දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ මාධ්‍ය හමුවක්!
Homeප්‍රවෘත්ති

ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ මාධ්‍ය හමුවක්!

PropellerAds

මෙරට ශෛල්‍ය වෛද්‍යවරුන් සදහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින නමුත් ඔවුන් ශ්‍රී ලංකාව තුළ සිදුකරන්නේ ද එම සේවයම යැයි මහනුවර දී පැවැති මාධ්‍ය හමුව...

සජිත් රැකියා වීඩියෝවට පිළිතුරු දෙයි
පොලීසියේ 50ක් වෙල්ගමගේ වත්ත සෝදිසි කරයි
වතු වැටුප් සාමූහික ගිවිසුමට අත්සන් තබයි
ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ මාධ්‍ය හමුවක්!

මෙරට ශෛල්‍ය වෛද්‍යවරුන් සදහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින නමුත් ඔවුන් ශ්‍රී ලංකාව තුළ සිදුකරන්නේ ද එම සේවයම යැයි මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකා ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යා සංගමයේ 46 වන සමුළුව ඊයේ ( අගෝස්තු 18) මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී ආරම්භ වූ අතර ඒ නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය.
බොහෝ දියුණූ රටවලට සාපේක්ෂව මෙරට පහසුකම්, මිල මුදල් ආදියෙන් අවම තත්ත්වයක පැවතුණත් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිඵල කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි යැයි ඒ මහතා කීවේය. ශෛල්‍ය වෛද්‍ය ක්ෂ්ත්‍රය අඩු පාඩුවලින් තොරව උසස් තත්ත්වයෙන් පවත්වා ගැනීම සදහා රජයේ මැදිහත්වීම මත නිරන්තර පර්යේෂණ හා සමීක්ෂණ සිදුකරන බව ඒ මහතා කීවේය. එංගලන්තය වැනි දියුණු රටවල මේ සදහා වසර විස්සක පමණ කාලයක සිට විවිධ පර්යේෂණ මෙහෙයවන බව ද වෛද්‍යවරයා කීවේය.

ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ ජන සංඛ්‍යාව ප්‍රමාණාත්මක වශයෙන් සමාන වුවත් දෙරටේ විශාලත්වය අනුව ඕස්ට්‍රේලියාවේ ජන සංඛ්‍යාව විශාල ප්‍රදේශයක ව්‍යාප්තවී ඇති බැවින් එරටට ශෛල්‍ය වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බව කී මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා මෙසේ කීවේය.

නමුත් ශ්‍රී ලංකාවට එවැනි විශාල ශෛල්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. නමුත් අපට තවත් ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ සේවය අවශ්‍යයි. තව දුරටත් ශෛල්‍ය වෛද්‍යවරු මෙරටට අවශ්‍ය බව ආරම්භයේ සිටම කථිකාවතක් තිබුණා. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලුව අදාළ ආයතන කටයුතු කරමින් සිටිනවා.

මහනුවර දී ආරම්භ වූ ශ්‍රී ලංකා ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යා සංගමයේ 46 වන සමුළුවේදී මෙරට රෝග සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡා කෙරෙනවා.
දියවැඩියා රෝගීන්ගේ පාද ආරක්ෂා කර ගැනීමට ප්‍රතිකාරමය කටයුතු කිරීම හා එහි ප්‍රතිකාර කටයුතු දිවයින පුරා සුදුසුකම් සහිත රෝහල්වලදී සිදුකර ගැනීම, වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා ආචාර ධර්ම පද්ධතියක් යටතේ එම ප්‍රතිකාර ක්‍රියාත්මක කිරීම පිළිබදව මෙම සමුළුවේදී අවධානය යොමු වෙනවා.
අක්මා රෝග පිළිබදව ප්‍රතිකාර සදහා නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම, කැමරා ආශ්‍රිතව ප්‍රතිකාර කටයුතු දියුණු කිරීම, ආහාර මාර්ග පද්ධතියේ ඇතිවූ පිළිකා සදහා ප්‍රතිකාර කිරීම පිළිබදව ද සමුළුවේදී සාකච්ඡා කරනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ පවතින ප්‍රතිකාර තත්ත්වය තව දුරටත් ගුණාත්මක ලෙස පවත්වා ගැනීමට කටයුතු කරන බව මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා ප්‍රකාශ කළේය.
ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ශෛල්‍ය වෛද්‍ය මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රෙස්කර මහතා අදහස් දක්වමින් ඉදිරි වර්ෂ පහ තුළදී ශෛල්‍ය වෛද්‍යවරුන් 300ක් පමණ ක්ෂේත්‍රයට බිහිකිරීමට හැකි තත්ත්වයක් රාජ්‍ය විශ්ව විද්‍යාල හා පශ්චාත් උපාධි පුහුණු ආයතන තුළ සිදුවන බව කීවේය. දැනට සාමාන්‍ය පරිදි වර්ෂයකට ශෛල්‍ය වෛද්‍යවරු 50 – 60ක් අතර ප්‍රමාණයක් බිහිවන බව ද ඒ මහතා සදහන් කළේය.
ශ්‍රී ලංකා ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යා සංගමයේ ලේකම් වෛද්‍ය රසික කොටකදෙණිය, ශ්‍රී ලංකා ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යා සංගමයේ සමුලු සභාපති මහාචාර්ය කේ.බී.ගල්කැටිය යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.
නදීක දයා බණ්ඩාර - මහනුවර

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ මාධ්‍ය හමුවක්!
ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ මාධ්‍ය හමුවක්!
http://ift.tt/2w88HR9
https://i.ytimg.com/vi/wcqYwxvxb1I/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_984.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_984.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy