දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජයකලා ගැන ලියූ මාධ්‍යවේදියාට මරණ තර්ජන
Homeප්‍රවෘත්ති

විජයකලා ගැන ලියූ මාධ්‍යවේදියාට මරණ තර්ජන

PropellerAds

පසුගිය වසරේ (2016) දෙසැම්බර් 28 වනදා කොටිනායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වීරත්වය පිළිබඳව වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසින්...

රාජපක්ෂ ජ්‍යෙෂ්ඨයෝ මහ මැතිවරණයට නෑ; නාමලුත් ජාතික ලයිස්තුවට
දුන් පොරොන්දු ඉටු කරන්නේ මැතිවරණය දිනා ඇමතිලා පත් කලාට පසුයි..
තාත්තලා එහෙමයි… දුවට බැටන් එක දී කිරිඇල්ල රේස් එකෙන් නවතින්න සූදානම්!
විජයකලා ගැන ලියූ මාධ්‍යවේදියාට මරණ තර්ජන

පසුගිය වසරේ (2016) දෙසැම්බර් 28 වනදා කොටිනායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වීරත්වය පිළිබඳව වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසින් සිදු කළ ප්‍රකාශය මාධ්‍යට වාර්තා කළ කිලිනොච්චියේ මාධ්‍යවේදීයකුට කිසියම් පුද්ගලයෙකු විසින් මරණ තර්ජනය කළ බව කියමින් එම මාධ්‍යවේදියා කිලිනොච්චිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙලෙස තර්ජනය කර ඇත්තේ කිලිනොච්චිය නිදහස් මාධ්‍යවේදී එස්.එන්.නිබෝජන්ට වන අතර ඔහු මේ සම්බන්ධයෙන් 31 දා කිලිනොච්චිය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

මේ පිළිබඳව එස්.එන්.නිබෝජන්ගෙන් විමසූ විට අදාල දුරකතන ඇමතුම ලබා දුන් අයුරු පිළිබඳව කියා සිටියේ

‘පිටරට අංකයකින් කතාකරේ ප්‍රයිවට් නම්බර් කියල වැටුනේ ඒක සැටලයිට් කෝල් එකක් මම හලෝ කිව්වහම එකපාරටම කියාගෙන ගියේ මේ කතාකරන්නේ කව්රු වුනත් උඹට වැඩක් නැහැ උඹ අපෙ අක්ක ගැන දාල තියෙන නිවුස් එක වැරදියි අපේ අක්කට මොනවා හරි වුණොත් උඹව නිකන් අතඅරින්නේ නැහැ බොම්බයක් ගහනව මම උඹට අක්කගේ කතාව වෙනස් කර උඹ වාර්තා කර තියෙනව සමහර වේලාවට අක්කා වැරදි අදහසින් දෙයක් කියුවත් ලියන මාධ්‍යවේදියා දැනගන්න ඕනෑ ඒක වෙනස් කරලා හරිගස්සලා ලියන්න. මේ නිවුස් එක නිසා අක්කාට බරපතල ලෙස තර්ජනයක් එල්ල වෙලා තියෙනවා මේ නිසා අක්කට මොකක් හරි අනතුරක් වුණා නම් මම ක්ලිප් චාර්ජ් (බෝම්බ තැබීමට) කරන්න දෙපාරක් හිතන්නැහැ මම හැම ආයුධයක්ම පාවිච්චි කරන්න හොදින් දන්නව ඒකට මට ගොඩක් අය ඉන්නවා අනික මමත් පුහුණු වෙච්ච කළු කොටි කොටි සාමාජිකයෙක් ගමම පැහැරගෙන ගිහින් මරන්නත් දන්නවා අතුරුදන් කරන්නත් දන්නවා.’ යනුවෙනි.

එවිට නිබෝජන් මහතා කියා ඇත්තේ මම වාර්ථා කර ඇත්තේ ඇමිතිනි පැවසු දෙය කිසිම වැරද්දක් කර නැහැ මම සත්‍ය වාර්ථා කර ඇති බවටත් පුලුවන් දෙයක් ඇත්නම් කරන්න යනුවෙනි.

ලෝකයේ නායකයින් අතරින් වීරත්වයෙන් හා පෞර්ෂත්වයෙන් පරිපූර්ණ එකම නායකයා කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බවත් මොහුට සමකළ හැකි නායකයකු මෙතෙක් හමුවී නැති බවත් අප සැවොමගේම අවාසනාවකට ඔහු ජීවතුන් අතර නොමැති බවත් ඔහු අද සිටියේ නම් ඔහු මෙරට අගමැති වුවද වන්නට ඉඩ තිබූ බවත් විජයකලා මහේෂ්වරන් මහත්මිය 28 දා කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදී කියා සිටියාය.

මෙම සිද්ධිය මුල්කරගනිමින් මෙම තර්ජනය සිදුකර ඇති අතර අදාළ තර්ජකයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම විදේශයක සිට මෙම ඇමතුම ගෙන ඇති ඒ පිළිබඳව කිලිනොච්චිය පොලීසිය පරික්ෂණ සිදු කරයි.

- වන්නි රොමේෂ් -

මාධ්‍යවේදී එස්.එන්.නිබෝජන්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජයකලා ගැන ලියූ මාධ්‍යවේදියාට මරණ තර්ජන
විජයකලා ගැන ලියූ මාධ්‍යවේදියාට මරණ තර්ජන
http://ift.tt/2hMb6sx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_33.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_33.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy