දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතදරු දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක් ...
Homeප්‍රවෘත්ති

අතදරු දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක් ...

PropellerAds

එකී අදහස් දැක්විමට හේතු පාදක කරගෙන ඇත්තේ ඇමරිකානු ළමා රෝග විශේෂඥ සංගමය මගින් සිදුකළ පර්යේෂණයක් හරහා එළැඹ ඇති නිගමනයකි. ඒ අනුව ඇමරිකානු ළම...

අද සිට දින 10ක් රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මකයි
සිසුන් 1000ට වැඩි සියලු පාසල්වලට ඇමැති අකිලගෙන් කළමනාකරුවන්
දිගන හා තෙල්දෙනියේදී කලහකාරීව හැසිරුණු 24ක් අත්අඩංගුවට
අතදරු දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක් ...

එකී අදහස් දැක්විමට හේතු පාදක කරගෙන ඇත්තේ ඇමරිකානු ළමා රෝග විශේෂඥ සංගමය මගින් සිදුකළ පර්යේෂණයක් හරහා එළැඹ ඇති නිගමනයකි. ඒ අනුව ඇමරිකානු ළමා රෝග විශේෂඥයන්ගේ සොයා ගැනීම පෙන්වාදෙමින් ළමා රෝග විශේෂඥ මනෝජ් ප්‍රනාන්දු මහතා අවධාරණය කරන්නේ වයස අවුරුදු දෙක සම්පූර්ණවන තුරු කිසිදු දරුවෙකුට කිසිදු රූපවාහිනි වැඩසටහනක් නැරඹීමට ඉඩ නොදිය යුතුය යන්නයි. එපමණක් ද නොව ඇමරිකානු ළමා රෝග විශේෂඥ සංගමයේ උපදෙස වී ඇත්තේ අවුරුදු 05 ට අඩු දරුවන්ට පවා රූපවාහිනිය නැරඹීම සඳහා ඉඩදිය යුතුව ඇත්තේ දිනකට පැය භාගයක පමණ කාලයක් වන බවය.

විවිධ නාළිකා මගින් විකාශනය කරන රූපවාහිනි චැනල් අතිවිශාල ප්‍රමාණයක් හරහා අප රටේ ජන ජීවිතය කෙරෙහි ඇතිකර ඇති බලපෑම පිළිබඳව ගැඹුරු සමීක්ෂණයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නැතත් රූපවාහිනිය අප රටෙහි ජන සමාජයට කරමින් සිටින බලපෑම කිසිසේත්ම අඩු මට්ටමක නොපවතී. ඒ අනුව රටේ ළමා පරපුරට අදාළව පමණක් නොව රටේ වැඩිහිටි පරපුරේ රසවින්දනය, දැනුම හා විනෝදය කෙරෙහි අද රටේ පවතින විවිධ රූපවාහිනි නාළිකා මගින් විකාශනය කරන වැඩසටහන් හරහා කෙබඳු බලපෑමක් සිදු කරන්නේ ද යන්න සොයා බැලීම අත්‍යාවශ්‍ය වී තිබේ. එහෙත් එහිදී ඊට පෙර ළමුන්ට අදාලව පිළිගත් වෘත්තීය විශේෂඥ කණ්ඩායමක් සිදුකර ඇති පර්යේෂණයේ ප්‍රතිඵල ගැන අවධානයක් යොමුකළයුතුව තිබේ. එහිදී ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරෙන්නේ සමාජයේ ජීවත්වන වැඩිහිටියන්ටය. ඒ අතරින් ද කුඩා දරුවන් සිටින දෙමාපියන්ට ය.

අප ලබා ඇති අත්දැකීම් අනුව අපගේ ළමා කාලයට අදාළව ද ළමයින්ගේ නිර්මාණාත්මක කුසලතා බොහෝ දුරට පාලනය කරනු ලැබූයේ වැඩිහිටියන්ය. ඒ දරුවන්ට ලබාදෙන අධ්‍යාපනය, දැනුම හා විනෝද මාර්ග හරහාය. එහිදී පොත පත ද ඇතුළු කුඩා කාලයේදී අපට දැනුම ලබාදුන් මාර්ග සැලකීමේදී ඒවා ළමයින්ට උචිත මාතෘකාවන් හා බොහෝ දුරට අනුරූප විය. අනෙක් අතට ළමයින්ට අදාළ නොවන ඇතැම්විට නුසුදුසු මාතෘකාවන් යටතේ පවා පළවන මුද්‍රිත කෘති සළකා බැලීමේදී ළමයාගේ සාක්ෂරතා මට්ටම අනුව ඒවා ග්‍රහණයට ගැනීමට ඇති අසීරුව ද අවසානයේ ළමයාගේ වාසියට හේතුවනවා ද විය හැකිය.
එහෙත් රූපවාහිනිය එසේ නොවේ. රූපවාහිනියේ විකාශය වන දර්ශනයක් ග්‍රහණය කර ගැනීමට ගැඹුරු සාක්ෂරතාවයක් අවශ්‍ය වන්නේ නැත. මෙකී සරල සත්‍ය තුළම රූපවාහිනිය හා ළමා පරපුර අතර පවත්වාගත යුතු සම්බන්ධතාවය පිළිබඳව ගැඹුරු අනතුරු ඇඟැවීමක් සැඟව පවතී. විශේෂයෙන්ම දියුණු විද්වත් ප්‍රජාවක් ඊට අදාළව සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂණයක් තුළින් ලබාදුන් උපදෙසක් බැහැර කිරීම කිසිසේත්ම නොකළ යුතුය. මේ රටේ කුඩා දරුවන් සිටින දෙමව්පියන් විශේෂයෙන්ම ඒ පිළිබඳ අවධානයක් යොමුකළ යුතුව ඇත්තේ ඒ නිසාය.

අනෙක් අතට රූපවාහිනිය හා ගෘහස්ත සමාජය අතර ඇති දැඩි සමීපතාවය තුළ අප රටේ වැඩිහිටි සමාජය ද ඒ ගැන අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්ය. එය එසේ වන්නේ යම් පුද්ගලයෙකුගේ පෞර්ෂ සැලැස්ම හා සමාජ සැලැස්ම අතර ඇති සබඳතාවයන් අනුව චරිත නිර්මාණය වන නිසාය. පුද්ගල ස්වභාවයන් බොහෝ විට ඒ ඒ පුද්ගලයන් ඇසුරුකරන, ගරුකරන, ඇළුම්කරන පුද්ගලයන්ගේ හැසිරීම් රටා අනුකරණය කරන බව පිළිගත් සත්‍යයකි. ඒ අනුව සමාජයක් රූපවාහිනිය ඇසුරුකරන ස්වභාවය ද, ඒ ඇසුරුකරන චරිතවල ස්වභාවය හා ඇගයීම් අනුව ද සමාජයක ස්වරූපය තීන්දුවනු ඇත.
දැන් අප සරලව විමසා බැලිය යුත්තේ අප සමාජය රූපවාහිනි නාළිකා සමග සිදුකරමින් ඇති ඇසුර කෙබඳු එකක්ද යන්නය. ඒ පිළිබඳව සිදුකර ඇති එක් සමීක්ෂණ නියැදියකට අනුව ප්‍රේක්ෂකයන් අතරින් සියයට 22 ක් ටෙලි නාට්‍ය කෙරෙහි ප්‍රමුඛ ආකර්ෂණයක් දක්වයි. එය බොහෝ දෙනක් එකී ටෙලි නාට්‍ය කෙරෙහි ආශක්ත වී ඇත්තේ එම ටෙලි නාට්‍යවල ඇති චරිත, ආකර්ශණීය ප්‍රතිරූප තම ජීවිතයට සමීප නිසා හෝ සමීපකර ගැනීමට ඇති කැමැත්ත නිසාය. ඒ අනුව ඔවුන් මෙම චරිත හා ප්‍රතිරූපවලට අනුගතවීමක් ද නිතැතින්ම සිදුවිය හැකිය. ඒ සමගම අප අවධානය කළයුතු වැදගත්ම දේ වන්නේ එකී සමීක්ෂණයේදි ප්‍රතිචාර දක්වා ඇති අවුරුදු 20-30 ප්‍රේක්ෂකයන් වඩා ඇල්මක් දක්වන්නේ ඉන්දියාවෙන් ආනයනය කර ස්වදේශීය භාෂාවන්ගෙන් හඬකවා විකාශනය කරන ටෙලි නාට්‍ය කෙරෙහිවන බවයි. එවැනි ටෙලිනාට්‍යවල ආඛ්‍යානය මගින් බොහෝ විට සන්නිවේදනය කරන්නේ වෛරය, ද්වේශය, පවුල් ජීවිතයේ බිඳවැටීම් හා ඒ සඳහාවන කුමන්ත්‍රණ ආදියයි.

ඒ අනුව සාමාන්‍ය ජනසමාජයේ සිතුම් පැතුම් පිළිබඳ පමණක් නොව පොදු ආකල්ප ගොඩනැගීම කෙරෙහිද එකී ටෙලිනාට්‍ය ඇතිකරනු ඇතැයි කියන බලපෑම තේරුම්ගැනීමට අපහසු නොවේ. අපේ රටට අදාළව සැලකීමේදී බොහෝ දෙනෙක් මේ ටෙලි නාට්‍ය නරඹන්නේ තම දූ දරුවන් ද පිරිවරාගෙනය. අතදරුවන් පවා උකුලෙහි තබාගෙනය. ඒ අනුව දරුවන් ටී.වී බැලිය යුතු පැය ගණන ගැන මනෝ වෛද්‍ය විශේෂඥයන් පළ කර ඇති පෙර කී අදහස පිළිබඳව අප සියලුදෙනාම ගැඹුරු අවධානයක් යොමුකළයුතුව තිබේ. මක්නිසාද යත් එය ඔබේ දරුවාට අදාළව පමණක් නොව ශ්‍රී ලාංකීය ජන සමාජයේ අනාගත පැවැත්වමට අදාළව ද ඒ තුළ ගැඹුරු අනතුරු ඇඟැවීමක් සිදුකර ඇති නිසාය.

සුනිල් ජයසේකර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතදරු දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක් ...
අතදරු දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක් ...
http://ift.tt/2vRrqiC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_568.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_568.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy