අනෙක් තරගයදීද එසේම පරිපාලනයට මෙන්ම ක්‍රීඩකයන් හට සංග්‍රහ කිරීමට නුවර උඩරට මැනිකෙලා වගේම වලව් හාමුලා සැදී පැහැදී සිටීද යන්න ගැටලුවකි. මොකද...
අනෙක් තරගයදීද එසේම පරිපාලනයට මෙන්ම ක්‍රීඩකයන් හට සංග්‍රහ කිරීමට නුවර උඩරට මැනිකෙලා වගේම වලව් හාමුලා සැදී පැහැදී සිටීද යන්න ගැටලුවකි. මොකද ඉතිහාසය ඔබට සාක්ෂි දරාවී. ඔවුන්ගෙ කෙරුවාවෙ අටුවා ටීකා ලුණු ඇඹුල් ඇතිවඑහි සටහන් වී ඇත.
ආගමක් බදු ක්‍රීඩාව බාල්දු කරමින් යන මෙම ගමන පැහැදිලි ලෙස රටේ උන්ට දැනෙන්න පටන් ගත්තෙ දැනට වසර දෙක තුනකට කලින්ය.
ඔබට මතක ඇත්නම් 2007 ලෝක කුසලාන තරගාවලිය. එහිදී ටෙන්ඩුල්කාර් සෙවාග් දෝනි වැනි ප්‍රබලයන් බංගලාදේශය ඉදිරියේ ලද පරාජය ඉන්දියාවේ ක්‍රිකට් මේ තාක් දුරට දියුනු වීමට වැඩි කොටසක් ඉටු කලේය. එහිදී ක්‍රීඩකයන් ට ඉන්දීය ජනයා විසින් තම තමාගේ වගකීම් පිලිබද නැවත වරක් සිතා බැලීමට ක්‍රීඩකයන් ට අවස්ථාවක් ලබා දුනි.
එම වගකීම මතක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසුව ඇරඹි vb series එකට ඉන්දියාව නවක කණ්ඩායමක් රැගෙන යන්නෙ ප්‍රබල ඉන්දීය පිතිකරුවන් රැසක් නැතිවය. එරට මාධ්‍ය එකල නායක දෝනිවපට්ට පතුරු ගැසුවා මතකය.
එහෙත් නව ඉන්දීය ක්‍රිකට් ගමනේ කොදු නාරටිය මහේන්ද්‍ර සිං දෝනිය. එම තරගාවලිය නවකයන්ගේ උර මතින් ජයග්‍රහණය කරා මෙහෙයවනුයේ සියලු මාධ්‍ය හා විචාරකයන් හට කනේ පහරක් එල්ල කරමින්ය.
ගාම්බීර් ඩිනේස් කාතික් මුනාෆ් පටෙල් හර්බජන් සිං වැනි ප්‍රබලයන්ට කොතරම් දක්ෂතා දැක්වූවත්ජාතික කණ්ඩායමේ දොරගුළු අවහිරවූයේ දුරදක්නා නුවන ඇත්තවුන් සිටි නිසාවෙනි.
ශ්‍රී ලාංකික ක්‍රිකට් ගසන උන් සහ කරවන උන් තම මාන්නය ඔලුවට ගෙන සිටින්නෙ සියල්ලන් ඔවුන්ට කාරුණික වී හිස නමා ගරු කල යුතුය යන මානසිකත්වයේ ය.
ගරුත්වය ආදරය ලබන්න නම් එය ලැබෙ අයුරින් තම කාර්යය කල යුතුව ඇත. එසේ නොකර ජාත්‍යාලය පැතීම අම්බපාලියක් වූ ඔබ සාලිය වැන්නවුන් පතනවා වැනිය.
පෙර දින හූ කීවේ ඔවුන්ට නොව අපිටමය. මන්ද ක්‍රිකට් කරනවුන්ට වගකීම ක් ඇති බව මතක් කරදීමට අපේ උන්ට මතක් වෙන්න තිබුනේ මීට කලින්ය. හූ හඩේ අඩු වැඩිවීම් මත උන්ගෙ සල්ලි කොලවල අඩුවැඩි වීම් සිදුනොවීම නිසා මෙම හූව ගානක්වත් නොමැත. දැන් දැන් හෝ එකෙක් දෙන්නෙ ක් හෝ මුල පුරා ඇතිවීම සතුටට කරුනකි.
ඇරඹීම ප්‍රමානවත් නොමැත. පටන්ගත් දෙය රැගෙන යාම ඔබ සතුය.
#විකියා
COMMENTS