'හොඳ වෙලාවට අයිසෙ සුප්‍රිම් කෝට් එක මාව බේරුවෙ. තව අවුරුද්දක් හිටියා නං රෙදි නැතුව ගෙදර යන්න වෙන්නෙ. අවුරුදු පහක් තිස්සෙ මගේ පලු ඇරපු ...
'හොඳ වෙලාවට අයිසෙ සුප්‍රිම් කෝට් එක මාව බේරුවෙ. තව අවුරුද්දක් හිටියා නං රෙදි නැතුව ගෙදර යන්න වෙන්නෙ. අවුරුදු පහක් තිස්සෙ මගේ පලු ඇරපු උනුත් අද මගේ හොඳ කියනවා. මට කරගහන්න වෙලා තිබුනු මහා කරුමයක් අද කරගහන්නෙ ගෝඨාභය. ඒකෙන් උනේ මං ගෝඨාභයටත් වඩා හොඳයි කියලා මිනිස්සුන්ට තේරුන එක.'
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පවසා තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඳුකර ප්‍රදේශයක ආසන සංවිධායකවරයෙකු සමගිනි. ඒ ශ්‍රීලනිප සාමාජිකයෙකුගේ මළගෙදරකට සහභාගිවීම සඳහා යන ගමනකදීය.
හිටපු ජනාධිපතිවරයා නිකමට මෙන් තම ආසන සංවිධායකවරයාගෙන් විමසා තිබෙන්නේ 'කොහොමද මං අවුරුදු හයම හිටිය නං ?' කියාය. දේශපාලන ක්ෂේත්‍රයේ එතරම් අත්දැකීම් නොමැති ආසන සංවිධායකවරයා ගත්කටටම පවසා තිබෙන්නේ, 'අපරාදෙ සර් අවුරුදු පහෙන් ගියේ. තව අවුරුද්දක් හිටිය නං අපිට දෙයියනේ කියලා මොනව හරි කරගන්න තිබුණා. පක්ෂෙටත් තව මොනවා හරි දෙයක් කරගන්න තිබුණා' කියාය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුර කාලය 2019 වසරේදී අවසන් වූ අතර 19 වැනි සංශෝධනය සම්මත නොවූයේ නම් ඔහුගේ ධුරකාලය අවසන් වන්නේ 2020 වසර අවසානයේදීය. එසේ වූවා නම් කොවිඩ් වසංගතයට මුහුණදීමට සිදුවන්නේ හිටපු ජනාධිපතිවරයාටයි. වසංගතය මැද ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් ඇතැම්විට තවමත් සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට ඉඩ තිබිණි.
'මගේ පූරුවෙ පිනක් පළදීලා මට කලින්ම ගෙදර යන්න උනා. නැත්තං මං එපැයි මේ කරුමෙට කර ගහන්න. මේ වගේ වෙලාවක ජනාධිපති පුටුවෙ මං හිටිය නං ඉවරෙටම ඉවරයි. තුනෙන් දෙකත් තිබිලා, විධායක බලතලත් තිබිලා, දොස්තරලයි අරගොල්ලො මේගොල්ලොයි ඔක්කොමත් සපෝට් එකට ඉඳලා ගෝඨාභය මහත්තයට මේ වසංගතේට මුහුණ දෙන්න බැරි නං ඔය මොකක්වත් නැතුව, රනිලුත් මගේ කකුලෙන් අදිද්දි,හිතාගන්නවකො අයිසෙ මට මොකක් වෙයිද කියලා. තමුසෙ හිතනවද මමයි රනිලුයි හිටිය නං රාජපක්ෂලා, හාමුදුරුවරු වසංගතෙන් බේරෙන්න අපිට සපෝට් කරයි කියලා.' යැයිද හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ තමා පමණක් නොව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මහා කරුමයකින් ගැලවුණු බවයි. 'මමත් බේරුනා, රනිලුත් බේරුනා. හැබැයි රනිල් නං දැං පනින්න ඔන්න මෙන්න ඉන්නෙ' යැයි මුවගට සිනහවක් නගා ගනිමින් හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
-lankanewsqweb
COMMENTS