වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 ක් දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාමූහික ගිවිසුමට අත්සන් තැබීම අද (18) පස්වරුවේ සිදු කෙරුණි. ඒ,...
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 ක් දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාමූහික ගිවිසුමට අත්සන් තැබීම අද (18) පස්වරුවේ සිදු කෙරුණි.
ඒ, වතු වෘත්තිය සමිති සහ වතු හාම්පුතුන්ගේ සහභාගීත්වයෙනි.
ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ ඒකාබද්ධ කම්කරු සංගමය යන වතු කම්කරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් මෙම ගිවිසුමට අද අත්සන් තැබුවේය.
අද දින ලංකා කම්කරු කොංග‍්‍රසය ඉදිරිපත් කළ යෝජනා 03 ක් ද ගිවිසුමට ඇතුළත් කර ඇති අතර මෙම ගිවිසුම වසර 02ක කාලයක් බල පැවැත්වේ.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මෙන්ම අමාත්‍යවරුන් වන නවීන් දිසානායක, මලික් සමරවික්‍රම සහ අමාත්‍ය මහින්ද අමරවීර එක්ව සිටියේය.
COMMENTS