දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලන අයිතිය හිමි රාජ්‍ය නිලධාරීන් මැතිවරණවලට තරග කිරීමට නොදිම සාධනීය කරුණක්
Homeප්‍රවෘත්ති

දේශපාලන අයිතිය හිමි රාජ්‍ය නිලධාරීන් මැතිවරණවලට තරග කිරීමට නොදිම සාධනීය කරුණක්

PropellerAds

2017.08.30 ගරු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, අංක 330, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත, කොළඹ 02. ...

ඉස්ලාම් පල්ලියෙන් ලබා ගත් කඩු පිහි නැවත ලබාදුන් OIC ගේ වැඩ තහනම් වෙයි
ඉස්ලාම් පල්ලියෙන් ලබා ගත් කඩු පිහි නැවත ලබාදුන් OIC ගේ වැඩ තහනම් වෙයි
‘‘ත්‍රස්ත ප්‍රහාරය ගැන කිසිදු තොරතුරක් දැන සිටියේ නෑ‘‘ විශේෂ කාරක සභාවේ සාක්ෂි ලබා දෙමින් අගමැති කියපු කතාව

2017.08.30 ගරු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, අංක 330, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත, කොළඹ 02.

ගරු අමාත්‍ය තුමනි,

දේශපාලන අයිතිය හිමි රාජ්‍ය නිලධාරීන් මැතිවරණවලට තරග කිරීම

දීර්ඝ කාලයක් පළාත් පාලන මැතිවරණ කල්යාමට බලපෑ නීතිමය කරුණු නිරාකරණය කිරීම පිළිබඳ අප බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

මැතිවරණ කොමිසම යොමුකළ තාක්ෂණික ගැටළුවලට අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමේදී රාජ්‍ය නිලධාරීන් මැතිවරණයට තරග කරන්නේ නම් ඔවුන් වර්ෂයකට පෙරාතුව තමා තරග කිරීමට අපේක්ෂිත ප‍්‍රදේශයෙන් මාරුවිය යුතු බවට වගන්තියක් ඇතුල් කර ඇති බව වාර්තා වේ. එය ඉතා සාධනීය කරුණකි. ක්ෂේත‍්‍ර නිලධාරීන් මැතිවරණවලට තරග කිරීමේදී තම රාජකාරී බලය උපරිම ලෙස භාවිත කිරීම බොහෝ මැතිවරණවලදී වාර්තා වී ඇත. එය මැතිවරණවල නිදහස් හා සාධාරණභාවයට බලපෑමක් එල්ල කරන්නකි. එමෙන්ම පැෆ්රල් සංවිධානය ලෙස අප ද මේ පිළිබඳව 2012.01.04 දින එවකට සිටි පළාත් පාලන අමාත්‍යවරයාට ලිඛිතව දන්වා ඇත. අපද ඉල්ලා සිටියේ වසරකට පෙර එම බලප‍්‍රදේශය වෙනත් බලප‍්‍රදේශයකට මාරුකළ යුතු බවයි.

එසේ වුවත් දේශපාලන අයිතිය හිමි රාජ්‍ය නිලධාරීන්ගේ එම අයිතියට අභියෝගයක් නොවන ආකාරයට එය විය යුතු බව අපගේ විශ්වාසය යි. පළමුවරට මෙම පනත කි‍්‍රයාත්මක වීමේදී එකදු රාජ්‍ය නිලධාරියෙකුට හෝ වර්ෂයකට පෙරාතුව එසේ මාරුවීමට ඉඩකඩ නොලැබෙනු ඇත. පළාත් පාලන මැතිවරණය ඉදිරි මාස 4 ක පමණ කාලයකදී පැවැත්වීමට බොහෝදුරට ඉඩකඩ ඇත.

එබැවින් අප ඔබ තුමාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නේ පනතේ සඳහන් වර්ෂයක කාලය එසේම තබා ගනිමින් පළමුවරට පනත කි‍්‍රයාත්මක වීමේදී ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට අපේක්ෂිත රාජ්‍ය නිලධාරීන්ගේ එම අයිතිය ආරක්ෂා වන ආකාරයට යම් සංශෝධනයක් ගෙන එන ලෙසයි. එමෙන්ම රාජ්‍ය නිලධාරීන් ඕනෑම මැතිවරණයකදී තම රාජකාරී බලය භාවිත වූ බව තහවුරු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ සේවය අහිමි වන ආකාරයට සහ දේශපාලන අයිතිය වසර කිහිපයක් හෝ අහිමි වන ආකාරයට දැඩි නීති සම්පාදනය කරන ලෙසත් ය.

ස්තුතියි. මෙයට විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි, විධායක අධ්‍යක්ෂ,

පිටපත - සභාපතිතුමා, මැතිවරණ කොමිෂන් සභාව, රාජගිරිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29298,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලන අයිතිය හිමි රාජ්‍ය නිලධාරීන් මැතිවරණවලට තරග කිරීමට නොදිම සාධනීය කරුණක්
දේශපාලන අයිතිය හිමි රාජ්‍ය නිලධාරීන් මැතිවරණවලට තරග කිරීමට නොදිම සාධනීය කරුණක්
http://ift.tt/2wovG80
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_8109.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_8109.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy