හයක් දිග තුන පළල කැටයම් සහිත ලී පෙට්ටියක පහයි පහ උස, අප්පච්චි තිව්වම ඉතිරිවෙන ප්‍රමාණය සෙන්ටිමීටර කීයද? ලංකාවෙ දිගම ගඟ අම්මගේ නෙ...
හයක් දිග තුන පළල
කැටයම් සහිත ලී පෙට්ටියක
පහයි පහ උස, අප්පච්චි තිව්වම
ඉතිරිවෙන ප්‍රමාණය
සෙන්ටිමීටර කීයද?
ලංකාවෙ දිගම ගඟ
අම්මගේ නෙතගින්
ඊයෙ ඉඳලා , අලුත් උල්පතකින්
පටන් ගත් වගක් මම
ලීවොතින් වැරදිද........?
අක්කට දොළහයි
මට දහයනම්,
අම්මා ආයෙ රස්සාවකට යානම්
අප්පච්චිත් නැතිව ,අම්මාත් නැතිව
දිනකට අප ගතකරන කාලය කොපමණද?
ඒ හැම එකකටම වැඩිය
"ඉර බැසගෙන යන හැන්දෑව"
මාතෘකාවට රචනයක් ලීමම
කොච්චර නං අමාරුද?
අප්පච්චිගේ වළලෑම
හෙට හැන්දෑවෙම වීම.....!!
අනේ මන්දා...
COMMENTS