අදාල නැත. එවන් නිලධාරියකු CID අධ්‍යක්ෂකවරයා කරවීමෙන් පූජිත් සූදානම් වන්නේ අමුතුම නැටුමකටය. 

පොලිස්පති පූජිත් ද ඔහුගේ රාජකාරි දිවිය පුරාම දඬුවම් මාරු මිස ප්‍රශංසනීය ඇගයීම් සහිත ස්ථාන මාරු ලැබූ පුද්ගලයකු නොවේ. ඒ, ඔහු ගිය ගිය තැන පිස්සු නැටූ නිසාය. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ මූල්‍ය අපරාධ කොට්ටාශය (FCID) පූජිත්ට පුදුමාකාර කරදරයක් වී තිබේ. එසේ වී ඇත්තේ එහි නිලධාරීන් පූජිත්ගේ අභිමතයට යටත් නොවී ස්වාධීනව කටයුතු කිරීම නිසාය. මෙය දරාගැනීමට නොහැකි  පූජිත්ගේ දැන් එකම රාජකාරිය වී ඇත්තේ එම අංශ දෙකේ එක් එක් නිලධාරීන් පිළිබඳව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකට මෙන්ම හමුවන වෙනත් ඇමතිවරුන්ට ද කේලාම් කීමය. ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ද කේලාම් කීමට පූජිත් උත්සාහ ගත් නමුත් ඔවුන් ඔහුව නොසලකා හැරීම හේතුවෙන් එම උත්සාහය කිහිප වතාවක්ම අසාර්ථක වී තිබේ. මීට පෙර සිටි පොලිස්පතිවරුන් කොතරම් පක්ෂග්‍රාහී වුවද ඔවුන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ මේ තරම් හෑල්ලුවට හා අවමානයට ලක් වී නැත. 

මේ සියල්ල කරමින් පූජිත් උත්සාහ දරන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ හිත් වෙනස් කර තව දුරටත් තනතුරේ රැඳී සිටීමටය. ඒ සඳහා පූජිත්ට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ද ලැබෙන බව වාර්තා වේ.

(LNW)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: CID විමර්ශන අඩාල කිරීමට පොලිස්පතිගෙන් කුමන්ත්‍රණයක්.
CID විමර්ශන අඩාල කිරීමට පොලිස්පතිගෙන් කුමන්ත්‍රණයක්.
http://ift.tt/2wJTa9K
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/cid_46.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/cid_46.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy