දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිසුන් 1000ට වැඩි සියලු පාසල්වලට ඇමැති අකිලගෙන් කළමනාකරුවන්
Homeප්‍රවෘත්ති

සිසුන් 1000ට වැඩි සියලු පාසල්වලට ඇමැති අකිලගෙන් කළමනාකරුවන්

PropellerAds

පරිපාලනයේ පහසුව සඳහා ළමුන් 1000 ට වැඩි සියලු පාසල් වලට ඉදිරියේ දී කළමනාකාරවරුන් පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරි...

සජිත් ළඟ සිටි මන්ත්‍රීවරුන් 58න් 31ක් කරු සරණ යයි
මං මහා දේශපේ‍්‍රමියෙක්.. මාව අත්අඩංගුවට ගන්නයි හදන්නේ - චම්පික
මැතිවරණයෙන් පස්සේ සජිත්ට නායකත්වය දීම මෙලෝ රහක් නැති වැඩක් - අජිත් පී පෙරේරා
සිසුන් 1000ට වැඩි සියලු පාසල්වලට ඇමැති අකිලගෙන් කළමනාකරුවන්

පරිපාලනයේ පහසුව සඳහා ළමුන් 1000 ට වැඩි සියලු පාසල් වලට ඉදිරියේ දී කළමනාකාරවරුන් පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා පැවති කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙලට එක්වෙමිනි.

ළමුන් 1000 ට වඩා වැඩි පාසල් සඳහා කළමනාකාරවරයෙකු ද, ළමුන් 2000 ට වඩා වැඩි පාසල් සඳහා කළමනාකාරවරයෙකු මෙන්ම තවත් සහකාර කළමනාකාරවරයෙකු ද පත් කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරනු ලබන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

අදාළ කළමනාකාරවරුන් පාසලේ පරිපාලන කටයුතු සඳහා සෘජුවම මැදිහත් වන අතර විදුහල්පතිවරයා හට පාසලේ ප්‍රධානියා ලෙස කටුයුතු කරමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ අවස්ථාව මේ තුළින් හිමි වනු ඇති බවත් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපනඥයින් කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වෙනුවෙන් ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.

බහුතර ගුරුවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන් තීරණය කළ බවත්, කෙතරම් විරෝධතා පැමිණිය ද එය සිදුකළ යුත්තක් බැවින් එම ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පැහැදිලි කළේය.

අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ, විධිමත් ක්‍රමවේදයන් අනුව ගුරු වෘත්තිය සංගම් වල සමාජිකත්වය ද සහභාගී කරගනිමින් ගුරුමාරු මණ්ඩල හරහා එම වැඩසටහන ක්‍රියාවට නංවන බවයි.

ගුරුමාරුවීම් වලදී අදාළ ගුරුවරුන්ගේ පදිංචිය ඇතුළු තවත් කරුණු රැසක් මූලිකව සලකා බලමින් එම මාරුවීම් සිදු කරන බවත් අදාළ මාරුවීම් සම්බන්ධයෙන් අභියාචනා සිදුකිරීමේ අවස්ථාව ද අදාළ ගුරුවරුන් වෙත පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිසුන් 1000ට වැඩි සියලු පාසල්වලට ඇමැති අකිලගෙන් කළමනාකරුවන්
සිසුන් 1000ට වැඩි සියලු පාසල්වලට ඇමැති අකිලගෙන් කළමනාකරුවන්
http://am.lk/media/k2/items/cache/a5409d3a5a3ba082ee20045a3a03a4a8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/1000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/1000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy