කැබිනට මණ්ඩලයේ සාමුහික වගකීම නොසලකා හරිම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් එය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගන්නා ලද තීරණයක් ලෙස ජනාධිපතිවරයාව ද...
කැබිනට මණ්ඩලයේ සාමුහික වගකීම නොසලකා හරිම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් එය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගන්නා ලද තීරණයක් ලෙස ජනාධිපතිවරයාව දැනුවත් කළ බවයි කබීර් හෂීම් මහතා සඳහන් කළේ.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (22)සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවති අගමැතිවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් දෙමාපිය සරණක් නොමැති දරුවන් 100 දෙනෙකුට පොත් කට්ටල ලබා දීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කැබිනට් අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමක් මිස එය පක්ෂයෙන් ඉවත් කිරීමක් නොවන බවද කබීර් හෂීම් මහතා කියා සිටියේය. මේ අතර කැබිනට මණ්ඩලයෙන් විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ හොත් ඉදිරි පියවර කුමක් දැයි මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ තීරණය මත ඒ පිළිබඳ ඉදිරියේදී දැනුවත් කරන බවයි.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS