දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුකාරයන්ගේ ප්‍රතිපත්තිය කවුරුත් දන්නෙ නෑ…එක්කෙනෙක් රජ කරන්න විතරයි හදන්නෙ
Homeප්‍රවෘත්ති

පොහොට්ටුකාරයන්ගේ ප්‍රතිපත්තිය කවුරුත් දන්නෙ නෑ…එක්කෙනෙක් රජ කරන්න විතරයි හදන්නෙ

PropellerAds

මේ පොහොට්ටුකාරයන්ගේ ප්‍රතිපත්තිය කවුරුත් දන්නෙ නැති බව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.ගලගෙදර ප්‍රදේශයේ පැවැති රැස්වී...

"මම අපක්ෂපාතීව කටයුතු කරනවා" - කථානායක කියයි
"පොලිස්පති ඉවත් කරන්න ජනපතිට සහය ලැබුණේ නෑ" - නිමල්
"ඉවත්ව යන්නේ බහුතරයක් නැත්තම් පමණයි" - හිටපු අගමැතිගෙන් ප්‍රකාශයක්

මේ පොහොට්ටුකාරයන්ගේ ප්‍රතිපත්තිය කවුරුත් දන්නෙ නැති බව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.ගලගෙදර ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් අනතුරුව පැවැති මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල කරන දේ පාර්ලිමේන්තුවේ කිරීමට යෑමෙන් නොයෙක් ප්‍රශ්න ඇති වන බවයි.

"මේ පොහොට්ටුකාරයන්ගේ ප්‍රතිපත්තිය කවුරුත් දන්නෙ නැහැ. එක්කෙනෙක් රජ කරන්න විතරයි හදන්නෙ. එය ජාතික ප්‍රතිපත්තියක් නොවෙයිනේ. මම වසර විසිපහක් පාර්ලිමේන්තුවෙ ඉන්නවා. නමුත් මෙතරම් බංකොලොත් විපක්ෂයක් දැක නැහැ. කිසිදු වැදගත් දෙයක් සාකච්ඡා කරන්නේ නැහැ. හූ කියනවා. කෑ ගහනවා. ඒකයි මහජනතාව කියන්නේ උගත් අය පාර්ලිමේන්තුවට යවන්න කියලා. උගත් අය යවන එක නෙවේ ප්‍රශ්නය. ඒ අයට පාර්ලිමේන්තුවේ කුමක්ද කරන්නේ කියලා උගන්වලා නැති එකයි."

"සමහරුන් විභාග සමත් වුණේ නැති වුණත් දේශපාලනය පිළිබඳ දැනුමක් පවතිනවා. අප රටේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා සහ පාර්ලිමේන්තුව වැනි විවිධ ආයතන තිබෙනවා. මේවා නියෝජනය කරන අය සියලු දෙනා එකම දේ කරන්න ගියොත් මහා විශාල ප්‍රශ්න මතුවෙනවා. ප්‍රාදේශීය සභාවල ඉන්න අය බලන්න ඕනෙ ඒ අයගේ ගම් මට්ටමින් ඇති ප්‍රශ්න ගැන. ඒවා එතැන කතා කරලා විසඳගන්න කටයුතු කළ යුතුයි. නැතිව ඒ අය එතැන ගිහින් ජාතික දේශපාලනය කතා කරන්න ගිය විට ඉන් පලක් වන්නේ නැහැ. ඒ වගේමයි පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රාදේශීය සභාවක වගේ හැසිරෙන්න ගියොත් එය අවුල් සහගත වෙනවා. පාර්ලිමේන්තුව වගේ උත්තරීතර මණ්ඩලවලට එනවා නම් එයට උචිත ආකාරයට හැසිරෙන්න ඕනෙ. නමුත් දැන් වෙලා තියෙන්නේ විපක්ෂය ප්‍රාදේශීය සභාවල වගේ පාර්ලිමේන්තුවේ දේශපාලනය කරන්න යෑමයි. රටේ කිසිදු ප්‍රශ්නයක් කතා කරන්නේ නැහැ. රටේ ආර්ථික ප්‍රශ්නයක් විග්‍රහ කරන්නේ නැහැ. වගකීමෙන් කතා කරන්නෙ නැතිව නිකම් විරෝධය දක්වනවා. විවේචනය කරනවා. ඒවා හොඳයි ප්‍රාදේශීය සභාවලට සහ පළාත් සභාවලට."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුකාරයන්ගේ ප්‍රතිපත්තිය කවුරුත් දන්නෙ නෑ…එක්කෙනෙක් රජ කරන්න විතරයි හදන්නෙ
පොහොට්ටුකාරයන්ගේ ප්‍රතිපත්තිය කවුරුත් දන්නෙ නෑ…එක්කෙනෙක් රජ කරන්න විතරයි හදන්නෙ
http://ift.tt/2xgvnfI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_977.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_977.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy