දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටම කැළඹු කෝටි 500යේ දියමන්තිය දියමන්තියක් නෙවෙයි වෙනත් පාෂාණයක්ලු
Homeප්‍රවෘත්ති

රටම කැළඹු කෝටි 500යේ දියමන්තිය දියමන්තියක් නෙවෙයි වෙනත් පාෂාණයක්ලු

PropellerAds

ආන්දෝලනයට තුඩු දී තිබෙන රුපියල් කෝටි පන්සියයක් වටිනා බව කියන දියමන්තිය පිළිබඳව ඊයේ (11) මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කළ මූලික පරීක්‍ෂණයේ...

EPDP සාමාජිකයින් 3කට මරණ දණ්ඩනය
කොළඹ වරායේ ගින්නක් - අයෙක් මරුට
බැසිල් එජාපයේ ප්‍රබලයින් තිදෙනෙකු සමග රහස් සාකච්ඡාවක
රටම කැළඹු කෝටි 500යේ දියමන්තිය දියමන්තියක් නෙවෙයි වෙනත් පාෂාණයක්ලු

ආන්දෝලනයට තුඩු දී තිබෙන රුපියල් කෝටි පන්සියයක් වටිනා බව කියන දියමන්තිය පිළිබඳව ඊයේ (11) මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කළ මූලික පරීක්‍ෂණයේදී හෙළි වී ඇත්තේ එය දියමන්තියක් නොවන විශේෂ පාෂාණයක් විය හැකි බවයි. 

දියමන්තියක් බවට විශ්වාස කරන මෙම විශේෂිත පාෂාණයේ හිමිකරු පොලිසියත් සමඟ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඊයේ පැමිණි අවස්ථාවේදී එහි සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ පිළිබඳව සොයා බැලීම සඳහා මැණික් පිළිබඳ විශේෂඥ දැනුමකින් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවකට එහි මූලික පරීක්‍ෂණ කටයුතු භාර දී තිබේ. 

මෙම පාෂාණය පිළිබඳව එම ත්‍රිපුද්ගල කමිටුව කළ පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත්තේ එය දියමන්තියක් නොව විශේෂ පාෂාණයක් විය හැකි බවයි. 

මෙය දියමන්තියක් ද නොමැති නම් වෙනත් පාෂාණයක්ද යන්න පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් කිරීමට නම් මෙය පළුදු කළ යුතු බවට එම ත්‍රිපුද්ගල විශේෂඥ කණ්ඩායම දැනුම් දී ඇත. 

නමුත් මෙය දියමන්තියක් යැයි විශ්වාස කරන එහි හිමිකරු කියා ඇත්තේ මෙම වටිනා දියමන්තිය පළුදු කිරීමට ඉඩදිය නොහැකි බවය. 

මෙම පාෂාණයේ හිමිකරු සමඟ පැමිණ සිටි පොලිස් නිලධාරීන් එහිදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාට කියා ඇත්තේ මෙය පළුදු කිරීමට හිමිකරු අකැමැත්ත ප්‍රකාශ කරන නිසා ඒ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරන බවයි. 

මේ සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේ අධිකරණය දෙන තීන්දුවෙන් පසු මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් කරන බවයි. ඒ නිසා මෙය දියමන්තියක්ද වෙනත් පාෂාණයක් දැයි යන්න කිව නොහැකි බවද සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටම කැළඹු කෝටි 500යේ දියමන්තිය දියමන්තියක් නෙවෙයි වෙනත් පාෂාණයක්ලු
රටම කැළඹු කෝටි 500යේ දියමන්තිය දියමන්තියක් නෙවෙයි වෙනත් පාෂාණයක්ලු
http://am.lk/media/k2/items/cache/18d94f12943658efa8efca2c0f848855_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/500_92.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/500_92.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy