දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මෝ ෆාරා ට රන් අහිමි වෙයි

යම් හෙයකින් මෝ ෆාරා මෙවර ද රන් පදක්කම දිනාගත්තේ නම්, පසුගිය වතාවේ පිරිමි මීටර පන්දහස ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ ඔහු වූ නිසා අලුත්ම ලෝක...

මෝ ෆාරා ට රන් අහිමි වෙයි

යම් හෙයකින් මෝ ෆාරා මෙවර ද රන් පදක්කම දිනාගත්තේ නම්, පසුගිය වතාවේ පිරිමි මීටර පන්දහස ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ ඔහු වූ නිසා අලුත්ම ලෝක වාර්තාවක් බිහිවීමට ද ඉඩ තිබිණි. පෙසුගිය සෙනසුරාදා පැවති පිරිමි මීටර 10000 තරගයෙන් රන් පදක්කම දිනාගත්තේ ද මෝ ෆාරා ය. මෙම ජයග‍්‍රහණයෙන් පසුව ලෝක ශූරයා පවසා තිබුණේ මීටර 5000 තරගයෙන් ද රන් වාර්තා කිරීම ‘පහසු දෙයක් නොවනු ඇති’ බවයි. ඔහු ඊයේ තරගයෙන් ජයග‍්‍රහණය කළේ නම් එය ඔහුගේ තවත් එක් ‘ඩබල් ගෝල්ඩ්’ ජයග‍්‍රහණයක් වන්නට ඉඩ තිබිණි.  කෙසේ වෙතත් 34 හැවිරිදි මෝ ෆාරා මෙවර තරගය නිමා කළේ විනාඩි 13 තත්පර 33.32 කිනි. ඔහුට වඩා තත්පරයක් ඉදිරියෙන් තරගය නිමා කළ ඉතියෝපියානු කී‍්‍රඩක මුක්තාර් එඩ්රිස් රන් පදක්කම දිනාගත්තේය. ලෝකඩ පදක්කම දිනාගත්තේ ඇමරිකාවේ පෝල් කිප්කෙමයි විසිනි. තරගයෙන් පසුව මෝ ෆාරා මෙසේ කීවේය. ‘‘මම සියයට 110 ක්ම උත්සාහ කළා..’’


නයිට් පදවියකින් ද පුද ලබා ඇති ශ‍්‍රීමත් මොහොමඩ් මුක්තාර් ජමා ‘මෝ’ ෆාරා. සෝමාලියාවේ මොගඩිෂු නුවර උපන්නෙකි. පසුව සිය ළමා කාලය ඩිබොටි රාජ්‍යයේ ගත කළ මෝ ෆරා. එංගලන්තයේ පරිගණක උපදේශකයෙකු ලෙස දිවි ගෙවූ. ඉංග‍්‍රීසි වචනයක් දෙකක් යන්තමින් පමණක් කතාකිරීමට දැන සිටි සිය පියා වෙතට පැමිණියේ වයස අවුරුදු අටේදී ය. මෝටර් කාර්මිකයෙකු හෝ පාපන්දු ක‍්‍රීඩකයෙකු වීමට සිහින මවමින් සිටි මෝ ෆාරාගේ සැගවුණු කුසලතාවන් පාසලේදී ඉස්මතු වීමත් සමග ඔහු මළල ක‍්‍රීඩයෙකු බවට පත්වීම තෝරාගත්තේය. වයස අවුරුදු 13 දී එංගලන්තයේ පාසල් දරුවන් අතර පැවැත්වෙන වාරෂික රට හරහා දිවීමේ තරගයෙන් 13 වැනි තැන දිනාගත් මෝ ෆාරා, ඊළග වසරේදී එයින් පළමු තැන දිනාගත්තේය. පසුව බටහිර ලන්ඩන් ක‍්‍රීඩා සමාජවලට බැදී වෘත්තීය දිවිය ආරම්භ කළේය. පියා බි‍්‍රතාන්‍ය පුරවැසියෙකු වුවත්, සෝමාලියාවේ උපත ලද හෙයින් මෝ ෆාරාට විවිධ වීසා ගැටලු ඇති වූ අතර අවසානයේ ඔහුව බි‍්‍රතාන්‍ය පුරවැසියෙකු වශයෙන් බෞතීස්ම කරන්නට අවශ්‍ය නීති ගාස්තු ගෙවා තිබෙන්නේ මළල ක‍්‍රීඩා විශාරදයෙකු විසිනි. මෝ ෆාරා අන්තර්ජාතික අවධානය දිනාගන්නේ 2006 වසරේ පටන් ය. එහිදී මීටර පන්දහස ඉසව්ව තත්පර 9.40 කින් නිමා කරමින් ඔහු බි‍්‍රතාන්‍ය මාධ්‍යවල තරුවක් බවට පත්විය. නූතන ඔලිම්පික් ඉතිහාසය තුළ බිහිවූ සාර්ථකම බි‍්‍රතාන්‍ය ධාවකයා මෝ ෆාරා ය. 2012 සහ 2016 ඔලිම්පික් තරග ද්විත්වයේදීම මීටර 5000 සහ 10000 තරගවලින් රන් පදක්කම දිනාගත්තේ ඔහු විසිනි.

 
සුපිරි දිගු දුර ධාවක මෝ ෆාරා අවසන් තරගයකදී මෙසේ පරාජයට පත්වුණේ ඔහුගේ කී‍්‍රඩා දිවියේ දින 2176 කට පසුව ය. නමුත් ඔහු සදාකාලිකවම නූතන ලෝක මළල ක‍්‍රීඩා ඉතිහාසය තුළ පුරාවෘත්තයකි. මේ මස අගදී ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පැවැත්වීමට නියමිත ව තිබෙන ඩයමන්ඩ් ලීග තරගාවලියෙන් පසු මේ ලෝක ශූරයා ගේ දෙපා ගිමන් හරිනු ඇත. 


-අමාලි ජයවීර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෝ ෆාරා ට රන් අහිමි වෙයි
මෝ ෆාරා ට රන් අහිමි වෙයි
http://ift.tt/2vtEV80
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_663.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_663.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy