එහෙත් ඉදිකෙරෙන ජලාශ භාවිතයට ගත හැකි අතර උමා ඔයේ ඉදිකෙරෙන පුහුල්පොල ජලාශය හා මහතැටිල්ල ජලාශය උමා ඔයේ ජල රැඳවුම් ජලාශය වශයෙන් භාවිතයට ගත හැ...
එහෙත් ඉදිකෙරෙන ජලාශ භාවිතයට ගත හැකි අතර උමා ඔයේ ඉදිකෙරෙන පුහුල්පොල ජලාශය හා මහතැටිල්ල ජලාශය උමා ඔයේ ජල රැඳවුම් ජලාශය වශයෙන් භාවිතයට ගත හැකි බව හෙතෙම පෙන්වා දෙයි. එමඟින් උමා ඔයේ පහළ නිම්නයේ වාරි ජාල සුරක්ෂිතතාවය තහවුරු කළ හැකි බව ඔහු සඳහන් කරයි.
"කිරිඳි ඔයේ ඉදිකෙරෙන අලිකොටආර ජලාශය,කුඩා ඔය ජලාශය හා හඳපානාගල වැවේ ජාල ධාරිතාවය වැඩිකිරීම සඳහා සිදුකෙරෙන ඉදිකිරීම් මඟින් කිරිඳි ඔයේ ජල රැඳවුම් ධාරිතාවය වැඩි දියුණු කළ හැකියි. ඒ වගේම මෙම ව්‍යාපෘතිය යටතේ කිරිඳි ඔයේ ජල ද්‍රෝණියේ වනාන්තර අක්කර 4500ක් පමණ එළි පෙහෙළි කර අලුතින් වග බිම ඇති කිරීම වෙනුවට කිරිඳි ඔයේ වෙහෙරගල ජලාශයේ හා ලුණුගම්වෙහෙර ජලාශයේ ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා මෙම ජල පෝෂක වනාන්තර බිම් ආරක්ෂා කළ යුතු වෙනවා. මෙම ව්‍යාපෘතියට අදාළව භූගතව ස්ථාපිත කර ඇති විදුලි බලාගාරය එම ස්ථානයෙන් ඉවත් කර උම ඔයේ පහළ නිම්නයේ ස්ථාපිත කිරීමට ඇති ශක්‍යතාව පිළිබඳ අධ්‍යයනය කළ යුතු වෙනවා.එමඟින් ජල විදුලිය නිෂ්පාදනය ද ගැටළුවක් නොවෙනු ඇති.
මීට අමතරව කිරිඳි ඔය ඉහත්තාවේ පමණක් නොව උමා ඔය ඉහත්තාවේ සිදු වන මහ වනාන්තර විනාශයන් පාලනය කිරීම මෙන්ම අලුතින් වනාන්තර ප්‍රතිස්ථාපනය කර එම ප්‍රදේශ වල ජල පෝෂක බිම් වැඩිදියුණු කිරීම මඟින් ඉදිකෙරෙන ජලාශ වල ජල සුරක්ෂිතතාව ඇති කළ හැකියි. එමඟින් දැනට සිදු කෙරෙන වගා බිම් වල ඵලදායිතාවය වැඩි දියුණු කර ගත හැකියි. වගා බිම් පුළුල් කිරීම වෙනුවට යල මහ දෙකන්නය නිසි පරිදි වගා කිරීමට හැකි වන ආකාරයට ජල සුරක්ෂිතතාව ඇති කරන්න පුළුවන්. එමඟින් වැල්ලවාය හා තණමල්විල කෘෂි කාර්මික ජනතාව බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබා ගන්නත් පුළුවන්.
එමෙන්ම වගා බිම් අහිමි වූ හා දේපළ විනාශ වූ ජනතාවට නිවැරදි ක්‍රමවේදයක් යටතේ වන්දි ගෙවීම් සිදු කළ යුතු අතර ජලය අහිමි සියලු ජනතාවට ජලය සැපයීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ යුතුයි."
මෙම ක්‍රියාවලිය මඟින් ව්‍යාපෘතියෙන් සිදුවන සමස්ත විනාශයන් අවම කර ගත හැකි බවයි සජීව චාමිකර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS