සිංහල කාව්‍යය විචාරය තුළ නව මාවතක් විවර කරගැනීමේ අරමුණින් සහ නූතනම සිංහල කවිය ඔස්සේ බුද්ධිමය සමාජ කථිකාවතක් ගොඩනැගීමේ අරමුණින් සන්ථව ප...
සිංහල කාව්‍යය විචාරය තුළ නව මාවතක් විවර කරගැනීමේ අරමුණින් සහ නූතනම සිංහල කවිය ඔස්සේ බුද්ධිමය සමාජ කථිකාවතක් ගොඩනැගීමේ අරමුණින් සන්ථව ප්‍රකාශන ආයතනය මෙය සංවිධානය කර තිබේ.
මෙහිදී තෝරාගත් ප්‍රශස්ත මට්ටමේ විචාර 10ක් උදෙසා සහතික පත්‍ර පිරිනැමේ.
විශිෂ්ඨතම විචාරය සඳහා ‘සන්ථව කාව්‍යය විචාර සම්මානය ‘පිරිනමනු ලබයි.
මෙහිදී ප්‍රධාන දේශනය ‘නව කවියෙහි කවිතාව සහ සාරාර්ථය‘ යන මැයෙන් පවත්වනු ලබන්නේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා ය.
ජයග්‍රාහී විචාරයන්ද ඇතුළුව මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් ලියන ලද ‘ 2016 නූතනම සිංහල කවිය පිළිබඳ වින්දනාලෝචනය‘ කෘතිය ජනගත කිරීම ද සිදු වේ.
උත්සව මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ සඳුන් ප්‍රියංකර විතානගේ ය.
මෙම අවස්ථාවට සහභාගී වන මෙන් සංවිධායක මණ්පඩය සාහිත්‍යය ලැදි සියළු දෙනාගෙන් ඉල්ලා සිටී.
COMMENTS