ආ ණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වීමෙමන් පසු කැබිනට් ඇමතිවරුන් 03 දෙනෙකු වෙනුවෙන් වැඩ බලන ඇමතිවරුන් පත්කල ආකාරය ව්‍යවස්ථා විරෝධී යයි ...
ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වීමෙමන් පසු කැබිනට් ඇමතිවරුන් 03 දෙනෙකු වෙනුවෙන් වැඩ බලන ඇමතිවරුන් පත්කල ආකාරය ව්‍යවස්ථා විරෝධී යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් හොමු කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇත.
කැබිනට් ඇමැතිවරුන් ඉල්ලා අස්වූ පසු ඒ සදහා වැඩබලන ඇමැතිවරුන් පත්කිරීමට නොහැකි යයිද 19 වන සංශෝධනය අනුව එම කටයුත්ත ව්‍යවස්ථා විරෝධී බවත් අගමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙයි.
එමෙන්ම 19 වන සංශෝධනයට ඇමතිවරුන් නම් කිරීමේදී ඒ සදහා නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතු බවත් තමන් එවන් නිර්දේශයක් කර නැති බවත් ලිපියේ සදහන් කර ඇත.
මෙම ව්‍යවස්ථා විරෝධී කටයුත්ත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමක්ද සිදුවිය හැකි යයිද ලිපියෙන් අගමැතිවරයා අවධාරණය කරයි.
ඉල්ලා අස්වූ ඇමතිවරුන් වන රවුෆ් හකීම්, කබිර් හෂීම්, රිෂාඩ් බදියුදීන් යන ඇමවරුන් වෙනුවේ වැඩ බැලීමට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර යන අය එජාපය විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කර යවා තිබින.
නමුත් ජනාධිපතිවරයා විසින් ඒයා ප‍්‍රතික්‍ෂෙප කරමින් එම අමාත්‍යංශවල සිටි නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් වැඩපලන ඇමතිවරුන් ලෙස පත් කරන ලදී.

COMMENTS