දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලුත් බදු පනතෙන් විදේශ ශ්‍රමිකයන්ගෙන් බදු ගහන්න දෙන්නේ නෑ
Homeප්‍රවෘත්ති

අලුත් බදු පනතෙන් විදේශ ශ්‍රමිකයන්ගෙන් බදු ගහන්න දෙන්නේ නෑ

PropellerAds

අලුත් බදු පනත යටතේ විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයන් මුදල් ලංකාවට එවීමේදී බදු අය නොකරන බවත් එසේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් බදු අය කිරීමට කිසිසේත...

පාකිස්තානු නායකයා හමුවූ බුකීකාරයා.
ජනපති, ජාතික පත්තරවලට දෙහි කපයි.
'පිනා' කියූ වරදට සිසු-සිසුවියන් 5කට පැය 04 ක් කාමරයක වදදුන් විදුහල්පති.

අලුත් බදු පනත යටතේ විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයන් මුදල් ලංකාවට එවීමේදී බදු අය නොකරන බවත් එසේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් බදු අය කිරීමට කිසිසේත්ම ඉඩ ප්‍රස්තාවන් නොදෙන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

අම්පාර අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ

අලුත් දේශීය ආදායම් බදු පනත විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් සඳහා බදු අය කරන බවට පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. මේ පනත ගැන විවිධ අදහස් මතු වුණා. විදේශගත ශ්‍රමිකයන් තමන් උපයන මුදල් ලංකාවට එවීමේදී අලුත් බදු පනත යටතේ කිසිදු බද්දක් අය නොකරන බව වගකීමෙන් ප්‍රකාශ කරනවා. එසේ විදේශගත ශ්‍රමිකයන් මුදල් එවීමේදී බද්දක් අය කිරීමට නීති ගෙන ඒමට ඉඩ නොදෙන බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

විදේශගත ශ්‍රමිකයන්ගෙන් වසරකට බිලියන අටකට ආසන්න මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් වගේම ඔවුන්ගේ පවුල් සංස්ථාවේ ආරක්ෂාව ගැනත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ නිසා තමයි විදේශගතවන අවස්ථාවේදී නීතිරීති රාශියක් පනවා තිබෙන්නේ. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පවුල් සංස්ථාවේ ආරක්ෂාව වෙනුවෙන් මේ නීතිරීති පනවා තිබෙනවා. මේ නීතිරීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ආකාරයෙන් විදේශගතවීමට කිසිදු අයකුට ධෛර්යය සපයන්න එපා. ඔවුන්ට උදවු උපකාර කරන්න එපා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදේශගත වන විට ප්‍රතිලාභ රාශියක් හිමිවෙනවා. විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවස්ථාව ලැබෙනවා. රක්ෂණ ආවරණ ලැබෙනවා. ළමයින්ට ශිෂ්‍යත්ව ලැබෙනවා. ස්වයං රැකියා සඳහා ආධාර ලැබෙනවා. ලියාපදිංචි නොවී විදේශගත වන අයට මේ ප්‍රතිලාභ හිමිවන්නේ නෑ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත් බදු පනතෙන් විදේශ ශ්‍රමිකයන්ගෙන් බදු ගහන්න දෙන්නේ නෑ
අලුත් බදු පනතෙන් විදේශ ශ්‍රමිකයන්ගෙන් බදු ගහන්න දෙන්නේ නෑ
http://ift.tt/2iE40bY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_941.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_941.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy