දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැම හොඳ දෙයකම අවසානය එළඹෙන දවසක් ද ඇත
Homeප්‍රවෘත්ති

හැම හොඳ දෙයකම අවසානය එළඹෙන දවසක් ද ඇත

PropellerAds

මේ තමයි නෙළුම් යාය 2014 ප්‍රථම බ්ලොග් සම්මාන උළෙල ගැන කියල දාපු ලිපිය . එහිදී කළ හැඳින්වීමේ කතාව තමා මෙතන තියෙන්නේ. වසර 2014 ලියූ බ්ලොග්...

රටම කැළඹු කෝටි 500යේ දියමන්තිය දියමන්තියක් නෙවෙයි වෙනත් පාෂාණයක්ලු
මදූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ CD තැටියක් කැවුමාගේ නිවස‍ෙන් හමුවෙයි
මදූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ CD තැටියක් කැවුමාගේ නිවස‍ෙන් හමුවෙයි
හැම හොඳ දෙයකම අවසානය එළඹෙන දවසක් ද ඇත
මේ තමයි නෙළුම් යාය 2014 ප්‍රථම බ්ලොග් සම්මාන උළෙල ගැන කියල දාපු ලිපිය. එහිදී කළ හැඳින්වීමේ කතාව තමා මෙතන තියෙන්නේ. වසර 2014 ලියූ බ්ලොග් වලට  සම්මාන දෙන බ්ලොග් සම්මාන උළෙල පැවැත්වුනේ 2015 මාර්තු වල. හැබැයි  එතකොට ලංකාවේ අලුත් ආණ්ඩුවක් පත්වෙලා.  අලුත් මාධ්‍ය ඇමති කෙනෙක් ඇවිල්ල.
 
අපි තුන්දෙනෙක් කතා වුනාට දෙදෙනයි වැඩේ කරන්න ඉතුරු වුනේ. එක මහත්මයෙක් දැන් වෙන්වෙලා විරුද්ධ පාර්ශවයක හිටියත් අවවාද අනුසාශන, බ්ලොග් තේරීම් වලට එහෙම උදව් දුන්න ඒ දිනවල.   සමරු සඟරාවේ හැඳින්වීමේ ලිපියට මාතලන් ඇතුළු කිහිප දෙනක් දාපු ප්‍රතිචාර තමා මේ:
 
Maathalan - Priyantha Hewage30 March 2015 at 14:20
 
පොඩි පොඩි අඩු පාඩු තිබුනට, මෙතක් තිබූ කිසිම උළෙලකින් නොලැබුන තරමේ ප්‍රතිචාරයක් මේ මඟින් ලැබුනා.. වැඩේ අල කරන්න දඟලපු පිරිස අද හොල්මන් වෙලා ඉන්නේ. උන් බයිලා ගැහුවට අද වෙනකන් බ්ලොග් වලට කරපු මෙළෝ දෙයක් නෑ. මීළඟ එක මීට වඩා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියළු ධෛර්යය ශක්තිය ලැබේවා...!!!
 
බන්ධුල නානායක්කාරවසම් වගේ සාම්ප්‍රදායික පොරකට, මාතලන් කියන නම මතක තිබුන එකත් ළොකු දෙයක්. අනික පොර බ්ලොග් වලට හොඳ රැකොමන්ඩේසොන් එකක් දුන්නා. පොර පුදුම උනා මේකේ උන්ගේ ටැලන්ට් ගැන. විශේෂයෙන් බ්ලොග් කවි ගැන. මම දැක්කා සම හරක් කියලා තිබුනා සයිබර් එකේ තියෙන්නේ කවි නෙමෙයි වෙන මොනවද කියලා. එහෙම උන්ගේ කනට ගහපු එකයි බන්ධුල කළේ. එහෙම දෙයක් මීට කලින් කවදාවත් වෙලා නෑ.
 
මේ කල්‍යාණ මිත්‍රගේ ප්‍රතිචාරය;
කල්‍යාණ මිත්‍ර30 March 2015 at 17:22
 
අජිත් අයියා.. මට හිතෙන විදියටනම් මේක ආරම්භයක් විදියට පට්ට සාර්ථකයි.. ඔක්කොම අඳුරට බැන බැන හිටියට එකෙකුටවත් බැරි උනා මෙච්චරකල් එක පහනක්වත් පත්තු කරන්න. ඔයා ලංකාවෙත් නොයිද මේ කරපු හරිය හොඳටම ඇති.. වැඩේ කරගෙන යද්දි වෙච්චි සමහර දේවල් ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ.
 
මේ බස්සිගේ ප්‍රතිචාරය:
බස්සි (Yash)31 March 2015 at 05:57
 
මම වගේ බ්ලොග් ලියන්න අරන් අවුරුදු දෙකක්වත් නැති කෙනෙක්ටනම් ඒ උත්සවයේ උත්කර්ෂය ඉහටත් උඩින්. ඇත්තටම වැඩේ හොඳටම කෙරුනා. අනික තමයි දේශපාලනය ගෑවිලා තිබුනා කියකියා දොස් කියන අයට කියන්න ඕනෙ, ලංකාවේ කිසිම දෙයක් දේශපාලනයෙන් ස්වායත්ත වෙන්නේ නැහැ. ඒත් පවත්නා රජයන්වල වැරදි අඩුපාඩු පෙන්නලා දෙන ලංකා නිවුස් වෙබ් එකෙන් කරපු උත්සවයකට මෙතරම් අනුග්‍රහයක් ලැබීමම මොනතරම් වටිනවද?
 
සමා වෙන්න අනිත් අයගේ අදහස්  දැම්මේ නැහැ. මේ තුන තෝරා ගත්තේ බ්ලොග් ලෝකයේ ප්‍රබලයන්ගේ කතා ගැන කියන්න.
 
ඉතින් ඊට  පස්සේ මම කාලයක් අයින් වෙලා හිටිය කිසියම් ප්‍රශ්න වගයක් මතු වුනු නිසා. අපේ අදහස වුනේ  බ්ලොග් සංසදයක් පිහිටුවන්න. ඉන් පස්සේ බ්ලොග් කරුවන් අතරින්ම කට්ටිය තෝරලා ඔවුන් සංවිධායකයන කරගෙන දෙවෙනි සම්මාන උළෙල පවත් වන්න. බ්ලොග් සංසදය පිහිටවීමේ වැඩ කටයුතු ඉතා හෙමින් තමා සිද්ද වුනේ.
 
 
සම්මාන ලැබූ අයගේ බ්ලොග් ලේඛන සඳහා බ්ලොග්පවර් කියල මමත් සින්ඩියක් හැදුව. මාතලන්  තමා අපි පාවිච්චි කළේ. තව කිහිපයක් අළුත් සින්ඩිත් බිහි වුණා. ඇත්තටම බ්ලොග් කියවීම හොඳ විනෝදාංශයක්. ඒ වගේම නොදන්නා දේ දැන ගන්නත් හොඳ මාර්ගයක්. එසේම  පිස්සුවෙන් වගේ බ්ලොග් කියවපු කාලයකුත් තිබුන.  මගේ අදහස වුනේ දෙවන බ්ලොග් සම්මාන උළෙලින් පසු විශ්‍රාමයක් ගන්න බ්ලොග් වැඩ වලින්. මොකද මම කාලයක් තිස්සේ සැලසුම් කරපු පෞද්ගලික කාර්යයන් කිහිපයක් අතපසු වෙවී තිබෙන නිසා.
 
පළමු සම්මාන උළෙලේ දේශපාලනඥයෝ දෙදෙනෙක් සහභාගී වුණා. කරු පරණවිතාන මහතා  තමා ශාලාව ලබා දුන්නේ. මේ සහභාගී වීම තුල සම්මාන උළෙලට කිසියම් දේශපාලනික භාවයක් ලැබුණ කියල හිතෙනවා. නමුත් අපේ  අවංක අදහස වුනේ සම්මාන උළෙල රජයේ උත්සවයක් කරන්න පුලුවන්ද කියල බලන්න. එනිසා එම සහභාගිවීම සතුටින් භාර ගත්ත. කථානායක තුමා සහභාගී වෙන එක හොඳ දෙයක් කියලයි මම සැළකුවේ.  නමුත් මේ සම්මාන උළෙලවල් දෙකම පැවැත්වුනේ රජයේ අනුග්‍රයෙන් නොවෙයි. ශාලාව ලැබීම පමණයි වුනේ. ඒකත්  මාධ්‍ය අංශයට වැටෙන වැඩක් නිසා.  බ්ලොග් තේරීමට ඔය කිසිම දේශපාලනඥයෙක් අත දැම්මේ නැහැ.
 
 පළමු උළෙලේ සංවිධාන කටයුතු රාශියක් මමත් ලංකා නිව්ස්වෙබ් අඩවියේ ප්‍රධාන විධායක චන්දිමත්, හිමාශි කරුණාරත්නත්, උපුල් නිශාන්තත්  තමයි කළේ. හුඟක් වියදම් දරුවෙ අපේ අතින්. ඒ මේක සාර්ථක වෙනවා දකින්න ඕනේ නිසා. සමරු පොතේ ලැබුන දැන්වීම් වලට මුදල් නොලැබුනත් අපි පාඩුව විඳ ගත්තේ සම්මාන උළෙල පැවැත්වීමේ  සතුට නිසා.
 
දෙවන උළෙලේ සංවිධාන කටයුතු බොහොමයක් කළේ බ්ලොග්කරුවන් 20-30 ක් සමග සාකච්ඡා කරලා. මාස  ගණනක් තිස්සේ ඇදුනු සාකච්චාවේ ඊමේල් පණිවිඩ 200 කට වැඩිය හුවමාරු වෙලා තිබුන. නාට්‍යයකුත් සංවිධානය වුණා තරුරසී ගේ උදව්වෙන්. ඒ ගැන ලිපියක් මෙතැන් තිබෙනවා.
 
මේ ඒ ලිපියට ලැබුණු ප්‍රතිචාර කිහිපයක්.
 
විභීෂණ II17 April 2016 at 01:57
 
පොස්ට් හතරම එක හුස්මට් කියෙව්වා.
බොහොම ප්‍රශංසා කරනවා මේ වගේ උවමනාවෙන්ම කට්ටක් හොයාගෙන ඒ කට්ට කාගෙන මේ වගේ වැඩක් සාර්ථකව කිරීම සම්බන්ධයෙන්.
මේ වගේ වැඩක තියෙන සංවිධාන කිරීමේ බර මම බොහොම හොඳින් දන්නවා.
චෝදනා කරන යට චෝදනා කර කර ඉන්න කියන්න. ඔබේ වැඩේ ඔබ ඔහොම්මම කරගෙන යන්න.අපිත් ඉන්නවා ඕනෑම වෙලාවක සපෝර්ට් එකට.
ජය වේවා!!!
 
විචාරක Wicharaka17 April 2016 at 03:42
 
නෙළුම්යාය හොඳ ස්ථාවරයකට පැමිණ තිබෙන බව මේ ලිපි පෙළෙන් පැහැදිළි වුනා. දැන් මෙය අපි ඔක්කොම බඩ බැඳගෙන ඉටු කලයුතු වගකීමක්/යුතුකමක්/සේවයක්/ බව පෙනෙනවා. මා හිතන්නේ මෙතැන් සිට බොහොමයක් බ්ලොග්කරුවන් නෙලුම්යායේ සුවඳ විඳගනු ඇති.
 
එල ද බ්‍රා මෙන්ඩා17 April 2016 at 04:06
 
වැරදි කියන්න ගොඩක් අය ඉදි එත් වැඩ කරන්න ඉන්නේ ටික දෙනයි ඒ නිසා ඒවා ගන්න ගන්න එපා
සහයෝගය දුන්නු හැම කෙනෙකුටම ඉස්තුති මොකද මම බ්ලොග් වලට ආදරය කරන එකෙක් නිසා
 
කුරුටු ගෑ ගී පවුර17 April 2016 at 06:33
 
සුන්දර මතක පෙළක් තමා අජිත් අයියා. අපි ඒ වෙලාවේ අපිට හැකි සහයෝගයක් දුන්නා. ඉදිරියටත් හැකි සෑම සහයෝගයක් ම දෙනවා. අපිට අවශ්‍ය බ්ලොග් කෙරුවාවට හොද අනාගතයක් හැදීම පමණයි.
 
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අජිත් අයියා. මේ වැඩකට බින්දුවකවත් සහයක් නොදී ප්‍රශ්ණ කරන අයට උත්තර දෙන්න හෝ ඔවුන්ගේ කතාවලට අනුව වැඩ කරන්න හෝ යෑම හොද දෙයක් නෙමෙයි. ඔවුන් අවශ්‍ය අපිව සීමා කිරීමටම තමා. ඒ නිසා ඒවා පැත්තකින් තබා අපි අපේ ගමන යායුතු බවයි අපිනං විශ්වාසකරන්නේ. නැත්තං වෙන්නේ අපි ඔවුන්ව තෘප්ත කරකර සිටීමක් පමණයි. මේ දෙවැනි අවුරුද්ද. අපි දෙවැනි අවුරුද්දෙදි අතිශය සාර්ථකයි. දැන් අපි තුන්වැනි අවුරුද්දට ලෑස්ති වෙනවා. ඊළගට ඉදිරි අවුරුදු වලට ලෑස්ති වෙනවා. අඩුපාඩු හදාගන්නවා සහ හොද ක්‍රමවේදයන් ගොඩනගා ගන්නවා. එහෙම නැතුව දෙවැනි අවුරුද්දේ සම්මාන නොලැබුණ හෝ හිතේ අමාරු හැදුණ අයගේ ගැටලු වලට උත්තර බැද බැද ඉන්නවා නෙමෙයි.
 
Anonymous17 April 2016 at 13:08
 
අජිත්ගේ බ්ලොග් මිතුරකු මෙන්ම, පෞද්ගලික මිතුරකුද වන මම මේ පෞද්ගලිකව අජිත්ට කරන මඩ ගැසීම ගැන කනගාටුවෙමි. මට නෙලුම්යාය හෝ අන් ආයතනයකට සම්බන්ද්යක් නැති මුත්, අජිත් පෞද්ගලිකවම බ්ලොග්ස් වෙනුවෙන් කරන කැපකිරීම මම දැක ඇත්තෙමි. අජිත්ට පඩිපත හම්බවෙන ලන්ඩනයෙ ඔහුගේ සේවාස්ථානයට නම් මම වරක් ගොඩවී ඇත්තෙමි. නෙලුම් බැරිනම් හබරල යායක් දාගත්තාත් මට නම් කමක් නැත. නමුත් පෞද්ගලික මිතුරකුසේ අජිත් වෙනුවෙන් පෙනී සිටීම මගේ යුතුකමයි. එසේ පෙනී සිටින්නේ නෙලුම් හිටවන්න හදන කාලේ පටන් මා දන්නා නිසාය. Aru.
 
Tharurasi තරුරසී18 April 2016 at 05:57
 
මේ කටයුත්ත පිටුපස මොන තරම් ශ්‍රමයක්, කැපකිරීමක් තියෙනවද කියල හරිම පැහැදිලියි. ලබන සැරේ වැඩේට මීට වඩා උදව්වක් දෙන්න උත්සාහ කරන්නම්. ස්තුතියි අජිත් අයියා, කළණෙ, ඉයන්, ඉවාන් ඇතුළු ඒ හැමදෙනාටම.
 
බ්ලොග් කියවන්න කාලය ලැබෙන්නෙ අඩුවෙන් නිසා නිර්දේශ කිරීම්වලට සාධාරණයක් ඉෂ්ට කරන්න අමාරු වේවි. ඒ වැඩේ බාරනොගත්තෙ ඒ නිසා. නමුත් මගේ ඇහැ ගැටෙන මට දැනෙන ලිපි ගැන දැනුවත් කරන්නම්.
දෙවන උළෙලින් පස්සේ බ්ලොග් තේරීමට සෑහෙන උනන්දුවක් කිහිප දෙනෙකුට   තිබුන. අප අතරින් නික්ම ගිය විචාරක මහතා මෙන්ම අටම්පහුර ප්‍රධානව තවත්  කිහිප දෙනෙක් බ්ලොග් පොස්ට් එකතු කරන්න ගත්ත වෙනම අඩවියක. ඒ තරඟ විනිශ්චය සඳහා.
 
දෙවන සම්මාන උළෙලට කල්‍යාණ මිතරට අමතරව ඉවාන්,  මනෝජ්, දිලිනි, ඉයන් ඇතුළු බ්ලොග්  කරුවන් රාශියක් සහයෝගය දුන්න.  අජිත් පැරකුම් සහ නාලක වෙනද වගේම සහභාගී වුණා.  ප්‍රථම වරට බ්ලොග් වලට සහ සමාජ ජාල වලට කළ සේවය සඳහා විශේෂ සම්මානයකුත් හැදුව. මුල් වරට නම් කලේ නාලක හා රසිකලොජි ව.
 
සම්මාන උළෙලවල් දෙක අතරතුර ප්‍රජා  සත්කාර කිහිපයක්ම කෙරුණා. බ්ලොග්කරුවන්ගෙන් මුදල් එකතු කරලා සහ නෙලුම් යාය ඉතිරි මුදල් පියවල. කඳුකරයේ  පාසල් දෙකකට පොත්පත් බෙදා දීම, වතුර ලබා දීම, රත්නපුරයේ පාසලකට විදුලිය ලබා දීම සඳහා  දායක වීම  වගේ දේ. සමහර බ්ලොග්කරුවන් තමන්ට ලැබුණු මුදල් ත්‍යාග මේ ප්‍රජ සත්කාර වැඩ වලට නැවත ප්‍රදානය කලා.
 
එසේම මාසිකව හොඳම බ්ලොගයට මුදල් ත්‍යාගයක් දීමටත් යෝජනා කෙරිලා ටික කාලයක් පවත්වාගෙන ගියා. එසේ කලේ නිර්මාණ සහ බ්ලොග් තවත් ජනප්‍රිය කරවන්න. එයට ලැබුණු විරෝධය නිසා පසුව ඒ වැඩ සටහන අත් හැරලා දැම්ම. 
 
තුන්වන නෙළුම්  යාය උත්සවයට මට සහභාගී වෙන්න අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. වැඩ අධික වීම නිසා. උදව් කරන්න පොරොන්දු  වෙලා හිටියේ. නමුත් කිසියම්  අසත්‍ය ප්‍රචාර සමූහයක් නිසා 2016 අග භාගය වනවිට තත්වය උණුසුම් වුණා කීවොත්  නිවැරදියි. අපි බ්ලොග්කරුවන් හා කතා කරගෙන තෙවෙනි වරත් සංවිධානය කරන්න යත්න දැරුවත්  එය සාර්ථකව ඉටු වුනේ නැහැ. මොකද යෝජනා ආවත් ඉදිරියට එන පිරිස අඩුයි. කල්‍යාණ මිත්‍රත්,  අටමත් තවත් දෙතුන් දෙනෙකුත් ඇරෙන්න වෙන සහයෝගයක් ලැබුනේ නැහැ.  එනිසාම  උළෙල සංවිධානය  කිරීමේ කටයුත්ත ලංකානිව්ස්වෙබ් අඩවිය භාර ගත්ත. එසේම  චන්දිම විතාන ආරච්චි විසින් උළෙල සංවිධානයත් ඒ සඳහාම කැපවුණු පිරිසකට භාර දී තිබුන. පවත්වන තැන ගැන මම දැන  ගත්තෙත් ටිකක් පමා වෙලා.
 
සම්මාන වලට නිර්දේශි වූවන් මේ ලිපියේ. අජිත් පැරකුම් ට සම්මානයක් නිර්දේශ වී තිබුනත් ඔහු එය ප්‍රතික්ෂේප කළා නෙළුම් යාය  ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙලා උන්නු නිසා.  එසේම  කිසිම සම්මාන  තේරීමකට කාගේවත් දේශපාලනයක්  නම් හරස් වුනේ නැති බව පැහැදිලිව කියන්න ඕනේ. කරු පරණවිතාන මහතාට මෙවර ආරාධනා කර  තිබුනේ නැති අතර ආරාධනා කර තිබූ දේශපාලනඥයකු වන රාජිත සේනාරත්නට දැඩි විරෝධයක් බොහෝ අය මතු කරලා තිබුන. ඔහු පැති  මාරු කළ නිසා ආව පැත්තේ අයත් භීෂණ සමයට සම්බන්ධයි කියා වාමාංශික කොටසකුත් මේ විරෝධය පළ කලා. ඒ ගැන මේ ලිපියේ  වඩාත් සවිස්තරාත්මකව ලියල තියනවා.  මට ලංකාවේ දේශපාලනය තේරුණු අයුරින් තමා මේක ලියුවේ.
 
හැබැයි මෙහෙම ප්‍රශ්නයක්  නැගුවොත් මේ දෙගොල්ලටම තරහ යනවා. ඔය කියන දේශපාලකයා තමන් ගේ පැත්තේ ඉන්න කොට ප්‍රශ්න  තිබුනේ නැත්ද කියන කාරණයත් ඒ දේශපාලකයා  හිටි ආණ්ඩුව මගින් යුද්ධය මෙහෙයවද්දී  එයට  සහය දුන් ප්‍රධාන වාමාංශික පක්ෂයට අර කිව්ව "භිෂණය " මතක් වුනේ නැත්ද යන්නත්.  (ඒවා අහන කොට පුද්ගලික මඩ ප්‍රහාර නම් ලැබෙනවා). නමුත් මුලික වශයෙන් දේශපාලනඥයන් ගෙන්වනවද  නැත්ද කියන එක සංවිධායකයන් අත  තියෙන්නේ. හබොහෝවිට එහම් කෙරුවම භේද ඇතිවෙනවා තමයි. ඒකට  හේතුව යුරෝපයේ හෝ බටහිර වෙනත් රටවල වගේ දේශපලනය හා දේශපාලකයන් එතරම් ගණන් නොගන්නා ජනතාවක් ලංකාවේ නැති එක.   යුරෝපයේ ඉඳන් ලංකාවේ දෙයක් සංවිධානය කරනකොට  තමයි ඒවා. මිමි දෙකක් තියාගෙන් තමයි කටයුතු කෙරෙන්න. 
 
මේ ඒ ලිපියට ලැබුණු  ප්‍රතිචාරයන් .
 
තිසර10 April 2017 at 03:06
අජිත්, ඕනෑම තැනක ප්‍රශ්න තියනවා. තමන්ගේ උවමනාව සමග ඒ අනිත් දේවල් කොච්චර ගැටෙනවද, තමන්ගේ මූලික උවමනාවට ඒවායින් කොච්චර බලපෑමක් වෙනවාද යන දේවල් කල්පනා කර තමන්ට තීරණයකට එළඹිය හැකියි. යම් යම් ප්‍රශ්නකාරී දේවල් තිබ්බත්, මම නම් අජිත්, සුමිත්, අටම් ඇතුළු පිරිස කරපු මේ වැඩේ ගැන බොහොම සතුටු වන කෙනෙක්. සමහර දේවල් වල ආරම්භය මෙහෙම තමයි. ඔය කියන හැමෝගෙම විවේචන එක්ක තමයි ටිකෙන් ටික වේවා හැදෙන්නේ. නමුත් අර ආරම්භක තල්ලුව දෙන්න තමයි අමාරු. කාලයත් සමගම සම්මාන උළෙල මීට වඩා වෙනස් ස්වරූපයක් ගනීවි. නමුත් පුළුවන් කාලයක් ඔබගේ දායකත්වය ඊට ලබාදෙන්න පුළුවන් නම් හොඳයි.
 
Maathalan - Priyantha Hewage10 April 2017 at 05:31
මොකා මොන බයිලා ගැසුවද නෙළුම් යාය සම්මාණ උළෙල ඉදිරියටම යා යුතුය. මෙවර සම්මාණ උළෙල බොහෝ අයගේ ගර්හාවට හා කතා බහට ලක් වන්නේ එහි ඇති සාර්ථකත්වය නිසාමය.
මඩ කාගෙන මේ වෙනුවෙන් කැපවූ සියල්ලන්ටම මාතලන්ගේ ප්‍රණාමය....
 
ඉවාන් පවුලූශා10 April 2017 at 17:17
නෙළුම් යාය ඉදිරියට යා යුතුයි. බ්ලොගර්ලා සම්මාන උලෙලකට මේ තරම් බය ඇයිදැයි නම් නොතේරේ. බොරු සුචරිතයක් පෙන්වමින් විරුද්ධ වෙන්නන්ට විරුද්ධ වෙන්නටත්, සහභාගී වන්නන්ට සහභාගී වන්නටත් හැක. 
 
සම්මාන උළෙලවල් ගැන කතා කරන කොට අමතක කරන්න බැරි බොක්කෙන්ම බැහැල  වැඩ කරපු කෙනෙක් ඉන්නවා. ඒ සුමිත් යාපා හෙවත් කල්‍යාණ මිත්‍ර. ඉන්දික , ඉයන් සහ නෙළුම් යායෙත්, තවත් බ්ලොග්කරුවන්/කාරියන්  ගේ ධන පරිත්‍යාගයෙන් කළ සමාජ සත්කාර වලදී මුලිකත්වය ගෙන වැඩ කල කෙනෙක්. දෙවන හා තෙවන සම්මාන  උළෙල දෙකේදීම නිදි මරාගෙන,  නිර්දේශිත  බ්ලොග් කියවමින්, වේදිකාවේ කියවීමට අවශ්‍ය හැඳින්වීම් ලියමින්, තමන් ගේ  පුංචි දුවා දරුවන් බලන්න යන වෙලාව කැප කරමින් ඔහු කටයුතු කලේ. ඔහුගේ කාලය මෙන්ම ගමන් වියදම් පවා වැය කරගෙනයි ඒ උදව් කළේ.  කිසිම  බ්ලොග්කරුවෙක් ඔහුට ස්තූති කළාද කියන්න දන්නේ නැහැ. මම නම් ඒ ස්තුතිය කරනවා හැමෝම වෙනුවෙන්.
 
එසේම ඉවාන් පවලුශා හා  අටම්පහුර අමතක කරන්නත් බැහැ. මුල් උළෙලේ ගීත ගයපු දිලිනි සහ මනෝජ් , නාට්‍ය ගෙන්වන්න  උදව් කරපු තරංගනී මෙන්ම සම්මාන  සඳහා මුදල් පරිත්‍යාග කල බ්ලොග් කරුත් අමතක කරන්න බැහැ. පළමු හා දෙවන සම්මාන උළෙලේදී ලංකානිව්ස්වෙබ් හි උපුල් නිශාන්ත, සංජිව සහ ජයම්පතිත්  සෑහෙන්න මහන්සි වුණා. උපුල් නිදි මරාගෙන කුසගින්නේ තැවී ගෙන,  අර සමහරු ලී කෑලි කියල කියන සම්මාන හදාගෙන එන්න වෙහෙසි  වුණා . ඒ මහන්සිය දැක්ක නම් එහෙම කියයිද දන්නෙත් නැහැ.  සම්මාන උළෙලවල් තුනේම සංවිධානය සඳහා මුලිකව මහන්සි වුනේ ප්‍රධාන විධායක චන්දිම විතාන ආරච්චි සහ ලංකානිව්ස්වෙබ් ආයතනය. ඔවුන්ගේ සංවිධනාත්මක සහය නැතිනම් මෙය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ සංවිධානය කිරීම උදෙසා ඔවුන් කිසියම් වියදමක් දැරූ බවත් මම දන්නවා.
 
තෙවන සම්මාන උළෙලේ දී එක අයෙකු ඉවත් වුනාට පස්සේ බ්ලොග් නිර්දේශ කිරීම කළේ මමයි කල්‍යාණයි. ඒ වගේම සම්මාන තුනටම කිසිදු වියදමක් අපෙන් ලබා නොගෙන නොමිලේ සහභාගී වුන දෙදෙනෙක් හිටිය. ඒ නාලක ගුණවර්ධන සහ අජිත් පැරකුම් ජයසිංහ. කවුරු මොන චෝදනා  ඉදිරිපත් කලත් ඔවුන් උත්සව තුනටම ආලෝකයක් සැපයුවා.  නාලක ගුණවර්ධන, සරෝජ පතිරණ,  චන්දිම, කල්‍යාණ මිත්‍ර තමයි විනිශ්චය මණ්ඩලයේ හිටියේ. ඔවුන්ගේ ස්වාධින තීරණ වලටත් ඒ සඳහා වැය  කල කාලයත් අමතක කරන්න බැහැ.
 
බ්ලොග් සම්මාන ගැන මුලින්ම දන්නා මහත්මයෙක් මෙහම   කතාවක් කිව්වා මට. "අජිය ඕක උඹ නැත්නම්  කෙරෙන්නේ නැහැ. උඹ ඔතන ඉන්න ඕනේ" කියල. මම ඒ කතාවත් සෑහෙන්න විශ්වාස කළා. හැබැයි මම හිතනවා මම නැතිව මේ සම්මාන උළෙල කරගෙන යන්න පුළුවන් කියල. අපි පුද්ගලවාදී වෙන්න ඕනේ නැහැ. බ්ලොග්කරුවන්ට ඒ සඳහා ඕන කමක් තියනවා නම් ලංකානිව්ස්වෙබ් ආයතනයට ඕනෑකම තියනවා නම් කරන්න  පුළුවන්. පදනම දාල තියෙන්නේ.
 
අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ අභියෝගය අපිම නිර්මාණය කරගෙන අපිම සාර්ථකව ඉදිරිපත් කළා කියල. ප්‍රශ්න සහ වරදවා වටහා ගැනීම් තිබ්බ තමයි. ඒත්  මම හොඳින් නිරීක්ෂණය කළ දෙයක් තමයි බොහොමයක් සම්මාන ලබා ගත්ත සහ උත්සවයට සහභාගී වුන බ්ලොග්කරුවන් එය ප්‍රීතියෙන් සැමරූ බව. බොහෝ අය ආඩම්බරයෙන්  එම සම්මාන ලබා ගත් බව හා තම තමන් ගේ බ්ලොග් වල එය ප්‍රදර්ශනය කළ බව.  බ්ලොග් දැන් ආපහු ජනප්‍රියත්වයෙන් හීන වීගෙන යනවනම් ඒ කියන්නේ නිර්මාණ හිඟ වීමක් හෝ සමහර කාල වල බ්ලොග්කරුවන් ගේ ඉවත්ව යාමක් වෙන්න පුළුවන්. එසේම එහෙම නැති වී යනවනම් ඒකට කරන්න දේකුත් නැහැ. ඒක තමයි ලෝකයේ නෙමේ මේ විශ්වයේත් ස්වභාවය. අලුත් දේවල් එනවා පරණ දේවල් නැති වෙලා යනවා. සනාතන  ධර්මයක්. බ්ලොග් වලට වුනත් එහෙම වෙන්න පුළුවන්.
 
ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මම ඉතා සතුටක් ලැබුවා නෙළුම් යාය තුලින් කල වැඩ කොටස සහ බ්ලොග් සම්මාන උළෙල ගැන. නමුත් තව දුරටත් කාලය ඒ සඳහා ඉඩ ලබා දෙන්නේ නැහැ.
 
ඉතින් ආයුබෝවන් නෙළුම් යාය ගරු.
 
යොමු:
 
 
 
 
 
 
 
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැම හොඳ දෙයකම අවසානය එළඹෙන දවසක් ද ඇත
හැම හොඳ දෙයකම අවසානය එළඹෙන දවසක් ද ඇත
http://ift.tt/2uSzqwZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_643.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_643.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy