මේ අතර වෙසක් උත්සවයකට ප්‍රංශයට ගිය අවස්ථාවකදී නවාතැන් ගත් හෝටලයේ එක රාත්‍රියක් සඳහා ලක්ෂ 30ක් වියදම් කර ඇති බවත් අසත්‍යයක් නොවන බවයි...
මේ අතර වෙසක් උත්සවයකට ප්‍රංශයට ගිය අවස්ථාවකදී නවාතැන් ගත් හෝටලයේ එක රාත්‍රියක් සඳහා ලක්ෂ 30ක් වියදම් කර ඇති බවත් අසත්‍යයක් නොවන බවයි දිසානායක මහතා කියා සිටියේ.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ආර්ථික කවුන්සිලයක් පිහිටු වීමේ අවශ්‍යතාව ගැන ජනාධිපතිවරයා ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ බවයි. පසුගිය වසර දෙකහමාර තුළ ඇතැම් අවස්ථාවන්හිදී ආර්ථික තීරණ ගැනීම සඳහා තමන් මැදිහත් නොවූ අතර ඇතැම් අවස්ථාවන්හිදී එම තීරණ වෙනස් කිරීමට සිදු වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි ලක්ෂ්මන් යාපා මහතා කියා සිටියේ. එම වෙනස් වීම හමුවේ ව්‍යාපාරිකයන්ට අනාරක්ෂිත බවක් ඇති වන බවත් එම තත්ත්වය වළක්වමින් ඉතිරි වසර දෙක තුළ නිවැරදි ආර්ථික තීරණ සාමුහිකව ගැනීම සඳහා ආර්ථික කවුන්සිලය පිහිටුවන බව ජනාධිපතිවරයා පැහැදිලි කළ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS