පසුව ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ද මාරු වෙමින් මහින්ද රාජපක්ෂ සමග එක් වුණේ උසස් අධ්‍යාපන ඇමති බවට පත්වෙන්නට ය. 2014 ජනාධිපතිවරණ සමයේදී ඔහු ...
පසුව ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ද මාරු වෙමින් මහින්ද රාජපක්ෂ සමග එක් වුණේ උසස් අධ්‍යාපන ඇමති බවට පත්වෙන්නට ය. 2014 ජනාධිපතිවරණ සමයේදී ඔහු ජනපති සිරිසේනට එරෙහිව මාධ්‍ය හරහා විශාල පහරදීමක් කළේය. 2015 දී රාජපක්ෂ කල්ලියෙන් මාරු වුණු ඔහු නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වුණේ පාර්ලිමේන්තු යන්නට ලැයිස්තුවෙන් ඉඩක් සහ ඇමතිකමක් ලබාගන්නට ය.
මේ අනුව ඔහු නැවත නැවතත් පෙන්වා දී තිබෙන්නේ ඔහු තමන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට පක්ෂපාතී නැති බව ය.
සයිටම් සමග ඔහුට සම්බන්ධය ඇතිවන්නේ ඔහු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයේදී ය. සයිටම් ආයතනයට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදීම වෙනුවෙන් ඔහුට මෙල්බන් නුවරින් මිලියන 300 ක් වටිනා ගෙයක් ලබාදුන් බවට චෝදනා නැගේ. ඔහුගේ පුතා සහ ඔහුගේ අලුත විවාපත් වූ බිරිඳ, දික්කසාද වන තෙක් ජීවත් වුණේ ඒ ගෙදර ය. ගෙදර ලබාදී තිබුණේ බිරිඳට ය.
ඉන්පසු වෛද්‍ය උපාධිය පිරිනමන බවට ගැසට් නිවේදනයක් සයිටම් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කළ යුතු විය. මේ කමිටුවේ නායකත්වයට එස්.බී. තම පුතා පත් කළේය. පුතාගේ නිර්දේශ මත පදනම් ව නව ගැසට්පත්‍රයක් නිකුත් කෙරුණේය. ඔහුට නැවතත් සයිටම් ආයතනයෙන් මුදල් ගෙවීම සිදුවිය. වෛද්‍ය විද්‍යාලයක් ක්‍රියාත්මක භාවයට පත් කිරීම සඳහා අනුමැතීන් දෙකක් අවශ්‍ය ය. ඒ” වෛද්‍ය සභාවෙන් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙනි. සයිටම් මේ දක්වා ලබාගෙන තිබෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය පමණි. සයිටම් ප්‍රශ්නය තිබෙන්නේ එතැන ය. එස්.බී. දිසානායක සයිටම් ගැටලුවේ නිදන්ගත හේතුවයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේත් දෙමාපියන්ගේත් ප්‍රහාරයන්ට මුහුණ දෙමින් සිටින්නේ වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා ය. ඇයි? ඒ ඇයිදැයි කිසිවෙක් නොදනිති !
සම්පූර්ණ කතාව දැන ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කීවාක් මෙන් කොමිසමක් පත් කළ යුතුය.
COMMENTS