පි ලිකාකාරක සහිත පොල්තෙල් කිලෝ දෙලක්‍ෂ හැට දාහක් මේ වන විට රට පුරා බෙදා හැර ඇතැයි පාරම්පරික පොල්තෙල් නිශ්පාදනය කරන්නන්ගේ සංගමයේ කැදවුම්කර...
පිලිකාකාරක සහිත පොල්තෙල් කිලෝ දෙලක්‍ෂ හැට දාහක් මේ වන විට රට පුරා බෙදා හැර ඇතැයි පාරම්පරික පොල්තෙල් නිශ්පාදනය කරන්නන්ගේ සංගමයේ කැදවුම්කරු බුද්ධිකද සිල්වා මහතා සදහන් කරයි.
ලංකාවට විදේශයෙන්ගෙන් පොල්තෙල් ගෙන්වන්නේ නැති බවත් ගෙන්වන්නේ ආදේශක බවත් පවසන ඔහු මෙම තෙල් තොගය ගෙන්වා ඇත්තේ සීනි වංචාවට සම්බන්ධ සමාගම විසින්ම යයිද කියා සිටී.
මෙහි පිලිකාකාරක නැතැයි ප‍්‍රමිති ආයතනය විසින් ව්‍යාජ සහතිකයක් පවා නිකුත් කර ඇති බවත් පවසන ඔහු රට ඇත්තේ බරපතල අනතුරක යයිද පැවසීය.
අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.
මෙම පොල්තෙල් බෙදාහැර ඇති ප‍්‍රදේශ, සුපිරි වෙලද සැල්වල බෝතල් කර ඇති ආකාරය ගැනද ඒ මහතා එහිදී හෙලි කලේය.

COMMENTS