ප්‍රමිතිය ගැසට් කිරීම කල්දැමීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සාහ කරන බවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්...
ප්‍රමිතිය ගැසට් කිරීම කල්දැමීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සාහ කරන බවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡා මඟ හරින ලද මෙම සංගමය මාධ්‍ය සංදර්ශන පවත්වමින් ජනතාව නොමඟ යවන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ප්‍රමිතිය ගැසට් කිරීම 2015 වසරෙන් පසු තමන් විසින් ආරම්භ කළ බවත්, එය දැනට නීතිපති දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තනයේ පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. වසර ගණනාවක් ප්‍රමිතිය ගැසට් කිරිම ප්‍රමාද කළේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. අග්‍රාමාත්‍යවරයා මැදිහත්ව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය කඩිනමින් ගැසට් කිරිමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
COMMENTS