අල් ජසීරා මාධ්‍ය ජාලයේ ජෙරුසලම කාර්යාලය වසා දමන ලෙසට මෙම නිවේදනය සිදුකර තිබෙන්නේ ඊශ්‍රාල සන්නිවේදන අමාත්‍ය අයූබ් කාරා විසිනි. මේ අනුව ...
අල් ජසීරා මාධ්‍ය ජාලයේ ජෙරුසලම කාර්යාලය වසා දමන ලෙසට මෙම නිවේදනය සිදුකර තිබෙන්නේ ඊශ්‍රාල සන්නිවේදන අමාත්‍ය අයූබ් කාරා විසිනි. මේ අනුව එම කාර්යාලයේ සේවයේ නියුතු ඉංග්‍රීසි සහ අරාබි මාධ්‍යවේදීන්ට එයින් ඉවත් වීමට සිදුවනු ඇත.
අල් ජසීරා ජෙරුසලම ශාඛාව, අල් අක්සා වැනි නැගෙනහිර ජෙරුලසලමේ පිහිටා තිබෙන පුදබිම්වලදී මුස්ලිම් බැතිමතුන්ට එල්ල වන ප්‍රහාර සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳ දිගින් දිගටම වාර්තාකරණයේ නිරතව සිටියේය. අල් අක්සා වැනි පුදබිම් මුස්ලිම් බැතිමතුන්ගේ මෙන්ම යුදෙව් බැතිමතුන්ගේ ද පූජනීය ස්ථාන වශයෙන් සැලකෙන හෙයින් මෙම ආගම් ද්විත්වයටම අයත් බැතිමත්හු නොකඩවා මෙම ස්ථානවලට ඇදී එති. නමුත් ඊශ්‍රායල සොල්දාදුවන් විසින් මෙම පුදබිමට විශේෂ ආරක්ෂාවක් සපයමින් සිටින බැවින් එහිදී මුස්ලිම් බැතිමතුන් විවිධ තාඩන පීඩනවලට ලක් වේ.
අල් ජසීරා කාර්යාලය වසා දමන ලෙස සිදුකළ නියෝගය හෙළා දකිමින් මේ වන විට සමාජ ජාල ඔස්සේ ද විශාල විරෝධයක් ගොඩනැගෙමින් තිබේ. අල් ජසීරා පුවත්සේවයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ කටාර් රාජ්‍යයේ දෝහා නුවර ය. අල් ජසීරා ශාඛා කාර්යාල ලොව පුරා 80 ක් පමණ පිහිටා ඇති අතර, ගල්ෆ් අරාබි කලාපයේ සහ මැදපෙරදිග මුස්ලිම් ලෝකය පිළිබඳ ප්‍රශස්තම පුවත් ආවරණයන් ඔවුන් විසින් සිදුකරන බවට තිබෙන පිළිගැනීම අති මහත් ය.
-අමාලි ජයවීර
COMMENTS