ආන්දෝලනාත්මක එයාර් බස් වංචාව සම්බන්ධයෙන් ද තමන්ගේ නම පටළවා එහි සැබෑ වැරදිකරුවන් බේරී යාමට උත්සාහ දරන්නේ යැයි තමන්ට හැඟෙන බව පාර්ලිමේන්තු මන...
"මේ සම්බන්ධව පැහැදිලිව පරීක්ෂණයක් කරන්න ඕනෙ. මම දැක්කා පසුගිය කාලෙ සමහර මාධ්‍යවල සහ පුවත්පත්වල මේ අධිකරණයෙදි මගේ නම සඳහන් වුණා කියලා යනවා. ඒ පිළිබඳව මම නීති උපදෙස් ගන්නවා, ඇයි මගේ නම සඳහන් වෙලා තියෙන්නෙ, ඇයි මොකද්ද ඒකට හේතුව කියන එක පිළිබඳව.
හැබැයි මට දැනෙන දේ තමයි මේක රාජපක්ෂවරුන්ගේ ඇඟේ දාලා මේක පිටිපස්සෙ ඉන්න සැබෑ ගනුදෙනුකරුවෝ හැංගෙන්න උත්සාහ කරනවා කියලා හැඟීමක් තියෙනවා. ඒක හින්දා පහුගිය 2015ට කලින් හැම හෝටලයක්ම නාමල්ගෙ වගේ, 2015ට කලින් ලැම්බෝගිනි එකයි හෙලිකොප්ටරෙයි වගේ යන්නෙ නැතුව මේ පිළිබඳව පැහැදිලිව විනිවිදභාවයකින් යුතුව පරීක්ෂණයක් පවත්වන්න ඕනෙ. මේකෙ සැබෑ වැරදිකාරයෝ හංගන්න ලෑස්ති වෙන්නෙ නැතුව කරුණාකරලා විනිවිදභාවයකින් යුතුව පරීක්ෂණ කටයුතු කරන්න" යනුවෙනුයි ඒ මහතා පැවසුවේ.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.
COMMENTS