අගෝස්තු 23 වැනිදා එම අතුරු වාර්තාව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. මෙම මෙහෙයුම් කමිටුවේ හමුවක් ඊයේ පැවැත්වීමට නියමිත තිබූ අතර රවී ක...
අගෝස්තු 23 වැනිදා එම අතුරු වාර්තාව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
මෙම මෙහෙයුම් කමිටුවේ හමුවක් ඊයේ පැවැත්වීමට නියමිත තිබූ අතර රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සහ ඔහු අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීම හේතුවෙන් අදාල රැස්වීමට අවලංගු කිරීමට සිදුවිය. කෙසේ වෙතත් අගෝස්තු 22, 23 යන දිනවල කමිටුව රැස්වී වාර්තාව අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
මේ වනවිට කෙටුම්පත් කර ඇති වාර්තා වේ කරුණුවලට එකඟ නොවන සහ විරුද්ධත්වය පළ කරන පාර්ශ්ව සඳහා විකල්ප අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස කමිටුවට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත. ඒ අනුව අවසන් වාර්තාව සකස් කිරීම තවදුරටත් ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ.
ශ්‍රීලනිප පාර්ශ්වය පවසන්නේ 23 වැනිදා වනවිට ශ්‍රීලනිපයේ යෝජනා ලිඛිතව ඉදිරිපත් කිරීම සඳහා හැකියාවක් නොමැති බවයි.
COMMENTS