දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

එකල රජ දවස සහ මෙකල රජ දවස...

එකල රජ දවස අපි දුෂණ හා මිනිමැරිම් වලට දැඩිව විරුද්ධ වුවෙමු. මේ වන විටත් සමාජය තුල දුෂණයට එරෙහි මතයක් ගොඩනැගි ඇත. දුෂණයට එරෙහි සමාජ මතය ක...


එකල රජ දවස අපි දුෂණ හා මිනිමැරිම් වලට දැඩිව විරුද්ධ වුවෙමු.

මේ වන විටත් සමාජය තුල දුෂණයට එරෙහි මතයක් ගොඩනැගි ඇත. දුෂණයට එරෙහි සමාජ මතය කෙතරම් ප්‍රභල දැයි කියතොත් හිටපු මුදල් ඇමති වරයා මසක් ඉකුත් විමට පෙරම හිටපු විදේශ ඇමති වරයා බවටද පත් වී හමාරය.

එතනින් නොනවති, රටට පාඩු වු මුදල් අප නැවත ලබා ගත යුතු බවත් දුශිතයන්ට දඩුවම් දිය යුතු බවත් අප හඩ නගා කියයි. වැලපෙමින් කියයි. පොලවේ හැපෙමින් කියා සිටි.එය සත්‍ය ලෙසම පැසසිය යුතු ප්‍රවණතාවයකි.

එදා.....

1. 2006 වර්ශයේ ශ්‍රිලංකා ගුවන් හමුදාවට මිග් 27 වර්ගයේ ගුවන් යනා 4ක් මිලදි ගැනිම හා මිග් 27 වර්ගයේ ගුවන් යානා 3ක් හා මිග් 23 යානයක් අලුත් වැඩියාවේදි ඇමරිකානු ඩොලර් මිලියන 6 ක දුෂණය ගැන අප එය දේශප්‍ර්‍මයේ නාමයෙන් අමතක කර දැමුවෙමු.

2.ප්‍රාථමික ගැනුම් කරුවෙකු වු N trust මගින් රුපියල් කෝටි 1200 ක් හොරකම් කර එකී මුදල් මගින් කාල්ටන් රග්බි තරගාවලියේ අනුග්‍රහකත්වයට යෙදවිම අප දුටුවෙ සොරකමක් ලෙස නොව රගර් ක්‍රිඩාවේ ඉදිරි පියවරක් ඔබතුමන් ගත් ලෙසටය.එහිදි ක්‍රිඩකයන් වෙන්දේසියෙදි යෝශිත පුතුට ලක්ෂ 111 ක් මිලක් ගෙන දිම අපිට ගෙන ආවේ අභිමානයකි.අප්පචිචිගේ පුතෙකු නිසාවෙන් අප එයද අමතක කර දැමුවෙමු.

3.එමෙන්ම ඔබගෙ පුතුන් හා බිරිද එකතුව 2012.මැයි මස 17 වන දින තජුඩින් ඝාතනය කලද අප අදටද පසක් කර සිටින්නේ යුද්ධය දිනු ඔබට මිනි මැරිමට ශුද්ධ වු අයිතියක් ඇති බවයි.

4.ග්‍රික් බැදුම්කර ආයෝජනයෙන් රුපියල් කෝටි 230ක පාඩුවක් සිදු වුවද අප එය දුටුවේ ආසියාවේ අශ්චර්ය සදහා යන තවත් එක් ඉදිරි පියවරක් ලෙස පමණි.

5.හෙජින් ගණුදෙනුව මගින් වු පාඩුව රුපියල් කෝටි 13425 ක් වුවද අපට එ ගැන කතා කිරිමට නොහැකි වුයේ ඔබ එ වන විටත් යුද ජයග්‍රහණය නිසවෙන් රාජාභිශේකය ලබා තිබු බැවිනි .

6.2008.05.23 නේශන් පුවත් පතේ ආරක්ශක වර්තාකරු පැහැර ගෙන ගොස් පහර දිම අප දුටුවේ,යුද්ධයට එරෙහි වන්නට එරෙහි වන ඔබගේ ප්‍රතාපවත් කාය ශක්තිය පමනි.

7.2009.01.06 සිරස මැදිරි සංකීර්ණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමේදි අප එය දුටුවේ එයද ඔබ තුමන්ගේ වන්නි මනුශිය මෙහෙයුමේ තවත් එක් පියවරක් වශයෙන් පමණි.

8.2011.08.30 ගැසට් නිවේදනය මගින් සයිටම් ආයතනය ස්තාපිත කරදිද අපි එකදු පොස්ටුවක් සමාජ ජාලා වෙබ් අඩවි හරහා මුදා නොහැරිමට තරම් පරිස්සන් වුයේ සයිටම් ආයතනය යනු "දැනුමේ කේන්ද්‍රස්ථානය" බවට පත් කිරිමේ ඔබ තුමන්ගෙ වැඩපිලිවෙලෙහි තවත් ඉදිරි පියවරක් ලෙස අප එය දුටු නිසාවෙනි.

9.පරිසර ඇගයීම් වාර්තාවක් හො නොමැතිව 2008.අප්‍රේල්.08 උමා ඔය මුල් ගල තබන විට අප එයට විරුද්ධ නොවිය. අප සිතුවේ එය තවත් අශ්චර්යේ එක් පිවිසුමක් ලෙසටම පමණි.

10. 2009.01.08 අත්තිඩියෙදී ජේශ්ඨ මාධ්‍යවේදී ලසන්ත ඝාතනය කරද්දී
2009.01.23 රිවිර කාතෘ උපාලි තෙන්නකොන් මහතාට පහර දෙද්දී
2009.06.01 මධ්‍යවේදි පොද්දල ජයන්ත නුගේගොඩ ඇබුල්දෙනියේදි පැහැර ගෙන යද්දි

2013.09.13 දින 33 වෙනි වතාවටත් උදයන් පුවත් කාර්‍යයාලයට පහර දෙද්දි

2010.03.22 සියත ගිනි තියද්දී අප සිදු කලේ දිනකට එක් වරක් පමණක් ඇසු ඔබගේ මහා රජාණනි ගිතය දිනකට දෙවරක් ඇසීමට පුරුදු පුහුණු විම පමණකි.

සටහන -Nilanga R Madugoda

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එකල රජ දවස සහ මෙකල රජ දවස...
එකල රජ දවස සහ මෙකල රජ දවස...
http://ift.tt/2vxPNAm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_527.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_527.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy